ඉතාලියේ දුප්පත් පාරිභෝගිකයෙකුට වුනත් එයා කෑමට ගන්නා තමන්ගේ රටේ නිෂ්පාදනය කරන ඔලිව් ඔයිල්වල කොලටිය ගැන හොඳටම ෂුවර්. ලංකාවේ පොහොසත් කෙනෙකුට උනත් තමන් කඩේකින් මිළදී ගන්නා කුකින් ඔයිල් බෝතලයක කොලටිය ගැන ෂුවර් එකක් නෑ.
සංචාරක හෝටල්වලින් ඉවත් කරන දෙතුන්පාරක් බැදපු කුකින් ඔයිල් පිරිපහදු කරල , බ්ලීච් කරල නැවත විකිණීම සහ හොඳ කුකුන් ඔයිල්, පොල්තෙල් සමග කවලම් කරන බව ප්‍රසිද්ධ රහසක්. ඒ මදිවාට වෙනත් රටවල්වල ආපනශාලාවලින් ඉවත්කරනු ලබන කුකින් ඔයිල් හොර රහසේ ගෙනවිත් පිරිපහදු කොට හොඳ තෙල්වලට කවලම් කරන බවටද රාවයක් පවති. තවද ඇතැම් ආපනශාලා තමන් භාවිත කළ කුකින් ඔයිල්වලට බ්ලීචින් කෙමිකල් යොදා පිරිපහදු කර හොඳ තෙල් සමග නැවත ආහාර පිසීම සඳහා භාවිත කරන බවටද රාවයක් පවතී.
කොයික කොහොම උනත් මෙසේ නැවත නැවත බැඳීමට භාවිත කළ තෙල්වල නිපදවෙන රසායනික සංගටක ආහාර මගින් සහ පිසීමේදී නිකුත්වන වාශ්ප ආඝ්‍රහණය කිරීම මගින් ශරීරගතවීම පිලිකා අවදානම වැඩිකෙරෙන කාරණාවක් බව විද්‍යාත්මක කරුණු කාරණා විමසා බැලීමෙන් තහවුරු වෙයි.
https://pubmed.ncbi.nlm.nih.gov/28925728/
තවද, නැවත නැවත රත්කරන එළවලු තෙල් පරිභෝජනය, රුධිරයේ ලිපිඩ පැතිකඩ වෙනස්වීමටත්, රුධිර පීඩනය ඉහළ යාමටත්, හෘද වාහිනී ආශ්රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි වීමටත්, ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළදීමට සහ අක්මාව හා වකුගඩු ව්‍යුහයට සහ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි බවත් ප්‍රකට කාරණා වෙයි.
නැවත නැවත බදින ලද තෙල් හඳුනාගන්නේ කෙසේද…?
අවාසනාවකට මෙසේ නැවත නැවත පිසූ තෙල් හොඳ කුකින් ඔයිල්වලට කවලම් කරලද කියල මතුපිටින් පරික්ෂා කර බලා නිවැරදිව පැවසිමට අපහසුය. මෙය තහවුරු කරගන්නට පුලුවන් වන්නේ රසායනාගාර පරීක්ෂණ මගින් පමණි. මේ සඳහා භාවිත කළ හැකි එක් පරීක්ෂණයක් වන්නේ තෙල්වල සම්පූර්ණ ධ්‍රැවීය සංගටක ප්‍රමාණය මැණ ගැනීමයි (Total Polar Compounds / Total Polar Matter) පිසීමට සුදුසු තෙල්වල TPC අගය වන්නේ 25% වේ. (- ඉන්දියානු ආහාර ස්වස්ථතා සහ ප්‍රමිති අධිකාරියේ රෙගුලාසිවලට අනුව .FSSAI)
අවාසනාවකට ශ්‍රී ලංකාවේ ආහාර නීති රෙගුලාසිවලට අනුව දැනට, පිසින තෙල්වලට නැවත නැවත බදින ලද තෙල් කවලම් කිරීම නියාමනය කිරීමේ ක්‍රමවේධයක් නොමැති අතර, මෙසේ ඉවත්කළ තෙල් කෙලින්ම ආහාර පිසීමට භාවිත කරනවාද හෝ එවැනි පරිභෝජනයට නුසුදුසු තෙල් කවලම් කර අලෙවි කරනවාදැයි සොයා ගැනීමට ආවේක්ෂණ ක්‍රියාවලියේ නිරත බිම්මට්ටමේ නිලධාරින් සතුව අවශ්‍ය පහසුකම් නැති බවයි වාර්තා වෙන්නේ. වෙනත් රටවල්වල සාමාන්‍ය ආපනශාලාවල පවා ඒවායේ සේවය කරන චෙෆ්ලා සතුව පිසින තෙල්වල තත්වය විශේෂයෙන් TPC වැලිවු එක මනින මීටර ඇත. මෙවැනි ගැජට් එකක් වැට් සමග රුපියල් ලක්ස 2ක පමණ මුදලකට ලංකාවට ගෙන්වීමට හැකියාව තිබෙනවා.
