ලංකාවේ පුරවැසියාගේ අයිතිය සඳහා දෙවන අරගලය ආරම්භ වෙලා තිබෙනවා.
nnnnසැබෑ ජනතා නැගිටීමක් කියලා කවුරුහරි හිතනවනම් ඒකත් ලොකු රැුවටීමක් කියලා පසු කාලීනව අරගලයේ හැසිරීම් හා ඇතැම් පක්ෂවල මෙහෙයවීම සම`ග හිතන්නට පුලුවන්.
වාහනවලට තෙල්, නිවසේ කුස්තියට ගෑස්, දරුවන්ට කිරිපිටි මිල 300්‍ර සිට 500්‍ර දක්වා මිල ඉහළ ගොස් තිබෙනවා.
ජනතාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවලට වොයිස් කට් දෙනවා. නමුත් සැබවින් වීථි බසින තත්ත්වයක් නෑ.
ඊට හේතුව කුමක්ද?
හේතුව වසර ගණනාවක් පුරා ජනතාවට ආත්මගතවුණු ඇතැම් සම්ප්‍රදායන්.
nnnnදැනට සිද්ධ වෙන්නේ දේශපාලන පක්ෂවල ආණ්ඩු හා විරුද්ධ පක්ෂවල පක්ෂ නායකයින්ගේ ජනතාව උසිගන්වන ආවේගාත්මක ප්‍රකාශයන් පමණයි.
ඒ තුළින් මතුව ඇත්තේ ව්‍යාජ විරෝධයක්.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිවසේ නැතිවිට හිරුණිකාගේ විරෝධය ඊට එක් උදාහරණයක්.
nnnnමේ නිසා සැබෑ විරෝධය ලාංකික සමාජය තුළ මතු වීමට ඇති ඉඩකඩ ඇහිරී ගොස් තිබෙනවා. පසුගිය අපේ‍්‍රල් මස මුල් සතියේ තරුණ අරගලය සංකේතවත් වෙන්නේ ගෝල්ෆේස් භූමියෙන්.
ලංකාවෙහි පුරවැසියන්ට යම් හෝ අරගලයේ ඡුායවක් මතු වන්නේ ඉන් පසුවයි.
දේශපාලන දැක්මක් නැත,ි ආර්ථික දැක්මක් නැත,ි විධිමත් අධ්‍යාපනයක් නැති පුද්ගලයින් මීට ප්‍රධාන සාධකයක්.
පසුගිය කාලය තුළ ලාංකික මිනිසුන්ට අත්විඳීමට සිදුව තිබෙන ආර්ථික අගතියේ නිර්මාණකරුවන් පිළිබඳ මේ වන විට ඔවුන්ට යම් දැනීමක් තිබෙනවා.
වසර 74ක් රට පාලනය කර ඇත්තේ චෞරයන්ගේ අවශ්‍යතා අනුව බව දැන් පුරවැසියන්ට අවබෝධයක් තියෙනවා.
මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බව මනාව පැහැදිලි කරන්න
ලාංකික බුද්ධිමතුන් ඉදිරිගාමී පියවර විධිමත්ව ක්‍රියාත්මක නොකරන බව පෙනෙන තත්ත්වයක්.
දේශපාලනය හා බලය ඉතා කෙටි කලක් තුළ නීතියේ ආධිපත්‍යයට කර තිබෙන බලපෑම සුඵපටු නෑ. විවිධ වරප්රසාධයන්ගෙන් විකිණුන පුද්ගලයින් ආණ්ඩුවෙහි ඉහළ තනතුරුවලට තරග කරන බවක් පෙනෙන්නට තිබෙනවා.
රනිල් වික්‍රමසිංහගේ අවජාතක අගමැතිධූරය ලබාගැනීමෙන් පසු උග්‍ර වූ මෙම තත්ත්වය ජනාධිපති ධූරය ලබා ගැනීමෙන් පසුව තව තවත් උග්‍රවී තිබෙනවා.
