දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රටක රාජ්‍ය නිලධාරින් සඳහා තිබෙන වගකීම අප්‍රමාණයි.
ඒ වගේම දේශපාලනඥයන්ටත් තිබෙන කාර්යභාරය සුවිශාලයි
ඊටත් වඩා රටක යහපත් ස්වංපෝෂිත රටාවකට දිගුවීමට නම් කාර්මික සාමය ඉතාම අවශ්‍යයි.
මේ කිසිවක් අපේ රටේ න්යායත්මකව හෝ ප්‍රායෝගිකව මනාව ඉටු නොවන සමාජ පරිසරයක් වර්ධනය වෙලා තියෙනවා.
වඩාත් යහපත් කාර්මික සබඳතාවයක් වැඩපොළ සහයෝගිතාවයක් සුරක්ෂිත වූ වැඩ පරිසරයක් වෙනුවට ලංකාවේ වෘත්තීය සමිති ධුරාවලිය තුළ නිර්මාණය වෙලා තියෙන්නේ තම තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර ඉලක්ක කරගත් රාජ්‍ය අංශයේ වෘත්තීය ව්‍යාපාරික රටාවක්.
වෘත්තීය සමිතිවල මේ ඛේදජනක තත්ත්වය සාමාන්‍ය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා දිව යනවා.
ඒ පිළිබඳව අප ඉදිරි කාලයේදී සුවිශාල විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
රාජ්‍ය සේවය කොතරම් ඵලදායිද කියල මේ රටේ දැනට පවතින පීඩාකාරී හානිදායක තත්ත්වය තුළින් මනාව පැහැදිලියි.
සමස්ත ජනතාව විසින්ම නඩත්තු කරන ලබන මිලියන ගණනක් රාජ්‍ය සේවකයින්ගේ අවශ්‍ය සේවාව පොදු මහජනතාවට විදිමත්ව සිදු වෙනවද?
පෞද්ගලික අංශයේ සේවකයින් දෙතුන් දෙනෙකුගෙන් සිදු කරන සේවාව සිදු කරන්නට රාජ්‍ය සේවයේ දහ පහලොස් දෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි?
මීට අවුරුදු 75කට පෙර සිට පාදඩ දේශපාලන සංස්කෘතියේ ගොඩනැගුණු රටාව තුළින් මතු වී තිබෙන උපහැරන අප්රමාණවත් ඒ සඳහා තියෙනවා.
රාජ්‍ය අංශයේ ලංගම කෝටි ගණනින් පාඩු ලබන විට පෞද්ගලික අංශයේ බස් රථ ආදායම් ලබන්නේ කොහොමද?
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට අයි.ඕ.සී. සමාගම කොටි ගණනින් ලබා මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ ඇයි?
මේ නිසා බොහෝ කාලයක් පාඩු වූ ආයතන ලෙස හඳුනාගත් විදුලිය, ලංගම, ජලය, ගුවන්, තෙල් ඒ අතර වෙනවා.
රජය සතු තීරණාත්මක ව්‍යවසායකයන් පහකට ලබාදෙන රජයේ ආධාර අත්හිටුවීමට තීරණය වුණේ 2022 මුල් කාලයේදී.
එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යංශයට ඒ වන විට ඉදිරිපත් වී තිබුණා.
එහි ප්‍රතිඵල විවිධ මුහුණුවරින් දැන් රජය බදුබර අධික ලෙස ජනතාවට භුක්තිය දරන්න ක්‍රියා කරල තියෙනවා.
පීඩනය විඳිමින් ඒ සඳහා වෙළෙඳපොළක් කරගෙන වෘත්තීය සමිති අයුතු විරෝධතා ව්‍යාපාර දියත් කරමින් තිබෙනවා.
වෘත්තීය සමිති ව්‍යාපාරයට මේ ආයතන පෞද්ගලික කරණ කිරීම සඳහා එරෙහිව වන සමාජ වපසරියක් ගොඩනැගී තිබෙනවා.
රජය සතු ව්‍යවසායන් 524ක් අතරින් ලබාදෙන ආධාර අත්හිටුවීමට එදා ඒ කියන්නේ 2022 මුල් කාලයේදී ආණ්ඩුව තීරණය කර තිබුණා.
ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබූ ආයතන ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලප්රවාන මණ්ඩලය හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අධික ලෙස පාඩු ලබන ආයතන ලෙස 2021 අවසාන කාලයේ 2022 ජනවාරි වන විටත් මුදල් අමාත්‍යංශය අවශ්‍ය වාර්තා සකස් කර තිබුණා.
