දැන් සිදු වන්නේ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාන්මක කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා ප්‍රතිපාදන ලබා දීමයි. එසේ තිබිය දී ඊට අමතරව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවෙන් 2024 වර්ෂයේ දී මුදල් වෙන්කර ඇති බව වාර්තා වුණා. ඒ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන්.
“2024 වර්ෂයේ විමධ්‍යගත අයවැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු මගින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාවලට අමතරව සමගි ජන බලවේගයේ තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙකුටද ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රතිපාදන නිදහස් කරන ලෙස උපදෙස් ලබා දී ඇත” යි මේ පිළිබඳව යොමුකළ සටහනක දැක්වා තිබුණා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව වෙන් කරනු ලබනු ප්‍රතිපාදන යටතේ සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවෙන් ජනාධිපතිවරයා මුදල් වෙන්කර දුන්නා. මැතිවරණයක් ආසන්නයේ තිබියදී මෙසේ සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා වෙත වෙන්කර දී ඇති මුදල රු. 50,200,000.00ක් බවයි පැවසුනේ.
මෙම මුදල් වෙන් කිරීමත් සමඟ ම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම යන දෙදෙනා විසින් සෘජුව තමන් වෙත ඉදිරිපත් කර තිබූ ව්‍යාපෘති සදහා මුදල් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබුණා.
කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම යන සජබ මන්ත්‍රීවරු විසින් ඉදිරිපත් කළ යෝජනා සදහා රුපියල් මිලියන පනහක් සහ හැටක් වශයෙන් මුදල් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බවයි කියන්නේ.
දැන් මෙම සජබ මන්ත්‍රීවරුන් ත්දෙනාට අමතරව පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන්ගේ යෝජනාවන් වෙනුවෙන් ද ජනාධිපතිවරයා විසින් මුදල් ලබා දී තිබෙනවා. ඊට රුපියල් 50,000,000.00ක් බවයි වාර්තා වන්නේ. හේවා ගජමන් පත්තිනිගේ කින්ස් කුමාර නෙල්සන් මන්ත්‍රීවරයා කලෙක එජාපයේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ පොලොන්නරුව නියෝජනය කළ එච්.ජී.පී. නෙල්සන්ගේ පුතෙක්. සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන්ගේ සොහොයුරියක වන සුජීවා නෙල්සන් විවාහ වී සිටින්නේ හිටපු හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සමඟ යි.
සජබ මන්ත්‍රී කින්ස් නෙල්සන්ව මීට පෙර ජනාධිපතිවරයා විසින් සිය විදේශ සංචාරයකටත් එක්කර ගනු ලැබුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සජබ මන්ත්‍රීවරු සිය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සිය පාර්ශවය වෙත දිනා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙන බව ඇතැම් අය වාර්තා කරනවා.