ලෝකයේ චිත්ත සන්තානයේ ස්මරනයන්හි සමාප්තියක් අපේක්ෂා කළ නොහැකිය. අතඹුලකසේ ස්මරන ධාරාවන් ඉන්දියාව ආශ්රිත ඓතිහාසික ඉස්ලාම් ආක්‍රමණ පසුකාලීනව අධිරාජ්‍යය බවට පත්විය. එම මානසිකත්වය ඉස්ලාම් භීතිකා ප්‍රචාර ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම ඉතා ලාභදායි කර්මාන්තයක් බවට පත්විය.
එහි දිගුව ලංකාවේ බෞද්ධ සමාජය බොරුව, මුලාව, හිංසනය, භිෂණය පදනම් කරගෙන මුස්ලිම් විරෝධය විවුර්තව සිදු කරති. පාස්කු ප්‍රහාර තත්වය තවත් උද්වේග කලද මධ්‍යකාලින ආසියාව අශ්‍රිතව ඉස්ලාම් ආගමේ ප්රභවය වසාදැමිය නොහැකිය.
තරඟකාරී සමාජ පද්ධතිය තුල සියල්ලක් ධනය, බලය, ලිංගිකත්වය, දේශපාලන පක්ෂ වලින් වැළලීමට භික්ෂු සමාජය ඉතිහාසයේ සිට උර දී තිබේ.
අදාල පක්ෂය ආණ්ඩු බලයට පත්වීමෙන් පසුව භෞතික යැපීම සලකා භික්ෂු සමාජයේ හැසිරීම හා භාවිතය තුලින් යථාර්තය පැහැදිලිය.
සරල දිවි පෙවෙතකට උරුම බුදු දහමේ හරය මුලධර්මය වන අල්පෙච්චතා ගුණය වර්තමාන භික්ෂුව හමුවේ නැත.
රාජ්‍යයේ පක්ෂපාතිත්වය මත භෞතික ආගමික දේපල වරදාන ලැබීම ආරම්භ වන්නේ අනුරාධපුර යුගයේ වළගම්බා රජ දවස සිටය.
එදා සිට ලංකාවේ බෞද්ධ භික්ෂුව ලෞකිකත්වයට නැඹුරු වුයේ දේශපාලන සාධක මතය.
පූර්ණ කාලීනව බෞද්ධ අධ්‍යාපනය සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැපවිය යුතු වර්ථමාන භික්ෂුව අද කැප වී සිටින්නේ වෙළඳ ව්‍යාපාර ගොඩනැගීම හා නඩත්තු කිරීම සඳහාය.
ලාංකික සමාජ සංස්කෘතියේ අගය මැන බැලීම සඳහා භික්ෂුන් වහන්සේලාගේ සමාජ භාවිතය හැසිරීම පුළුල් විමර්ශනයක් කිරීමේදී යථා තත්වය හෙළි වනු ඇත.
අදෘශ්‍යමාන දේශපාලනය සංවර්ධනය වන්නේ කපටි භික්ෂු සමාජයේ හැසිරීම හා භාවිතය නිසාය.
භික්ෂුව භික්ෂුවට එරෙහිවන සමාජ ප්රවණතා අද දක්නට ලැබේ. නායකත්වය හා නිකාය ප්‍රධානියා වීමට සුදුසුකම්ලත් භික්ෂුවට එරෙහිව සැළසුම් සහගත ලෙස හැසිරී තිබෙන ඉතිහාස වාර්තා ලංකාවේ කොතෙකුත් ඇත.
යථෝක්ථ අරමුණු ලාංකීය සමාජයට ඉටුවී තිබේද?
යහපත් ලාංකික සමාජ සංස්ථාවක් ප්‍රවර්ධනය නොවුයේ සංඝ සමාජය ගෞතම බුදුන් වහන්සේගේ අරමුණුවලට පටහැනි පරස්පර අරමුණු ඉටු කර ගැනීමට යාම නිසාය.
අධිරාජ්‍යවාදී යුගයේ සිට තනතුරුවලට හඹා යන හා විවිධ වරප්‍රසාද රාජ්‍ය පාලක පක්ෂ වලින් භික්ෂු සමාජය භුක්ති වින්ද නිසා නොවේද ?
බෞද්ධ භික්ෂුවකගේ පොදු අරමුණ විය යුත්තේ ලාංකික ප්‍රජාව තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මූලධර්මය කරගෙන අධ්‍යාපනය ලැබීමය, ඉගැන්වීමය, නායකත්වය ලබාදීමය.
අවාසනාවකට ඉතිහාසයේ සිටම සිදුවී ඇත්තේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් භික්ෂු සමාජය නඩු කීමය. ඒ භික්ෂූන් එකිනෙක අතර ඇති ආත්මාර්ථකාමී ගුණාංග නිසාය.
මීළඟ පියවර
අසාමාන්‍ය දුෂ්කර ග්‍රාමීය පුරවැසියන්ගේ කායික මනසික සදාචාරාත්මක බෞද්ධ ආත්ම ශක්තිය දියුණු කිරීම සඳහා ලාංකික භික්ෂුව ක්‍රියා කර තිබේද ?
ඉන්දීය ජාතික සටන් ව්‍යාපාරය අවිහිංසක ප්‍රතිපත්තිය දක්වා වේද, වෛදික යුගය නිර්මාණය කල ජෛන ආගමේ මෑත යුගයේ ප්‍රතිමුර්තිය මහත්මා ගාන්ධිද?
-සුමිත් කොඩිතුවක්කු –