අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙහි නව ලේකම්තුමිය ලෙස ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මහත්මිය සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (25) දින පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.
වසර තිස් දෙකකට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙෂා ජිනසේන මහත්මිය අධිකරණ අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කලාය.
නව ලේකම්තුමිය ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතනයන්හි මාණ්ඩලික නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වූ අතර එහිදී ඇය සඳහන් කලේ සිය ධූරය ප්‍රකාරව තමා වෙත පැවරී ඇති රාජකාරින් වඩාහොදින් ඉටු කිරීමට කැපවන බවයි. රාජකාරී කටයතු කිරීමේදී තනිතනිව නොව කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම තුළින් බලාපොරොත්තු වන ඉලක්කයන් වඩා සාර්ථව ළගාකරගතහැකි බවද ලේකම්තුමිය පැවසීය.
ගරු අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කුමාරප්පෙරුම, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ සපුගස්වත්ත, නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි සමරවීර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
The post නව අධිකරණ ලේකම්තුමිය සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කරයි. appeared first on PFP News.