උතුරේ ත්‍රස්තවාදය නැමැති අවජාතක දරුවා බිහිවුණේ පල්ලිය හා ප්රභාකරන්ගේ සුසංයෝගය තුළින් බව විශ්වාස කිරීම කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයට පහර ගැසීමක් නොවෙයි.
උතුරේ ත්‍රස්තවාදය බිහි වුණේ ශ්‍රී ලංකාවේ භූ- දේශපාලන සාධක මත පදනම් වූ ඓතිහාසික තත්ත්වයන් හා සබැඳුන බෞද්ධ-හින්දු විරෝධී ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙසින්.
එය එසේ නොවන බව කියන්නට කාදිනල්ට තබා පාප්වහන්සේටවත්
බැරි බව අප දන්නා නිසයි අප නිර්භයවම ඒ අභියෝගය ඉදිරිපත් කරන්නේ. එපමණක් නොවෙයි එය ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ප්‍රමාණයක් අප ළඟ තිබෙනවා.
උතුරේ ත්රස්තවාදයේ මෙන්ම 71දී ආරම්භ කළ දකුණේ ත්රස්තවාදයේත් “ජීව විද්‍යාත්මක පියා” කොළඹ රදගුරු සම්මේලනයයි.
NPP වෙස් මුහුණ බැඳගෙන JVP අද උපාසකයින් ලෙස ජනතාව හමුවට පැමිණ ශ්‍රී ලංකාව සුරපුරක් කිරීමට දිවි හිමියෙන් වැඩ කරන බව පැවසුවත් අතීතයේදී ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලේබල් වලට පමණක් සීමා නොවන බව ජනතාව සිහි බුද්ධියෙන් වටහා ගත යුතුයි.
“කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි” කියන උපක්‍රමය භාවිතා කරමින් පාර්ලිමේන්තුව මාළි මාවෙන් පුරවමු කියා කියන්නේ ජනතාවට ආදරය නිසා නොව මෙතෙක් ක්‍රියාවට නංවා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව දෙකඩ නොව තුනකට හෝ කඩා සිංහල බෞද්ධ සංස්කෘතියේ මුල් සිඳ දැමීම, ඉන්පසු උතුරේත් දකුණේත් ක්‍රිස්තියානි රාජ්‍යයක් බිහි කිරීම
මොවුන්ගේ ඊනියා සටන්වල මුඛ්‍ය පරමාර්ථයයි.
ඊයේ දිනයේ පැවැති මැතිවරණ රැළියකදී
ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණයෙන්ම පවසා සිටියේ අලුත් දේශපාලන සංස්කෘතිය රටේද සංස්කෘතිය විය යුතු බවයි.
මෙය ඉතාමත් භයානක ප්‍රකාශයක්. මෙය තේරුම් ගැනීම සඳහා අපට ඉතිහාසයෙන් ගත හැකි හොඳම නිදසුන ලැබෙන්නේ හිට්ලර් නම්වූ වියරු ඒකාධිපතියාගේ භූමිකාව තුළින්.
බෞද්ධ ලාංඡනයක් වූ ස්වස්තිකයද වංචනික ලෙස සොරකම් කරගෙන, ශුද්ධ වූ ආර්ය ලෙයක් ගැන ජාත්‍යාලයෙන් කතා කරමින් “ජාතික සමාජවාදය” නව දේශපාලන සංස්කෘතිය ලෙස හිට්ලර් ජර්මන් ජනතාවට හඳුන්වා දුන් විට ඊට රැවටුණු මිළියන් ගණන් ජර්මන් ජනතාව අහස ගිගුම් දෙමින් ඔල්වරසන් දුන්නා.
නව දේශපාලන සංස්කෘතිය රටේ ද සංස්කෘතිය බවට පත් වෙනවා යයි වහසි බස් දෙඩූ හිට්ලර්ට මිය යන්නට සිද්ධ වුණේ පාදඩ සුනඛයෙකු මිය යන ආකාරයටයි.
වියරු ඒකාධිපතියාගේ සිහිනය සැබෑ කරන්නට අතහිත දෙන්න ගිය පිරිස් හා අහිංසක යුදෙව්වන්ද ඇතුළු මිලියන 40 ක පමණ පිරිසකට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා.
මුළු ලෝකයටම මුළු ඉතිහාසයටම මෙවැනි එක සිද්ධියක් හොඳටම සෑහෙන බව බුද්ධිමත් ජනතාවක් සිටින ශ්‍රී ලංකාවට නොහැකි ඇයි?
ඔව් අපට පුළුවන්. නමුත් මාළිමාව විසින් පෙන්වන වැරදි පාරේ ගොසින් නොවෙයි.
