රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද (24) පත්විය. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ පත්කිරීම සිදු කෙරිණි.
සභාපතිධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ නම ගරු ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරන ලදී.
කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රට දැවැන්ත මූල්‍ය අර්බුදයෙන් නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමේ අභියෝගය ජය ගැනීම සඳහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවයි. එසේම කාරක සභාවේ ඉදිරි කටයුතු ඉතා අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටුකිරීමට අපේක්ෂා කරන බවත් නොබියව නිවැරදි තීන්දු තීරණ ගෙන ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට කිසිසේත්ම පසුබට නොවන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
The post රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාට… appeared first on PFP News.