ආහාර පිසීමට භාවිත කරන තෙල් ළදරුවාගේ සිට මහල්ලා දක්වා සෑම තරාතිරකම පාරිභෝගිකයින් දිනපතාම ආහාරයට ගන්නා ආහාරයක් වන නිසා
මෙවැනි තාක්ෂණික මෙවලම් සහ රසායනාගාර පහසුකම්වලින් මෙම්ම මෙවැනි අපරාධ නියාමනය කෙරෙන නීති රෙගුලාසිවලින් රටක් විදියට අප නොපමාව යථවත්කරණය වෙන්න ඕන.
අනෙක් අතට, හොඳ තෙල් නරක තෙල් නියාමන ක්‍රියාවලිය ශක්තිමත් නොවීම, තෙල්වල කොලටියට අදාල මෙවැනි පිරිවිතරයන් පාලනය කරමින් පිසින තෙල් නිශ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින්ද අසාධාරණයකට ලක්වන කාරණාවක් වන බවද කිව යුතුය.
කොයික කොහොම වුනත්, තම සෞඛ්යආරක්ෂාවට අදාල බරපතල සංවේදී කාරණා සම්බන්ධයෙන් මෙරට ජනතාවටද වගේ වගක් තියෙන බවක් පෙනෙන්නට නෑ. රට හදන්න වරම් ඉල්ලන වේදිකාවලවත් මෙවැනි වස විස නියාමනයට අදාල කරුණු කාරණා ප්‍රමාණවත් ලෙස සාකච්ඡාවට බදුන් කෙරෙන බවකුත් පෙනෙන්නට නැත.
- ගැමුණු සාලිය පෙරේරා .
භාවිතයෙන් ඉවත් කළ පිලිකාකාරක සහිත තෙල් හොඳ තෙල්වලට කවලම් කරනවාද..??? 🤔 ඉතාලියේ දුප්පත් පාරිභෝගිකයෙකුට වුනත් එයා කෑමට ගන්නා තමන්ගේ රටේ නිෂ්පාදනය කරන ඔලිව් ඔයිල්වල කොලටිය ගැන හොඳටම ෂුවර්. ලංකාවේ පොහොසත් කෙනෙකුට උනත් තමන් කඩේකින් මිළදී ගන්නා කුකින් ඔයිල් බෝතලයක කොලටිය ගැන ෂුවර් එකක් නෑ. සංචාරක හෝටල්වලින් ඉවත් කරන දෙතුන්පාරක් බැදපු කුකින් ඔයිල් පිරිපහදු කරල , බ්ලීච් කරල නැවත විකිණීම සහ හොඳ කුකුන් ඔයිල්, පොල්තෙල් සමග කවලම් කරන බව ප්‍රසිද්ධ රහසක්. ඒ මදිවාට වෙනත් රටවල්වල ආපනශාලාවලින් ඉවත්කරනු ලබන කුකින් ඔයිල් හොර රහසේ ගෙනවිත් පිරිපහදු කොට හොඳ තෙල්වලට කවලම් කරන බවටද රාවයක් පවති. තවද ඇතැම් ආපනශාලා තමන් භාවිත කළ කුකින් ඔයිල්වලට බ්ලීචින් කෙමිකල් යොදා පිරිපහදු කර හොඳ තෙල් සමග නැවත ආහාර පිසීම සඳහා භාවිත කරන බවටද රාවයක් පවතී. කොයික කොහොම උනත් මෙසේ නැවත නැවත බැඳීමට භාවිත කළ තෙල්වල නිපදවෙන රසායනික සංගටක ආහාර මගින් සහ පිසීමේදී නිකුත්වන වාශ්ප ආඝ්‍රහණය කිරීම මගින් ශරීරගතවීම පිලිකා අවදානම වැඩිකෙරෙන කාරණාවක් බව විද්‍යාත්මක කරුණු කාරණා විමසා බැලීමෙන් තහවුරු වෙයි. https://pubmed.ncbi.nlm.nih.gov/28925728/ තවද, නැවත නැවත රත්කරන එළවලු තෙල් පරිභෝජනය, රුධිරයේ ලිපිඩ පැතිකඩ වෙනස්වීමටත්, රුධිර පීඩනය ඉහළ යාමටත්, හෘද වාහිනී ආශ්රිත රෝග ඇතිවීමේ අවදානම වැඩි වීමටත්, ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළදීමට