13 කොටස
රක්ෂණ සමාගම් වෙතින් ලබාගත් ලේඛන
X11-1A අග්රවිනිහ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩානායක මහත්මිය විසින් ලබාගත් නිවාස හිමිකාර රක්ෂණ ඔප්පුව පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් සෙලින්කෝ ඉන්සුවරන්ස් පී. එල්. සී. හි සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) අජිත් පෙරේරා මහතා විසින් එවන ලද 2012.12.06 දිනැති ලිපිය
X11-1B අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් ලබාගත් නිවාස හිමිකාර රක්ෂණ ඔප්පුවේ සහතික කළ පිටපත සහ එකී උපලේකණය සහ ලදුපත
X11-2A අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බන්ඩාරනායක මහත්මිය, ඇගේ සැමියා හො ්පුත්රයා වෙත කිසිදු රක්ෂණ ඔප්පුවක් නිකුත් කර නොමැති බව ප්‍රකාශ කරමින් සී/ස. අලයන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකා (ජීවිත රක්ෂණ) චන්දන සී. දිමිගල්පිටිය මහතා විසින් එවන ලද 2012.12.07 දිනැති ලිපිය.
X11-3A එස්. එන්. ජේ. බී. කාරියවසම් මහතා නමින් (වාහන අංක උච ණභ 7925) නිකුත් කරන ලද රක්ෂණ ඔප්පුවේ පිටපත් ඉදිරිපත් කරමින් සී/ස. කොන්ටිනෙන්ටල් ඉන්සුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජෙරී ගුණදාස මහතා විසින් එවන ලද 2012.12.07 දිනැති ලිපිය.
අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙත යවන ලද ලිපි
B-1
■ දෝෂාභියෝග යෝජනාවේ පිටපතක් යොමු කරමින්ද
■ අදාළ ස්ථාවර නියෝගවල පිටපත් යොමු කරමින්ද
■ ඇය ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ පෞද්ගගලිකව මද නැතහොත් නීතිඥවරයකු මගින්ද යන්න දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමින්ද
■ 2012.11.22 වැනි දිනට පෙර විත්ති වාචකය පිළිබඳ ලිඛිත ප්‍රකාශයක් භාරදෙන ලෙස ඉල්ලා සිටිමින්ද
■ 2012.11.23 වැනි දින කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස ඉල්ලා සිටිමින් ද අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙත පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් යවන ලද 2012.11.14 දිනැති ලිපිය.
B-2
■ කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට අපේක්ෂා කරන්නේ පෞද්ගලිකවමද නැතහොත් නීතිඥවරයකු මගින්ද යන්න අග්‍රවිනිශ්චකාරවරිය විසින්ම කාරක සභාව වෙත දැනුම් දිය යුතු බව දැනුම් දෙමින් ද
■ 2012.11.23 වැනි දින ඇය විසින් කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු බව දැනුම් දෙමින්ද
■ නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් එවන ලද ලිපිය පිළිගත නොහැකි බව දැනුම් දෙමින්ද
අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩානායක මහත්මිය වෙත පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් යවන ලද 2012.11.17 දිනැති ලිපිය.
B-3
තමා විසින් 2012.11.23 වැනි දින කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු බව සහ ඉල්ලීම් කිසිවක් තිබේ නම් ඒවා ඉදිරිපත් කළ යුතු බව දැනුම් දෙමින්
■ අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩානායක මහත්මිය වෙත පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් 2012.11.19 දිනැති ලිපිය.
B-4
■ අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාරය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් 2012.11.20 වැනි දින එවන ලද ලිපිය ලැබුණු බව දැනුම් දෙමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් 2012.11.21 වන දින ඇය වෙත යවන ලද ලිපිය.
B-5
■ 2012.11.30 දින හෝ ඊට පෙර විත්ති වාචකයෙහි ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් සහ
■ 2012.12.04 වැනි දින කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් අග්‍රවිනිශ්චයාකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙත යවන ලද 2012.11.26 දිනැති ලිපිය.
