- රජයේ පනත් 146 යි…
- පෞද්ගලික මන්ත්‍රී පනත් 21 යි…
2020 අගෝස්තු 20 වැනිදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇත.
නවවැනි පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත්
වර්ෂය | රජයේ පනත් | පෞද්ගලික මන්ත්‍රී පනත් |
2020 | 07 | 00 |
2021 | 30 | 00 |
2022 | 44 | 02 |
2023 | 29 | 05 |
2024 | 36 | 14 |
මුළු ගණන | 146 | 21 |
රජයේ පනත් | 146 |
පෞද්ගලික මන්ත්‍රී පනත් | 21 |
නවවැනි පාර්ලිමේන්තුවේ සම්මත වූ මුළු පනත් ගණන | 167 |
ඒ අනුව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත,
2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත
2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත
2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත
2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත
2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත් මෙලෙස සම්මතවූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයකි.
The post නවවැනි පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත් ගණන 167යි… appeared first on PFP News.