සහ අක්මාව හා වකුගඩු ව්‍යුහයට සහ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි බවත් ප්‍රකට කාරණා වෙයි. නැවත නැවත බදින ලද තෙල් හඳුනාගන්නේ කෙසේද…? අවාසනාවකට මෙසේ නැවත නැවත පිසූ තෙල් හොඳ කුකින් ඔයිල්වලට කවලම් කරලද කියල මතුපිටින් පරික්ෂා කර බලා නිවැරදිව පැවසිමට අපහසුය. මෙය තහවුරු කරගන්නට පුලුවන් වන්නේ රසායනාගාර පරීක්ෂණ මගින් පමණි. මේ සඳහා භාවිත කළ හැකි එක් පරීක්ෂණයක් වන්නේ තෙල්වල සම්පූර්ණ ධ්‍රැවීය සංගටක ප්‍රමාණය මැණ ගැනීමයි (Total Polar Compounds / Total Polar Matter) පිසීමට සුදුසු තෙල්වල TPC අගය වන්නේ 25% වේ. (- ඉන්දියානු ආහාර ස්වස්ථතා සහ ප්‍රමිති අධිකාරියේ රෙගුලාසිවලට අනුව .FSSAI) අවාසනාවකට ශ්‍රී ලංකාවේ ආහාර නීති රෙගුලාසිවලට අනුව දැනට, පිසින තෙල්වලට නැවත නැවත බදින ලද තෙල් කවලම් කිරීම නියාමනය කිරීමේ ක්‍රමවේධයක් නොමැති අතර, මෙසේ ඉවත්කළ තෙල් කෙලින්ම ආහාර පිසීමට භාවිත කරනවාද හෝ එවැනි පරිභෝජනයට නුසුදුසු තෙල් කවලම් කර අලෙවි කරනවාදැයි සොයා ගැනීමට ආවේක්ෂණ ක්‍රියාවලියේ නිරත බිම්මට්ටමේ නිලධාරින් සතුව අවශ්‍ය පහසුකම් නැති බවයි වාර්තා වෙන්නේ. වෙනත් රටවල්වල සාමාන්‍ය ආපනශාලාවල පවා ඒවායේ සේවය කරන චෙෆ්ලා සතුව පිසින තෙල්වල තත්වය විශේෂයෙන් TPC වැලිවු එක මනින මීටර ඇත. මෙවැනි ගැජට් එකක් වැට් සමග රුපියල් ලක්ස 2ක පමණ මුදලකට ලංකාවට ගෙන්වීමට හැකියාව තිබෙනවා. ආහාර පිසීමට භාවිත කරන තෙල් ළදරුවාගේ සිට මහල්ලා දක්වා සෑම තරාතිරකම පාරිභෝගිකයින් දිනපතාම ආහාරයට ගන්නා ආහාරයක් වන නිසා මෙවැනි තාක්ෂණික මෙවලම් සහ රසායනාගාර පහසුකම්වලින් මෙම්ම මෙවැනි අපරාධ නියාමනය කෙරෙන නීති රෙගුලාසිවලින් රටක් විදියට අප නොපමාව යථවත්කරණය වෙන්න ඕන. අනෙක් අතට, හොඳ තෙල් නරක තෙල් නියාමන ක්‍රියාවලිය ශක්තිමත් නොවීම, තෙල්වල කොලටියට අදාල මෙවැනි පිරිවිතරයන් පාලනය කරමින් පිසින තෙල් නිශ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින්ද අසාධාරණයකට ලක්වන කාරණාවක් වන බවද කිව යුතුය. කොයික කොහොම වුනත්, තම සෞඛ්යආරක්ෂාවට අදාල බරපතල සංවේදී කාරණා සම්බන්ධයෙන් මෙරට ජනතාවටද වගේ වගක් තියෙන බවක් පෙනෙන්නට නෑ. රට හදන්න වරම් ඉල්ලන වේදිකාවලවත් මෙවැනි වස විස නියාමනයට අදාල කරුණු කාරණා ප්‍රමාණවත් ලෙස සාකච්ඡාවට බදුන් කෙරෙන බවකුත් පෙනෙන්නට නැත. – ගැමුණු සාලිය පෙරේරා .