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් හෝ අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මිය වෙතින් ලැබුණු ලිපි / ඉදිරිපත් කරන ලද විත්තිවාචකයේ ලිඛිත ප්‍රකාශන
C-1
■ සති 6ක කාලයක් ඉල්ලා සිටිමින්ද,
■ සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ව පත්ක ඇති බව දැනුම් දෙමින්ද,
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරු සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් විසින් එවන ලද 2012.11.15 දිනැති ලිපිය.
C-2
■ තමා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීලකන්දන් සහ නිලකන්දන් නීතිඥ සමාගමට නියම ආකාරයට බලය ලබාදී ඇති බව සහ
■ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වශයෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා රඳවාගෙන ඇති බවත්,
දැනුම් දෙමින් අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් එවන ලද 2012.11.17 දිනැති ලිපිය.
C-3
■ නීතිඥවරුන්ගේ නම් හා ජාතික හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරු සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් විසින් එවන ලද 2012.11.20 දිනැති ලිපිය.
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් හෝ අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මිය වෙතින් ලැබුණු ලිපි / ඉදිරිපත් කරන ලද විත්තිවාචකයේ ලිඛිත ප්‍රකාශන
C-4
■ නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරු සහ ප්‍රසිද්ද නොතාරිස්වරුන් විසින් එවන ලද 2012.11.20 දිනැති විත්තිවාචකයේ ලිඛිත ප්රකාශනය.
C-5
■ අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් එවන ලද 2012.11.20 දිනැති විත්ති වාචකයේ ලිඛිත ප්රකාශනය
C-6
■ එල්ල කර ඇති සියලුම චෝදනා සිය සේවාදායකයා විසින් ප්‍රතික්ෂේප කරන බව දැනුම් දෙමින්ද,
■ සති 5ක කාලයක් ඉල්ලා සිටිමින් ද,
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥවරු සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් විසින් එවන ලද 2012.11.29 දිනැති ලිපිය.
ඉහත ලිපිවල පිටපත් නීතිඥවරුන් හට ඉදිරිපත් කරන ලදී.
අගවිනිසුරුවරිය වෙතින් ලැබුණු ලේඛන ලයිස්තුව ලේකම්වරයා විසින් කියවන ලද අතර, එකී ලේඛන පහත සඳහන් පරිදි සලකුණු කර ඇත.
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් එවන ලද 2012.11.15 දිනැති ලිපිය – 01
ගරු අග්රවිනිශ්චයකාරවරිය විසින් එවන ලද 2012.11.17 දිනැති ලිපිය – 02
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් එවන ලද 2012.11.20 දිනැති ලිපිය – 03
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් එවන ලද 2012.11.20 දිනැති විත්තිවාචකයේ ප්‍රකාශය – 04
ගරු අග්රවිනිශ්චයකාරවරිය විසින් එවන ලද 2012.11.20 දිනැති විත්ති වාචකයේ ප්‍රකාශය – 05
නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් එවන ලද 2012.11.29 දිනැති ලිපිය (විත්ති වාචකයේ ප්‍රකාශයට අතිරේක වශයෙන්) – 06
ඉහත සඳහන් කළ ලිපිවල පිටපත් නීතිඥවරුන් වෙත ඉදිරිපත් කරන ලදී.
- අදාළ ලිපි ලේඛන අධ්‍යයනය කර ඔවුන්ගේ විත්තිවාචකයේ ප්‍රකාශ භාරදීම සඳහා කාලය දීර්ඝ කර දෙන ලෙස ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් කාරක සභාවෙන් ඉල්ලා සිටින ලදී.
කාරක සභාව මිනිත්තු 10කට කල් තබා කාරක සභාවේ සාමාජිකයින් විසින් ඉහත සඳහන් කාලය දීර්ග කිරීමේ කාරණය පිළිබඳව සාකච්ඡා කර කාරක සභාවේ තීරණය නීතිඥවරුන්හට දැනුම්දීම සුදුසු බවට ගරු විජිත හේරත් මහතා විසින් යෝජනා කරන ලදී.