මහින්දගේ සිය හිතෛශී රනිල්ට අගමැතිකම පූජා කළේ පාදඩ දේශපාලනයේ රාජ්‍ය දුරාචාරය ප්‍රකට කරමින්.
මහින්දගේ බොල් චරිතයත්, රනිල් වික්‍රමසිංහගේ නපුංසක දේශපාලනයත් නිසා රට අගතියෙන් අගතියට තල්ලුවෙමින් තිබෙනවා.
එක පතයේ (ප්‍රභූ පාදඩ කුලකයේ* ඥාති දේශපාලන සනුහරය රටෙහි අභිමානය බිංදුවට තල්ලුකර
තිබෙනවා.
සැබෑ දේශපාලන සාක්ෂරතාවයක් නැති බහුතරයක් අරගලය ඉදිරියෙන් හිටියා. නමුත් ජනතා ආර්ථික පීඩනය හමුවෙහි ජනතාව ඉදිරියට ආවා.
දේශපාලන සාක්ෂරතාවය නැති බහුතරය උද්දච්ච වුණා. අරගලයක් යනු විකල්පයක්, දේශපාලන පරිවර්තනයක්.
එම දේශපාලන ව්‍යුහය අර්ථ නිරූපණය කරගන්න බැරිව ජනාධිපති මන්දිරයේ රාජකීය බොජුන්, මත්පැන්වලට, ජල තටාකයේ පිනුම් ගැසීම හා අරගල කරුවන්ගේ බාල හැසිරීම හා භාවිතය වර්තමාන ආණ්ඩුවෙහි වර්ධනයට ප්‍රධාන සාධකයක් වුණා.
‘‘ගෝටා ගෝ හෝම්’’ දේශපාලන අරගලය රට පුරා ව්‍යාප්ත වුණේ කඩිනම් අයුරින්.
නමුත් රනිල් වික්‍රමසිංහගේ අච්චාරු දේශපාලනය තුළින් අරගලය දියාරු කරන්න විධිමත් සැලසුම් දියත් කරලා තියෙනවා.
nnnnඅරගලයේ ක්‍රියාදරයින් පොලිස් අත්තඩංගුවට ගැනීම කුමන්ත්රනකාරී ලෙස දිගින්දිගටම ක්‍රියාත්මක වෙනවා.
මේ තුළින් අරගලයට කරන පීඩාකාරී මුහුණුවර නින්දිතයි. රනිල් වික්‍රමසිංහ මැයි 29 වන දා හදිසියේම ජාතිය ඇමතුවා.
එහිදී ඔහු පාර්ලිමේන්තුවෙහි මුදල් සම්බන්ධයෙන් ඇති කාරක සභා තුනට අමතරව තවත් කාරක සභා කිහිපයක් ඇති කළා.
පාර්ලිමේන්තුවෙහි පක්ෂ නායකයින්ගේ සභාවක් ඇති කිරීම, අලුතින් කාරක සභා කිහිපයක් ඇති කිරීම,
එම අධික්ෂණ කාරක සභාවන් කිහිපයකට ම තරුණ නියෝජිතයින් (අරගලයේ නියෝජිතයින්* කිහිප දෙනෙකුට ම අවස්ථාව ලබාදෙන බව ඔහු පැවසුවා.
මීට අමතරව අරගල භූමියේ තරුණයින් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රංජිත් විජේවර්ධනගේ පුත් ලංකාදීප පුවත්පතේ හිමිකරුවෙකු ද වන එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා වන රුවන් විජේවර්ධන පත් කළා.
මේ තුළ ඇති සමස්ථය ව්‍යාජයයි.
මුල් යෝජනාව අරගල කරුවන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
nnnnඒ රටේ දැවෙන ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ කාරක සභාවක සාමාජිකයෙකු වීමෙන් විස`දුම් නැති නිසා.