එහි ප්‍රතිඵල ප්‍රධාන වශයෙන් ජාතික ජලප්‍රවාහන මණ්ඩලයේ අධික එහෙම නැත්නම් 65% කින් ජලය වැඩිකිරිම සිදුවුණේ 2023 අගෝස්තු මුල් සතිය තුළ.
මේ වන විට පොදු ජනතාව ජලබිල්පත ඉදිරියට ගෙවන්නේ කොහොමද කියන ප්රශ්නය තුළ තැවෙමින් ඉන්නවා.
ඒ නිසා සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ වරද කොතැනද කියල මනාව සොයා බලා ඊට විකල්ප ඍජු පියවර ගන්න මෙතෙක් දේශපාලන අංශ හෝ රාජ්‍ය අංශයේ ඉහළ පෙලේ ප්‍රතිපත්ති සම්පාදකයින් සමත්වෙලා නැහැ.
එහෙම නම් ලංකාවේ රාජ්‍ය සතු වගකීම, කාර්යභාර මනාව ඉටු කරනවාද කියන ප්‍රශ්නයකුත් එක පැත්තකින් තියෙනවා.
සමස්ත රාජ්‍ය සේවයේ සියලුම සේවකයන් ගණන් බැලුවොත් අප්‍රමාණයි.
ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා.
මේ රාජ්‍ය සේවකයාගේ වගකීම යුතුකම වන්නේ මොකක්ද?
රාජ්‍ය සේවයේ දැක්ම වන්නේ ජාතියේ විශිෂ්ඨත්වය සඳහා කැප වූ රාජ්‍ය සේවයක්.
නමුත් රාජ්‍ය සේවකයාගේ මෙහෙවර සාධාරණව විනිවිද බවින් හා සමානුකූලව කාර්යක්ෂමව විනය ගරුකව සිදුවෙනවාද? ප්‍රජාව තෘප්තියට පත් වන රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමට ගෙවීගිය ආණ්ඩුවලටත් වර්තමාන ආණ්ඩුවලටත් නොහැකි වී තිබෙනවා.
නමුත් රාජ්‍ය සේවකයා ඒ සඳහා විධිමත් කිරීම සඳහා විවිධ අණපනත් ආයතන සංග්‍රහය තියෙනවා.
නමුත් එය තවදුරටත් අකාර්යක්ෂමතාවය දිගු කරන කාර්යභාරයක් කිව්වොත් වඩාත් නිවැරදියි.
රාජ්‍ය සේවයේ සේවකයා බැඳී ඉන්නවා රජයේ වගකීම යුතුකම ඉටු කරන්න.
නමුත් ඒ යුතුකම වගකීම පැහැර හැරපු එක් උදාහරණයක් පෙන්වා දෙන්න පුළුවන්.
සැබෑ සමෘද්ධි ලාභීන් සොයාගැනීමේ මෙහෙයුමක් සඳහා පහුගිය 2023 ජනවාරි වන විට ආණ්ඩුවට අවශ්‍ය වුණා.
සමෘද්ධි ප්රතිලාභ ලැබිය යුතු සුදුසුම පුද්ගලයන් සොයා නව ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම ඒ සඳහා තොරතුරු රැස් කිරිම සඳහා රජයේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කළේ සමෘද්ධි නිලධාරින්.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒ වන විට ඊට විකල්ප පියවර සඳහා ගත්තු මාර්ගවල අතුරු ප්‍රතිඵල භුක්ති විඳින්න රජයටම සිදුවුණා.
රජය අප්‍රසාදයට පත් වෙමින් අස්වැසුම පිළිබඳව පසුගිය දිනවල රූපවාහිනී නිල නාලිකා, මූද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හා අදාළ ප්රචාරක තොරතුරුවලින් සනාථ වෙනවා.
සැබෑ සමෘද්ධි ලාභීන් තෝරාගැනීම සඳහා ඒ අදාළ පුරවැසියන් වෙත ගොස් අදාළ දත්ත සහ තොරතුරු ලබාගැනීමේදි ප්රතිලාභ පනතේ 21 හා 22 වගන්ති අනුව සිය රැකියා අහිමිවීමට පවා ඉඩ ඇතිබව පෙන්වා දෙමින් එකී වගන්ති සංශෝධනය කරන තුරු අදාළ රාජකාරිය ඉටු නොකිරීමට සමෘද්ධි නිලධාරින් තීරණය කළේ 2023 ජනවාරි මාසය වන විට.