මෙම යෝජනාවට කාරක සභාව එකඟ වන ලදී.
(අ.භා. 5.10ට කාරක සභාවේ කටයුතු අත්හිටුවා අ.භා. 5.40ට යළි ආරම්භ කරන ලදී.) - රැස්වීම 2012 නොවැම්බර් මස 07 වන දින අපරභාග 1.30 දක්වා කල් තැබීමටත් 01 වැනි හා 02 වැනි චෝදනා මෙම රැස්වීමේදී විමර්ශනය කිරීමටත් කාරක සභාව විසින් තීරණය කරන ලද බව සභාපතිවරයා විසින් නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී.
- තමන්ගේ විත්ති වාචකය සකස් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදී නොමැති බවත්. කාරක සභාවේ කටයුතුවලදී අනුගමනය කරනු ලබන ක්‍රියා පටිපාටිය පිළිබඳව තමන්ට දැනුම් දී නොමැති බවත්, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සඳහන් කරන ලදී. මෙවන් වාතාවාරණයක් යටතේ කාරක සභාවේ කටයුතු සඳහා තවදුරටත් සහභාගි නොවී ඉවත්ව යාමට තමන් තීරණය කර ඇත බවද ඔවුන් විසින් සඳහන් කරන ලදී.
අග්‍රවිනිශ්චයකාර ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇයගේ නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා සහ අනෙකුත් නීතිඥවරුන් ද සමග ඉවත්ව ගියහ. - කාරක සභාවේ මීළඟ රැස්වීම 2012 දෙසැම්බර් මස 07 වන සිකුරාදා අපරභාග 1.30ට පැවැත්වීමට කාරක ෂභාව විසින් තීරණය කන ලදී.
(රැස්වීම අ.භා. 5.50ට 2012 දෙසැම්බර් මස 7 වන සිකුරාදා අපරභාග 1.30 දක්වා කල් තබන ලදී.)
2012 දෙසැම්බර් මස 07 වැනි සිකුරාදා
පැමිණ සිටි අය
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
ගරු ඩිලාන් පෙරේරා මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු නියෝමාල් පෙරේරා මහතා
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු රාජවරොදියම් සම්බන්දන් මහතා
පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්, ධම්මික දසනායක මහතා,
කේ. ඒ. රෝහණධීර මහත්මිය, සහකාර මහ ලේකම්තුමිය - කල් තැබීමෙන් අනතුරුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා රැස්වීමේ මුලසුන ගත්තේය.
- 2012 දෙසැම්බර් මස 05 වැනි දින පැවති රැස්වීමේ කාර්ය සටහන් කියවන ලදී.
කාර්ය සටහන්හි අංක 3 වෙත අවධානය යොමු කල ගරු විජිත හේරත් මහතා පහත සඳහන් ප්‍රකාශය තමා විසින් ද සිදු කළත් එය කාර්ය සටහන්වල ඇතුළත්ව නොමැති බව පැවසීය.
“කාරක සභාවේ පළමු රැස්වීම අවසානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ගරු එස්. බී. දිසානායක මහතා විසින් මෙම විශේස කාරක සභාවේ රැස්වීමේ කටයුතු පිළිබඳ ප්‍රකාශ කර ඇත.”
අදාළ පරිදි කාර්ය සටහන් සංශෝධනය කරන ලෙස සභාපතිතුමා විසින් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින ලදී.
සංශෝධනය වූ කාර්ය සටහන් අනුමත කරන ලදී. - 2012 දෙසැම්බර් මස 06 වැනි දින පැවති රැස්වීමේ කාර්ය සටහන් කාරක සභා සාමාජිකයන්ට ඉදිරිපත් කරන අවස්ථාවේදී පසුව සලකා බැලිය හැකි බව පැවසූ සභාපතිතුමා එතෙක් දිනට නියමිත කටයුතු වෙත යොමුවිය යුතු බවත් පැවසීය.
