ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අභිබවා ලාංකික සමාජයේ ආර්ථික දත්ත විවිධ අංශ වලින් නිකුත් වෙමින් තිබේ.
nnnnඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහ බැංකුව නිකුත් කරන ආර්ථික දත්ත ඇතැම් වාර්තා විශ්වාසනීයත්වයෙන් තොර බවට ලාංකික සමාජය තුළ ඇති වී තිබෙන අවිශ්වාසය යි.
nnnnමේ නිසා සමාජයේ විවිධ පාර්ශවවලින් ද්විතියික දත්ත පදනම් කරගත් සමීක්ෂණ රට තුළ සිදු වෙමින් තිබේ.
nnnnලාංකික සමස්ථ බදු වලින් 70% භාණ්ඩ හා සේවා මත පනවන ලද බදු වේ.
nnnnරට මුහුණ දී තිබෙන ආර්ථික උද්ධමනකාරී තත්වයෙහි ප්‍රධාන පසුබිම වක්‍ර බදු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යානය අධ්‍යයන අංශයේ කණ්ඩායම සමීක්ෂණයක දී හෙළි වී තිබේ.
nnnnඅදාළ සමීක්ෂණයට අනුව රටේ සාමාන්‍ය පවුලක මාසික බදු බර රුපියල් 28000 කි.
nnnnදරිද්‍රතාවයේ උපරිම සීමාව තුළ සිටින පවුලක මාසික බදු බර රුපියල් 14000 කි.
nnnnදිළිඳුම පවුල් සඳහා රුපියල් 4500 ක මාසිකව සමෘද්ධිය ලැබුණ ද රජයේ බදු බර එම පවුල්වලටත් රුපියල් 6675 ක් නැවතත් බැර වී තිබේ .
nnnn- n
- සුමිත් කොඩිතුවක්කු- n