-තෙවැනි ඇස-
04.11.2024
මේ සටහන සාධාරණීයකරණය කළ හැකි හොඳම නිර්ණායකය jvp/npp බලයට පත් කිරීමට මූලිකත්වය දුන්නේ කාදිනල් ප්රමුඛ කතෝලික පල්ලිය වීමයි. උතුරේ ත්‍රස්තවාදය නැමැති අවජාතක දරුවා බිහිවුණේ පල්ලිය හා ප්රභාකරන්ගේ සුසංයෝගය තුළින් බව විශ්වාස කිරීම කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයට පහර ගැසීමක් නොවෙයි. උතුරේ ත්‍රස්තවාදය බිහි වුණේ ශ්‍රී ලංකාවේ භූ- දේශපාලන සාධක මත පදනම් වූ ඓතිහාසික තත්ත්වයන් හා සබැඳුන බෞද්ධ-හින්දු විරෝධී ජාත්‍යන්තර කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙසින්. එය එසේ නොවන බව කියන්නට කාදිනල්ට තබා පාප්වහන්සේටවත් බැරි බව අප දන්නා නිසයි අප නිර්භයවම ඒ අභියෝගය ඉදිරිපත් කරන්නේ. එපමණක් නොවෙයි එය ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ප්‍රමාණයක් අප ළඟ තිබෙනවා. උතුරේ ත්රස්තවාදයේ මෙන්ම 71දී ආරම්භ කළ දකුණේ ත්රස්තවාදයේත් “ජීව විද්‍යාත්මක පියා” කොළඹ රදගුරු සම්මේලනයයි. NPP වෙස් මුහුණ බැඳගෙන JVP අද උපාසකයින් ලෙස ජනතාව හමුවට පැමිණ ශ්‍රී ලංකාව සුරපුරක් කිරීමට දිවි හිමියෙන් වැඩ කරන බව පැවසුවත් අතීතයේදී ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලේබල් වලට පමණක් සීමා නොවන බව ජනතාව සිහි බුද්ධියෙන් වටහා ගත යුතුයි. “කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි” කියන උපක්‍රමය භාවිතා කරමින් පාර්ලිමේන්තුව මාළි මාවෙන් පුරවමු කියා කියන්නේ ජනතාවට ආදරය නිසා නොව මෙතෙක් ක්‍රියාවට නංවා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව දෙකඩ නොව තුනකට හෝ කඩා සිංහල බෞද්ධ සංස්කෘතියේ මුල් සිඳ දැමීම, ඉන්පසු උතුරේත් දකුණේත් ක්‍රිස්තියානි රාජ්‍යයක් බිහි කිරීම මොවුන්ගේ ඊනියා සටන්වල මුඛ්‍ය පරමාර්ථයයි. ඊයේ දිනයේ පැවැති මැතිවරණ රැළියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණයෙන්ම පවසා සිටියේ අලුත් දේශපාලන සංස්කෘතිය රටේද සංස්කෘතිය විය යුතු බවයි. මෙය ඉතාමත් භයානක ප්‍රකාශයක්. මෙය තේරුම් ගැනීම සඳහා අපට ඉතිහාසයෙන් ගත හැකි හොඳම නිදසුන ලැබෙන්නේ හිට්ලර් නම්වූ වියරු ඒකාධිපතියාගේ භූමිකාව තුළින්. බෞද්ධ ලාංඡනයක් වූ ස්වස්තිකයද වංචනික ලෙස සොරකම් කරගෙන, ශුද්ධ වූ ආර්ය ලෙයක් ගැන ජාත්‍යාලයෙන් කතා කරමින් “ජාතික සමාජවාදය” නව දේශපාලන සංස්කෘතිය ලෙස හිට්ලර් ජර්මන් ජනතාවට හඳුන්වා දුන් විට ඊට රැවටුණු මිළියන් ගණන් ජර්මන් ජනතාව අහස ගිගුම් දෙමින් ඔල්වරසන් දුන්නා. නව දේශපාලන සංස්කෘතිය රටේ ද සංස්කෘතිය බවට පත් වෙනවා යයි වහසි බස් දෙඩූ හිට්ලර්ට මිය යන්නට සිද්ධ වුණේ පාදඩ සුනඛයෙකු මිය යන ආකාරයටයි. වියරු ඒකාධිපතියාගේ සිහිනය සැබෑ කරන්නට අතහිත දෙන්න ගිය පිරිස් හා අහිංසක යුදෙව්වන්ද ඇතුළු මිලියන 40 ක පමණ පිරිසකට ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. මුළු ලෝකයටම මුළු ඉතිහාසයටම මෙවැනි එක සිද්ධියක් හොඳටම සෑහෙන බව බුද්ධිමත් ජනතාවක් සිටින ශ්‍රී ලංකාවට නොහැකි ඇයි? ඔව් අපට පුළුවන්. නමුත් මාළිමාව විසින් පෙන්වන වැරදි පාරේ ගොසින් නොවෙයි. -තෙවැනි ඇස- 04.11.2024