මෙම ක්‍රියා පිළිවෙතට විරෝධය පළකර සිටි ගරු විජිත හේරත් සහ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු තම විරෝධතා වාර්තා කරන ලෙස ඉල්ලා සිටියේය. - ලිඛිත කරුනු දැක්වීමක් සභාගත කරමින් තම අදහස් ප්‍රකාශ කළ ගැන ජෝන් අමරතුංග මහතා, කාරක සභාව විසින් විමසා බලා නොමැති වැදගත් කරුනු කිහිපයක් විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරු 4 දෙනෙක් විසින් මතුකර ඇති බව පැවසීය.
(එම කරුණු දැක්වීමේ සම්පූර්ණ පිටපත මෙම වාර්තාවට අමුණා ඇත)
එලෙස ඉදිරිපත් කර ඇති යෝජනාවලට මෙම කාරක සභාව එකඟ නොවන්නේ නම් කාරක සභාවෙන් ඉවත්වීමට ඔවුන්ට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කාරක සභාවට දැන්වීය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙස සභාපතිතුමාගෙන් ඉල්ලා සිටි ගරු ජෝන් අමරතුංග මහතා කාලය දීර්ඝ කිරීමක් ලබා දෙන්නේද යන්නත් කාරක සභාව ඉදිරියට නැවතත් අගවිනිසුරුවරිය කැඳවන්නේද යන්නත් විමසා සිටියේය.
නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස්වරුන් නීලකන්දන් සහ නීලකන්දන් යන අය විසින් ගරු කාතානායකතුමා වෙත එවන ලද ලිපියට අනුව අගවිනිසුරුවරිය මෙම ාකරක සභාව ඉදිරියේ යළි පෙනී නොසිටින බවත් ඉතා පැහැදිලි බව සභාපතිතුමා ප්‍රකාශ කළේය.
(ප්‍රසිද්ධ නොතාරිස් සහ නීතිඥවරුන් වන නීලකන්දන් සහ නීලකන්දන් විසින් එවා ඇති ලිපිය මෙම වාර්තාවට අමුණා ඇත) - පක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්තුතය සම්බන්ධයෙන් තමා ලිඛිත කරුණු දැක්වීමක් තමා සභාගත කරන බව ගරු විජිත හේරත් මහතා පැවසීය.
- ගරු ජෝන් අමරතුංග, ගරු විජිත හේරත් සහ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල සහ ගරු රාජවරෝදියම් සම්බන්දන් යන මහත්වරු කාරක සභාවෙන් ඉවත්ව ගියහ.
- චෝදනා අංක 1 සහ 2 මුලින්ම සැලකිල්ලට භාජනය කරන බව කාරක සභාවේ සාමාජිකයින් 11 දෙනාම 2012 නොවැම්බර් මස 06 වැනි දින තීරණය කරන ලද බව ගරු ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
- කාරක සභාව වෙත ලැබී ඇති අමතර ලිපි ලේඛන ලැයිස්තුවක් කාරක සභාවේ ලේකම්වරයා විසින් කියවන ලදුව ඒවා පහත සඳහන් පරිදි අංකගත කරන ලදී.