මේ තත්ත්වය හමුවෙහි රනිල්ගේ රාජපක්ෂලාගේ ඞීල් කෙරුවාව මනාව ප්‍රදර්ශනය වෙනවා. අරගලයේ ප්‍රධාන තේමාව රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් කිරීමයි.
රනිල්ගේ එකම වෑයම රාජපක්ෂවරුන් දේශපාලනිකව නඩත්තු කිරීම හා පැවැත්ම සඳහා සැලසුම් දියත් කිරීමයි.
මේ තත්ත්වය හමුවෙහි රටේ ආර්ථිකයෙහි හිරවී ඇති දැතිරෝධ කරකවා යලි සාමාන්‍ය තත්ත්වයට පත් කළ නොහැකි බව ඔහුගේ භාවිතයෙන් හා හැසිරීමෙන් ප්‍රදර්ශනය වෙනවා.
විධිමත් ආර්ථික වැඩ පිළිවෙලක් රනිල් තුළ නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරන ප්‍රකාශවලින් ද පැහැදිලි වෙමින් තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවල නියැලෙන අරගල කරුවන්ට එරෙහිව රනිල් මර්ධනය විධිමත්ව ගෙන යමින් තිබෙනවා.
ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට රනිල් අසමත් වෙලා තිබෙනවා. දෙවන අරගලය සඳහා දේශපාලන පක්ෂ ලං වෙමින් තිබෙනවා.
ආණ්ඩුවට හා එහි විනාසකාරී ක්‍රියාකාරිත්වයට එරෙහිව ජනතාව අසංවිධානාත්මකව පෙළ ගැසෙමින්
තිබේ.
පළමු අරගලයේදී දේශපාලන පක්ෂ ප්‍රසිද්ධියේ විරෝධය ඵල කිරීමට මැදිහත් වූයේ නෑ. ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරී සැලැස්මක් දියත් වෙමින් තිබෙනවා.
nnnnසමගි ජන බලවේගයේ පෙර දැක්වූ මැලිකම මෙම පසුබිම යටතේ ඉවත්වෙමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුන සිය දේශපාලන කෝපය විවිධ මුහුණුවරින් ප්‍රකාශකොට තිබෙනවා.
කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති සාමාන්‍ය ජනතාව සිය දේශපාලන ආවේග විවිධ මුහුණුවරින් ප්‍රදර්ශනය කරමින් සිටිති.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමි පක්ෂය සිය ඉලක්ක කරගත යුතු අවස්ථාවලදී ඔවුන් අතින්
ගිලිහී යාම පිළිබඳව සමාලෝචනයක් නොකර දෙවන අරගලයට දේශපාලන කෝපය රට පුරා දියත් කරමින් සිටිති.
ආර්ථික අවපාතය හමුවේ පුරවැසියන්ගේ ස්වයංක්‍රීය දේශපාලන ප්රකාශනය මතු වූයේ පසුගිය නව වෙනිදා ය.
එනම් ජනතාව ජනාධිපති මන්දිරයට ඇතුලු වූ දිනයයි.
එම අවස්ථාවෙහිදී ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමි පක්ෂය හුදෙක් මනෝමූල සාධක මත පමණක් යැපීම ජනතාව අතර ඇති නිහඩ විරෝධයකි. පැහැදිලි දේශපාලන මොහොත මොවුන් අතින් ගිලිහී යාම වර්තමාන දේශපාලන කේදවාචකයේ නිමිත්තයි. ජනාධිපති මන්දිරයට පොදු ප්‍රජාව ඇතුලු වීමේ ඓතිහාසික දිනය සාමූහික දේශපාලන විඥානයක් කර ගැනීමේ යුතුකම වගකීම පැහැර හැරීම අදාල පක්ෂ සිය සමාලෝචන ඉදිරිපත් කිරීමට උනන්දු විය යුතු ය. පාරිභෝගික සමස්ත ද්‍රව්‍යවල මිල සියයට තුන්සියයත් පන්සියයත් ඉක්මවා යන වටපිටාව තුළ සංකේතවත් කරන්නේ සැබෑ සමාජ විප්ලවයක අවශ්‍යතාවයයි. ප්‍රජාවගේ අද්දැකීම් පදනම් කරගෙන සිය දේශපාලන උද්වේගය ඔසවා තැබීම සැබෑ විකත්ප ම දේශපාලන පක්ෂවල උද්වේගයයි. ආගමිත හැගීම්වලින් තහවුරු කර තිබෙන වැඩවසම් සමාජ ක්‍රමය දිය කර හැරීමේ නිමිත්ත උදා වූයේ ජනාධිපති මන්දිරයට ප්රදාව ඇතුලු වූ දිනයෙහිදී ය.