මෙම ක්‍රියාවලියට අදාළ සියලු ක්ෂේත්‍ර නිලධාරි රාජකාරි වලින් ඉවත්වන බව සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික නිලධාරි, වෘත්තීය සමිති මගින් දන්වා තිබුණා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවට තොරතුරු අනාවරනය කළා.
ඉන් පස්සේ රජය අවශ්‍ය සිය කේන්ද්‍රීය බලය යෙදවීමට අසමත් වුණා.
ඒකෙ ප්‍රතිපලය අස්වැසුම යෝජනාවලිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමයි.
සැබෑ සමෘද්ධිලාභීන් සොයාගැනීමට වෙනුවට සිදුවුණේ ඊට හාත්පසින් වෙනත් තත්ත්වයක්.
මේ නිසා රජයත් සමෘද්ධි නිලධාරිනුත් අතර මේ වන විට ගැටුම්කාරි තත්ත්වයක් සීතල යුද්ධයක් ආරම්භ වී තිබෙනවා.
මෙහි ප්‍රතිඵලය තමයි සමෘද්ධි බැංකු කඩාකප්පල් කිරීම සඳහා මේ වන විට රජය පියවර ගණනාවක් ගෙන තිබෙනවා.
සමෘද්ධි ප්රතිලාභ අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා රාජ්‍ය අංශයේ බැංකුවලට නව ගිණුම් ඇරඹීම නිසා ඇති වූ තත්ත්වය පහුගිය දිනවල ජනමාධ්‍ය තුළින් ඔබ දැකලා ඇති.
කොහොම හරි ප්රතිලාභ පනතේ 21 හා 22 වගන්ති ආයුධයක් කරගෙන සමෘද්ධි නිලධාරින් සිය රාජකාරිය පැහැර හැරියා.
සාවද්‍ය දත්ත ඇතුළත් කරන නිලධාරින් දඬුවමකට යටත් කරන බව 21, 22 වගන්තිවලින් කියැවෙනවා.
ප්රතිලාභ ඉල්ලුම් කර ඇති ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් තොරතුරු එක්රැස කරගැනීම සඳහා ජංගම යෙදවුම් මෘදුකාංගයක් ද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ඒ වන විටත් හඳුන්වා දි තිබුණා.
මේ අතර සමෘද්ධි ලාභීන්ගෙන් 40%ක් පමණ එම හිමිකමට නුසුදුසු පුද්ගලයින් බව ලෝක බැංකු සමීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ඒ බව 2023 ජනවාරි මාසයට පෙර හෙළි වී තිබුණා.
ඇතැම් දූෂිත නිලධාරින් ඒ තුළින් තවදුරටත් අනාවරණය වෙනවා.
නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කරන ලෙසට ජත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ ශ්‍රී ලංකා රජයට එන්නේ ඒ අනුවයි.
නව ලේඛනයක් සකස් කිරීමේ අවශ්‍යතාවය මතු ව්නනේ ඒ නිසයි.
නව සමෘද්ධි ලාභීන්ගේ නව ලේඛනය සකස් කිරීම පමා වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පමා වීමටත් හේතු වුණා.
කොහොම හරිම ඒ පිළිබඳව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා 2023 ජනවාරි මාසයේදී ප්‍රකාශ කර තිබුණා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට කාරක සභාව උපදෙස් දී තිබුණේ කඩිනමින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණෙන ලෙසයි.
එම ප්‍රගතිය සති දෙකක තුළ වාර්තා කරන ලෙසත් කාරක සභාව අදාළ පාර්ශ්වයන්වලට ජනවාරි මාසයේදී උපදෙස් දී තිබුණා.
සුබසාධක ප්රතිලාභ ගෙවීමේදී ජාතික හඳුනුම්පත අනිවාර්ය කළ යුතු බව කාරක සභාවේ නිර්දේශය වුණා.
කොහොම හරි සමෘද්ධි ලාභීන්ගෙන් සිය රාජකාරිය ඉටු කරගැනීමට රජය අසමත් වුණා.
වෙනත් විකල්පයක් මගින් සැබෑ සමෘද්ධි ලාභීන් සොයා බැලීමේදී ඉතාම ගැටලු සහගත තත්ත්වයකට රජය පත් වුණා.
මෙයින් සනාථ වන්නේ මොකක්ද?
සැබෑව කුමක්ද?
යථාර්ථය කුමක්ද?
ප්රතිලාභ පනතේ 21, 22 වගන්ති ඉවත් කිරීමට සමෘද්ධි නිලධාරින් රජයට තර්ජනය කිරීම රජය ඊට ආයතන සංග්‍රහයට අනුව හෝ රජය සතු හැකියාව අනුව ක්‍රියා කිරීමට අසමත් වී තිබෙනවා.
ඉන් ප්‍රදර්ශනය වූයේ රජයේ නිලධාරින් සතු චේතනාත්මකවම වැරදි කිරීමට තිබෙන හැකියාව තවදුරටත් දිගු කරගැනීමේ උවමනාව නොවේද?
සැබෑ සමෘද්ධිලාභීන් සමීක්ෂණය කිරීමේ හැකියාව හා රාජකාරිය පැහැර හැරීම නොවේද?
සමාද්ධිලාභීන්ගේ නොහැකියාව හා ඔවුන්දැනට තෝරාගෙන සිටින පිරිස සැබෑ සමෘද්ධිලාභීන් නොවන බව ඔවුන් විසින් 21, 22 වගන්ති ඉවත් කිරීමට මැදිහත්වීම තුළින්ම රජය තේරුම්ගැනීමට අසමත් වීම හා රජයේ ඉච්ඡාභංගත්වය මනාව එයින් ප්‍රදර්ශනය නොවන්නේද?
චේතනාත්මකව සාවද්‍ය තොරතුරු ඇතුළත් කර සමෘද්ධි ලේඛනයට තොරතුරු ඇතුළත් කර තිබෙන බව 21, 22 වගන්ති ඉවත් කිරීමට අදාළ පාර්ශ්ව මැදිහත්වීම තුළින්ම කරුණු මනාව තේරුම්ගැනීමට රජයේ බලධාරින්ට ප්‍රඥාවක් නොවීම පිළිබඳව ගැටලු සහගත තත්ත්වය ඉහළම අධිකාරින් දැන්වත් තේරුම්ගත යුතුය.
අසත්‍ය තොරතුරු ගොනුකරගෙන සමෘද්ධිලාභී ලේඛන සකස් කර තිබෙන බව ඉන් ජනිත නොවන්නේද?
ඒ නිසා සාවද්‍ය තොරතුරු දැනටමත් ගොනුකර තිබෙන වපසරිය තුළ රාජකාරිය වංචනික ලෙස යොදාගෙන හා ක්‍රියාකර තිබෙන බව පැහැදිලි නොවන්නේද?
ඇත්තටම ලංකාවේ ලක්ෂ 220ක් වන ජනතාවට රාජ්‍ය සේවයෙන් මනා සේවයක් ඉටු නොවන බව නොවේද?
ලංකාවේ මහජන බදු මුදලින් 86%ක මුදලක් වැය වන්නේ ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයින්ට බව ඔබ දන්නවාද?
කොහොම හරි එහෙම තත්ත්වයක් තුළ රාජ්‍ය සේවයේ කැපවීමක් නැහැ.
පෞද්ගලික අංශයේ දෙතුන් දෙනෙකුගේ සේවය දහයක් පහළොවක් පමණ එකතුව කරන රාජ්‍ය සේවයක් තමයි ලංකා ආණ්ඩුව යටතේ පවතින්නේ.
ඒකට ප්‍රධාන හේතුව විෂම දූෂිත දේශපාලන පරිසරයයි.
ඒ නිසාම දිගින් දිගටම රාජ්‍ය ආදායමට දායක වන පුද්ගලයන්ගෙන් අල්ලස් ගැනීම, ඊට අවශ්‍ය මාර්ග සකස් වී තිබෙනවා.
එවැනි රාජ්‍ය සේවයකින් ඇති ඵලය කුමක්ද?
ශ්‍රී ලංකාවට ආධාර දෙන විදේශීය මූල්‍ය ආයතන පවා අවස්ථා ගණනාවකදී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවය ගැන අප්‍රමාණව කතා කරල තියෙනවා.
කොහොම හරි ඊට අදාළ නිර්දේශත් විදේශීය ආධාර ලබාදෙන කණ්ඩායම් ලංකාවට ලබාදීලත් තියෙනවා.
අකාර්ක්ෂම ආයතන පෞද්ගලික කරණය කොට වෘත්තීය සමිති විරෝධතා එල්ල කරනවා.
ඒ නිසා රජයට ඒ ආයතන දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන යාමටත් සිදුවෙලා තියෙනවා.
සියල්ලකටම පෙර රාජ්‍ය සේවයේ ඇතුළාන්තයට ඇස පොවා බලන්න විධායක නිලධාරින් අසමත්වීම ඊට ප්‍රධාන සාධකයක්.
2019 වසරේ පර්යේෂණයක් රාජ්‍ය සේවය පිළිබඳව සිදු කරලා තියෙනවා.
2017 වන විට රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව මෙහෙමයි.
සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව දිහා බලනකොට අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් නොවූ රාජ්‍ය සේවකයින් අප්‍රමාණ සංඛ්‍යාවක් රාජ්‍ය සේවයේ නිරතව ඉඳල තියෙනවා.
එය සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රතිශතය ලෙස දක්වන්නේ නම් 17.8% ක් කියල කියන්න පුළුවන්.
අ.පො.ස. සාමන්‍ය පෙල සමත් රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 223,429ක්.
ප්‍රතිශතයක් ලෙස එය 20.2%ක් වෙනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වූ සංඛ්‍යාව 395,175ක් වෙනවා.
ප්‍රතිඵලයක් ලෙස ඒ 35.8ක් ලෙස දක්වා තිබෙනවා.
උපාධිධාරින් සංඛ්‍යාව 209153ක්.
ප්‍රතිශතයක් ලෙස එය 18.9%ක් කියල කියන්න පුළුවන්.
පශ්චාත් උපාධිධාරින් ඩිප්ලෝමාව සමත් සේවකයින් සංඛ්‍යාව 46,847ක්.
ප්‍රතිශතය 4.2%ක්
පශ්චාත් උපාධිය සමත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3193ක් වුණා.
ප්‍රතිශතය 2.7ක්.
එසේම ආචාර්ය උපාධි සමත් අයගේ සංඛ්‍යාව 3296ක්.
එය 0.3%ක් පමණ ප්‍රමාණයක්.
මේ රාජ්‍ය සේවයේ දූෂිත වපසරිය තුළ තවදුරටත් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය තුළ වර්තමාන අර්බුදය දිගු වෙමින් පවතින පරිසරයක් දකින්නට තියෙනවා.
ආර්ථික අහස් මාලිගාවලින් මහපොළොවට බැසීමට ශ්‍රී ලංකා ආර්ථිකයේ විශ්ලේෂකයින් සම්පාදකයින් සමත් විය යුතුයි.
මවා පෙන්වමින් තිබුණ හා තිබෙන සංවර්ධනයේ සුරංගනා ලෝකය කවදාවත් යතාර්ථයක් වෙන්නේ නැහැ.
තම ආදායම ඉක්මවා දිගින් දිගටම වියදම් දරන්නෙකුගේ ස්වභාවික ඉරණම මොකක්ද?
ණය බරට වඩා අතමාරු ලබාගැනීම නොවේද?
එය නොවේද? ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා රජය සිදු කරන්නේ.
පරිභෝජන අහේනියකුට මේ වන විට අප රට තල්ලු වෙලා අවසන්.
මේ නිසා පොදු පුරවැසියන් දේපල උගස් වීම, උගස් කිරීම හා විකිණීම බහුලව සමාජය තුළ සිදු කරමින් තිබෙනවා.
රටේ ජීවය බඳු අනාගත පරපුරේ ස්වෛරීත්වය මේ ඛේදවාචකයට යහපත් ඓතිහාසික උරුමයක් වූත් ශ්‍රී ලංකාව ඒ උරුම සියල්ලක් අහිමි කරගැනීමේ මාවතකට තල්ලු වී අවසන්.
මේ යන ගමන නොවෙනස්ව ඉදරියට යන්නේ නම් අපට හමුවන්නේ කඩා වැටුණු ආර්ථිකයටත් වඩා පැහැදිලි කළ නොහැකි සංදර්භයකට පමණි.
ඒ සඳහා අර්බුදයට පාදක වූ හේතු සාධක යතාර්ථවාදීව වටහා ගැනීමට හැකි වන්නේ අපට වෙච්ච දේ යන තේමාව යටතේ සියල්ලක් යතාර්ථවාදීව තේරුම් ගැනීමෙන් නොවේද?
මේ පිළිබඳව දිගින් දිගටම අපි විමසිලිමත්ව සාකච්ඡාවට බඳුන් කරමු.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු