මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්රමුඛ අරමුණක් බවත්, එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායි, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව සෞඛ්යං හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්චූයේ සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්රගමනය උදෙසා වෘත්තීය සමිනි සතූ අදහස්, යොජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡාමය වැඩසටහන් අතරතුර දී ය.
වෘත්තීය සමිති සමග පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛදා, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග පසුගිය දින කිහිපයේ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා මාලාවක් අමාත්‍යවරයා පවත්වනු ලැබීය.
ඉහත සාකච්ඡා මාලාව තවත් ඉදිරියට ගෙනයමින් සමස්ත ලංකා සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර සහ ඹෟෂධ පරීක්ෂකවරුන්ගේ සංගමය නියෝජනය කරන චෘත්තීය සමිනි නියෝජිතයින් සමග ද අමාත්‍යවරයා පසුගිය දා සාකච්ඡා මාලාවක් පවත්වන ලදි.
වෘත්තීය සමිති නියෝජිතයින් මෙගහි දී ඉදිරිපත් කරන ලද බොහොමයක් වෘත්තීය ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්යචරයා එම ගැටලු වලට විධිමත්, සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලූම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී වගකීම අකුරටම ඉටුකරණ බවත්, ඔවුනට බලපාන ගැටලුවලට විසඳුම් ලබා දීම තුළින් ද, ඔවුන් සමග අනොං’නාං අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින් ද වැඩ වර්ජන, උද්ඝොෂණ අවම කරගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දි පෙන්වා දුන්නේ ය.
සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ පචතින වෘත්තීය ගැටලුවලට විසඳුම් සෙවීම පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෘත්තීය සමිති අතර අන්තර් සම්බන්ධතාවය, සුභදශීලිභාවය සහ මිත්රශීලීභාවය වර්ධනය කරගැනීමේ අරමුණ ද මෙවන් සාකච්ඡා පැවැත්වීම තුළ කැටිව නිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සදහන් කළේ ය.
ගුණාත්මක, ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීම සදහා වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළට සියලුම වෘත්තීය සමිතිවල සහය නිබඳව අපේක්ෂා කරන බව වෛද්‍ය නලින්ද ජයනිස්ස මහතා මෙහි දී වෘත්තීය සමිති චෙතින් විශේෂ ඉල්ලීමක් කළ අතර අමාතාවරයාගේ ඉල්ලීමට උපරිම සභාය ලබාදෙන බව වෘත්තීය සමිති නියෝජිතයින් මෙගහි දී අවධාරණය කර සිටියේ ය.
මෙම සාකච්ඡාමය අවස්ථාවන්වලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක චිජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන වත්සලා ප්‍රියදර්ශණී, චාමික ගමගේ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඞ්, අධ්යක්ෂ ( පාලන [!/ ) මුදිත විමලසේන යන මහත්ම මහත්මීන් ඇතුළු ව, වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.
The post පහත සදහන් ප්‍රවෘත්තියට ඔබ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමන්භාවයෙන් නැබිම තුළින් මෙරට ජනනාවට වඩාත් එලදායී, ගුණාත්මක සෞඛා්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාතාාවරයා අවධාරණය කරයි. appeared first on PFP News.