විද්‍යාත්මක පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්රය සඳහා මෙවර අයවැයෙන් ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙමින් විශාල මුදලන් චෙන් කිරීමට නියමිත බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්රිෂාන්න අබේසේන ප්‍රකාශ කළේය. අමාතාවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) දින නචීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධාංවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන තාක්ෂණය හා සම්බන්ධ විෂය ක්ෂේත්රයේ පර්යේෂණ කටයුතු සිදුකරන මෙරට ප්‍රමුඛතම ආයතනයක් වන නචීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සිදුකෙරෙන විශේෂ පර්යේෂණ කටයුතු පිළිබඳව අමාතාංචරයා ඇතුළු පිරිස මෙහි දී දීර්ඝ ලෙස නිරීක්ෂණය කළහ. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“ මෙම ආයතනය මගින් ඉලෙක්ට්‍රොනික, නොරතුරු තාක්ෂණ, අභ්‍යාවකාශ සහ සන්නිවේදන, ඩ්‍රෝන, රොබෝ ආදී තාක්ෂණ ක්ෂේත්රවල ඉතා වැදගත් පර්යේෂණ කටයුතු සිදු කරනවා. ඒ වගේම චිවිධ රාජ්‍ය ආයතන වෙනුවෙන් සේවාවන් ද සිදු කරනවා. ඉදිරියේ දී එම සේචාචන් පුළුල් කිරීමට පියවර ගන්නවා. එහි දී අදාළ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ සමග අන්තර් සහභයොගීතාවක් සහිතව ජාතික ආර්ථිකයේ සංවර්ධනය ඉලක්ක කරගන් පර්යේෂණ ශක්තිමන් කිරීමට ප්‍රමුඛතාව ලබාදෙනවා.”
තව දුරටත් මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදෙමින්, මෙරට පර්යේෂණ ආයතනවල විද්‍යාඥයින්ගේ, පර්යේෂකයින්ගේ සහ තාක්ෂණවේදීන්ගේ බොහෝ පුරප්පාඩු තිබෙන බවත් ඉඳිරියේ දී ඒ අතරින් අත්‍යවශ්‍යම පුරප්පාඩු සඳහා සුදුසුම වෘත්තිකයින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයා පැවසීය. එගි දී කිසිදු දේශපාලන මැදිහත්වීමකින් නොකර ඉහළ කාර්ය සාධනයක් සහිත වෘත්තිකය්න්ගේ සේවය රටට ලබා ගැනීම රජයේ අරමුණ බව ද, ඒ නිසා රාජ්‍ය සේවයේ සමබරතාව ද පවත්වා ගනිමින් ඉඳිරියේ දී එම කාර්යය කිරීමට අවශ්‍ය පියචර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවේ දී එම ආයතනය සතු මෙරට විශාලතම දුරේක්ෂය ද නිරීක්ණය කළ අමාතාංචරයා ඇතුළු පිරිසු කෙළඹ රාජකීය විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ දරුවන් වෙනුවෙන් පැවනි අභයාචකාශ වැඩසටහන ද නිරීක්ෂණය කරමින් දරුවන් සමග සුහද කතාබහක ද නිරත විය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් චයි.එල්.මොහොමඞ් නචාචි, අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) කුමාරි මීගන කොටුව, ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න යන මහත්ම මහන්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
The post පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්රය සඳහා මෙවර අයවැයෙන් ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙනවා. – චිද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන appeared first on PFP News.