සම්ප්‍රදායික හැ`ගීම්වලින් ජනතාව ඉවත් කිරීමේ අවබෝධය විධිමත්ව ලබා දීමේ ක්‍රමවේදයක් පසුගිය වසර හැත්තෑ හතර තුලදී ම වාමාංශික දේශපානලන පක්ෂවලින් සිදු නොවී ය.
එවැනි සාක්ෂරතා ප්‍රඥාවක් ජනතාවට ලබාදී තිබුනේ නම් ජනාධිපති මැදුරට ජනතාව ඇතුලු වූ දිනයේ හැරවුම් ලක්ෂය, සමාජ පරිවර්තනය සංකේතවත් කරන දේශපාලන ක්‍රියාකාරිත්වය මේ වන විට සිදු වී හමාර ය.
එවැනි සාමූහික සමාජ මනෝභාවයක් උත්තේජනය කිරීමට විකල්ප දේශපාලන පක්ෂ අසමත් වී
තිබෙනවා.
මේ නිසා පුරවැසි දේශපාලන කෝපය අවිධිමත්ව ප්‍රසිද්ධියේ විටින් විට ප්‍රකාශ වෙමින් තිබෙනවා.
nnnnලංකාවේ වෘත්තිය සමිතිවලින් මෙතෙක් සිදු වූයේ සම්ප්‍රදායික විරෝධතා ය.
nnnnනමුත් ගෑස්, ඞීසල්, පෙට්‍රල් ලබා ගැනීමට ගිණි අවුවේ ද දිවා රාත්‍රියේ ද ජනතාව අගතියට පත් වීම
තුළ මතු වූ පුරවැසි දේශපාලන කෝපය මේවන විට සිය ග්රහනයට ගෙන ඇත්තේ අපේ අසල්වැසි ඉන්දියාවයි.
ඊට ප්‍රධාන සාධකය වූයේ චීනය පැලපදියං වීම ය.
එම ව්‍යාකූල අවුල් සහගත විනාසකාරී පසුබිම ඉදිරි කාලයේදී රට තුළ අවිනිශ්චිත දේශපාලන කෝපය බවට පත්වන්නේ අරගල කරුවන් හරහා ය.
මේ පිළිබඳව සෙසු ප්‍රකාශයන් ඉදිරියේදී සමාජයේ ව්‍යාකූලත්වයට පත් වීමේදී ජනතාවට නිරරීක්ෂණය කළ හැකි ය.
අවුලුවන සමාජ ප්‍රතිචාර දිගින් දිගට ම සංවර්ධනය වන්නේ රනිල් වික්‍රමසිංහ රජයේ අයුතු මර්ධනය නිසා ය.
රනිල් රාජපක්ෂ නමින් ප්‍රචලිත වර්තමාන ආණ්ඩුව මහින්ද ගෝඨාභය ආන්ඩුවෙහි ප්‍රෝඩාකාරී ¥ෂිත ප්‍රතිපත්තිය තව තවත් වර්ධනය කර තිබෙනවා.
ඒ බව මහින්ද රනිල් හවුල ඇති කූඨ උපායන් කලුතර රැුස්වීමකදී මහින්දගෙන් ම ප්‍රකාශ වී
තිබෙනවා.
-සුමිත් කොඩිතුවක්කු-
n