X2-4(1) 2012.12.04 දිනැති ලංකා බැංකු ප්‍රකාශන ලිපිය
X2-4(2) ගිණුම් අංක 406297 හි බැංකු ගිණුම් ප්‍රකාශන
X2-4(3) ගිණුම් අංක 499886 හි බැංකු ගිණුම් ප්‍රකාශන
X2-4(4) 2012.12.06 දිනැති ලංකා බැංකු ලිපිය
X2-4(5) ස්ක්‍රීන් ප්‍රයිම් පින්ටස්හි ණය කාඩ්පත්
X2-4(6) අංක 4835572999998244 දරණ ණය කාඩ්පතේ මාසික ගිණුම් ප්රකාශනය
X2-4(7) අංක 45444294000003834 දරණ ණය කාඩ්පතේ මාසික ගිණුම් ප්රකාශනය
X2-4(8) 2012.12.06 දිනැති ලංකා බැංකුවේ අනේවාසික මුදල් අංශයේ ලිපිය
X2-4(9) ගරු අගවිනිසුරුතුමියගේ අනේවාසික විදේශ මුදල් ගිණුම්වල ගිණුම් සාරාංශ ප්‍රකාශය
X3-5 ඉඩම් රෙජිස්ට්‍රාර් පී. ඒ. එල්. ඩී. ගනේපොල මහත්මිය විසින් එවනු ලැබූ 2012.12.07 දිනැති ලිපිය
X3-6 කේ. බී. අරෝෂ් පෙරේරාගේ 2011 නොතාරිස් ප්රකාශනය
X3-7 ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂ් පෙරේරාගේ 2012 නොතාරිස් ප්රකාශනය
X3-8 ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂ් පෙරේරාගේ 2012 නොතාරිස් ප්රකාශනය
X8-2 දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර මහත්මිය විසින් එවන ලද ලැබූ 2012.12.06 දිනැති ලිපිය
X8-3 පී. ජී. එස්. කාරියවසම් මහතාගේ 2007/2008 බදු ලිපි ගොනුවේ සහතික කරන ලද පිටපත්.
X8-4 පී. ජී. එස්. කාරියවසම් මහතාගේ 2008/2009 බදු ලිපි ගොනුවේ සහතික කරන ලද පිටපත්.
X8-5 පී. ජී. එස්. කාරියවසම් මහතාගේ 2009/2010 බදු ලිපි ගොනුවේ සහතික කරන ලද පිටපත්.
X8-6 පී. ජී. එස්. කාරියවසම් මහතාගේ 2010/2011 බදු ලිපි ගොනුවේ සහතික කරන ලද පිටපත්.
X11-1 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් ලැබුණු ලිපිය.
C7 නීලකන්දන් සහ නීලකන්දන් විසින් එවා තිබූ 2012.12.07 දිනැති ලිපිය.
F1 පාර්ලිමේන්තුවෙන් ආචාර්ය ශිරානි බන්ඩාරනායක වෙත යැවූ ලිපි.
F2 පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් අග්‍රවිනිශ්චයාකාර වෙත යැවූ 2012.11.17 දිනැති ලිපිය.
F3 පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් අග්‍රවිනිශ්චයාකාර වෙත යැවූ 2012.11.19 දිනැති ලිපිය.
F4 පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් අග්‍රවිනිශ්චයාකාර වෙත යැවූ 2012.11.21 දිනැති ලිපිය.
F5 පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් අග්‍රවිනිශ්චයාකාර වෙත යැවූ 2012.11.26 දිනැති ලිපිය.
X11-1A රක්ෂණ සමාගමකින් ලැබුනු ලියකියවිලි, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සාමාන්‍යාධිකාරි අජිත් පෙරේරා මහතා විසින් එවනු ලැබූ 2012.12.06 දිනැති ලිපියක්.
X11-1B අගවිනිසුරු විසින් ලබාගත් නිවැසියන්ගේ රක්ෂණ ඔප්පුවේ සහතික කළ පිටපතක්.
X11-2A එලියන්ස් ලයිෆ් ඉන්සුවරන්ස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු චන්දන දිවිගල්පිටිය මහතා විසින් එවනු ලැබූ 2012.12.07 දිනැති ලිපිය.
X11-3A කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජෙරී ගුණදාස මහතාගෙන් 2012.12.07 දිනැති ලිපිය.
X5-3 එස්සීඑෆ්ආර් (ශ්රේ.මු.අ.) 262/2009 අයදුම්පත (2010.05.06 දිනැති ජර්නල් සටහන)
X5-4 එස්සීඑෆ්ආර් (ශ්රේ.මු.අ.) 191/2009 අයදුම්පත (2011.06.26 දිනැති ජර්නල් සටහන)
කාරක සභාවේ කටයුතු අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ීක් 262රැ2009 ඞ5 – 3 වශයෙන් ලකුනු කරන ලදී. - සාක්ෂි දීම සඳහා පහත සඳහන් සාක්ෂිකරුවන් කැඳවන ලදී.
(i) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ශිරානි තිලකර්ධන මහත්මිය
(ii) ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහයතා
(iii) ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා
(iv) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් අමිතා චන්ද්‍රසේකර මිය
(v) සී/ස ටි්රලියම් රෙසිඩන්සිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජනක රත්නායක මහතා
(vi) ප්‍රසිද්ධ නොතාරිස් අරොෂි පෙරේරා මිය
(vii) ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ද මෙල් මහතා
(viii) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
(ix) සී/ස ටි්රලියම් රෙසිඩන්සි සමාගමේ නීති අධ්යක්ෂ ප්‍රසිද්ධ නොතාරිස් ඩී. කේ. අබේගුණවර්ධන මහත්මිය
(x) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් මල්ලිකා අමරසේකර මහත්මිය සහ දේශීය 11. ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (බදු ප්‍රතිපත්ති) දීපානි හේරත් මහත්මිය
(xi) ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි එච්. එම්. හෙන්නායක බණ්ඩාර මහතා
(xii) මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ. බී. රාජපක්ෂ මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්. ඒ. බී. සිල්වා මහතා
(xiii) ලංකා බැංකුවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඩී. එම්. ගුණසේකර මහතා
(xiv) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා
(xv) රිවිර ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ සිසිර පරණතන්ත්‍රී මහතා
(xvi) අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා - කාරක සභාවේ මීළඟ රැස්වීම 2012 දෙසැම්බර් මස 08 වැනි සෙනසුරාදා දින පූර්වභාග 8.30ට පැවැත්වීමට කාරක සභාව විසින් තීරණය කරන ලදී.
(රැස්වීම අ.භා. 8.50ට 2012 දෙසැම්බර් මස 8 වන සෙනසුරාදා පූර්වභාග 8.30 දක්වා කල් තබන ලදී.)
2012 දෙසැම්බර් මස 08 වැනි සෙනසුරාදා
පැමිණ සිටි අය
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
ගරු ඩිලාන් පෙරේරා මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු නියෝමාල් පෙරේරා මහතා
පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්, ධම්මික දසනායක මහතා,
කේ. ඒ. රෝහණධීර මහත්මිය, සහකාර මහ ලේකම් - කල් තැබීමෙන් අනතුරුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා රැස්විමේ මුලසුන ගත්තේය.
- ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කාරක සභාවේ තීරණය පිළිබඳ සාරාංශය දක්වා සිටින ලදී.
- කාරක සභාව මේ දක්වා රැස්වීම් කිහිපයක් පවත්වා ඇති බවත් 2012 නොවැම්බර් මස 06 වැනි දින න්‍යාය පත්‍රයෙහි දක්වා ඇති යෝජනාවේ සඳහන් චෝදනා අංක 1-5 දක්වා පරීක්ෂා කිරීම අවසන් කළ බවත් සභාපතිවරයා විසින් පවසන ලදී. කාලය සීමාවීම නිසා චෝදනා අංක 6 සිට 14 දක්වා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු නොකිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
- වාචික සාක්ෂි ලබාදීම සඳහා කාරක සභාව ඉදිරියට කැඳවා තිබූ සාක්ෂිකරුවන් විසින් ලබාදෙන ලද සාක්ෂි සහ කාරක සභාව හමුවේ තබන ලද කරුණු මත පදනම්ව කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කෙටුම්පත් වාර්තාව සකස් කොට ඇති බව සභාපතිවරයා තවදුරටත් පවසන ලදී.
- සභාපතිවරයා විසින් ලබාදෙන ලද කෙටුම්පත් වාර්තාව සලකා බැලූ කාරක සභාව එයට එකඟත්වය පළ කරන ලදී.
- කාරක සභාව වෙත ලබාදෙන ලද සහයෝගය වෙනුවෙන් සභාපතිවරයා විසින් කාරක සභාවේ සියලුම සාමාජිකයන්හට හා නිලධාරින්ට ස්තූතිය පළ කරන ලදී.
(කාරක සභාව අ.භා. 8.50ට කල් තබන ලදී,)
පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි