දෙවන පෑතිස් රාජ්‍ය සමයේ දී මහින්දාගමනය සිදු විය .
nnnnඑදා අද සමාජ ශිෂ්ඨාචාර පඨිථය අතිශය බැරෑරුම් ලෙස සෝදා පාලුවට ගොස් තිබේ.
nnnnඒ ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය නිසාය .
nnnnඅනුරාධපුරයේ මහවිහාරය ආරම්භ වී වසර 200කට පසු භික්ෂු සමාජයේ අෂ්ශීල ගුණාංග පළමු වරට විවෘතව ප්‍රතික්ෂේප කරන්නේ මහසෙන් රජතුමාය.
nnnnමහවිහාරය බිමට සමතලා කර අමු සිටුවීමට එදා උපදෙස් දෙන මහසෙන් රජතුමා පසුකාලීනව රජරට ජනතාවගේ දේවත්වයට පත් වේ.
nnnnඅභයගිරිය , ජේතවනාරාමය මෙරට භික්ෂු සමාජයේ කඩඉම් ඇති කරන ලද කාලපරිච්ඡේද ලෙස හැඳින්වීම ඉතාම යෝග්‍ය වේ.
nnnnමහසෙන් රාජ්‍ය සමයේ දී ලාංකික භික්ෂු සමාජයේ ජේතවන නිකායක් ආරම්භ වීම හා වළගම්බා රජ දවස අභයගිරි නිකායක් යන දෙඅංශයම තුළින් ම බිහි වූයේ ධර්ම රුචික භික්ෂූන් වහන්සේලායි.
nnnnනමුත් මහවිහාරික භික්ෂූන් වහන්සේලා එදා මෙදා කාලය තුළ සැබෑ ඊට අදාළ තොරතුරු වසා තිබේ.
nnnnමේ පිළිබඳ පුළුල් විස්තරයක් පසුව හෙලිදරව් කිරීමට අපේක්ෂා කෙරේ.
nnnnධර්මයෙන් තොරව චීවරය දරන්නා අනුරාධපුර යුගයේ සිට නුවර යුගය දක්වා තොරතුරු ඇත.
nnnnඑම තොරතුරුවල සැබෑව හදුනාගෙන පොදු සමාජයට කාන්දු කිරීමට අපේ විද්වත් සමාජය අසමත් වී තිබේ.
nnnnචණ්ඩාශෝක රජු බුද්ධාගමට හැරුණු ආකාරය සමාජයට නිර්වචනය කර ඇත්තේ ඉතාම සත්‍ය ලෙස නොවේ.
nnnnඒ තුළ ඇත්තේ ලාලසාය ( අධික ආශාව ) ප්‍රයෝග ගුණයකි.
nnnnඇත්තම සත්‍යනම් ඉන්දියාවෙන් චණ්ඩාශෝක ධර්මාශෝක වන්නේ යුද්ධයේ බිහිසුන බව හා අනිත්‍ය අවබෝධය තුළින් ය.
nnnnරජවාසල ඉදිරියෙන් වැඩම කරමින් සිටි කුඩා සාමනේර නමකගේ සංවර විලාසය ගැන පැහැදුණු අශෝක රජතුමා සත්භාවයෙන් රජවාසලට එක් කර ගත්තේ සංඝයා වහන්සේ කෙනෙකු සතු පැහැදුණු සිතින්ය.
nnnnවර්තමාන භික්ෂු සමාජය සිය පැවැත්ම සඳහා මෙවැනි ඓතිහාසික කරුණු භික්ෂු සමාජයේ සුඛ විහරණය සඳහා අත්තනෝමතික ලෙස උපකල්පනය කරගෙන තිබේ.
nnnnමේ තත්වය වර්ධනය වන්නේ උතුරු නැගෙනහිර පැවැති යුද්ධයත් සමඟය.
nnnnමේ කාලපරිච්ඡේදයේ රටේ ජනාධිපතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂය.
nnnnවෙනත් ආගමකට අයත් හින්දු ජන කණ්ඩායමක නියෝජනයක් වූ උතුරු නැගෙනහිර යුද්ධය අවියක් කරගෙන ජාතිවාදය තුළින් ගැටීමට භික්ෂු සමාජය ගෙන ගිය කැත වැඩ පිළිවෙළ මේ තත්වය තුළ එක් ආරම්භයක් වශයෙන් කිව හැකිය.
nnnnබුද්ධාගම ආරක්ෂා කිරීම එහි තේමාව විය.
nnnnචීවරධාරීන් , පූජ්‍ය , අතිපූජ්‍ය , ආචාර්යය , මහාචාර්යය , නිකාය මහානායකහිමිවරු අඩු වැඩි වශයෙන් මීට දායක වූවෝ වෙති.
nnnnමීට අමතරව දෙතොල් පාට කරන කටහඩේ මධුර ස්වරය උපරිම ප්‍රයෝජන ගත් ජනමාධ්‍ය ධර්ම දේශකයින් වර්තමාන අර්බුදයේ පෙර රාජපක්ෂවරු වෙනුවෙන් කපටි වැඩ කොටසක් කළ අය වේ.
nnnnරූපවාහිනිය , ගුවන්විදුලිය තුළින් ධර්මය නොව මිනිසුන්ගේ සමාන්‍ය අවශ්‍යතා පුබුදුවා සිහින ලෝකවලට ගෙන ගිය මේ අය පසුකාලීනව සුවිශාල ක්‍රීඩා පිට්ටනිවල ව්‍යාපාරික ධර්ම දේශනා පැවැත් වූහ.
nnnnඒ සදහා රට පුරා සංවිධායකයින් පත් කර ගත්හ.
nnnnවැය කළ මුදල් සාමාන්‍ය ජනතාවගේ බෞද්ධාගම නාමයෙන් එකතු කර ගත් මුදල් ය.
nnnnඒ සදහා අනුග්‍රහය දැක් වූ ව්‍යාපාරික ආයතනවලින් ලැබුනේ අති විශාල මුදල් කන්දරාවකි.
nnnnමේ සියල්ල පසුපස රාජපක්ෂ නඩය සිටි අතර පාදඩ දේශපාලනය තුළින් ඔවුන්ට ලැබුනේ දැවැන්ත ප්‍රතිරූපයකි.
nnnnමේ නිසා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට ධර්ම දේශක භික්ෂුන් වහන්සේලා ආභරණයක් කර ගත්තේ ශ්‍රේෂ්ඨ බුදු දහමය.
nnnnරාජපක්ෂලාට ගැතිකම් කරන ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබුන මුදල්වලට අමතරව විශාල පිට්ටනිවලට රැස්වන ධර්ම ශ්‍රාවකයන් අතින් අත යවා සම්මාදම් කරගත් මුදල් ප්‍රමාණය එක් වරකට රුපියල් ලක්ෂය ඉක්ම වූ අවස්ථා තිබේ.
nnnnඅහිංසක නූගත් ග්‍රාමීය උපාසිකාවන්ගේ පැළඳ සිටි රං ආභරණ පවා එම පිංවට්ටිවලට පිං පිණිස ලබා දීම සඳහා බුද්ධ දේශනාව හරව හරවමින් සටකපට ලෙස මේ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා පැවැත් වූහ.
nnnnඅහිංසක ග්‍රාමීය නූගත් වයසක උපාසක අම්මලා පැළඳ සිටි රං ආභරණ පවා අතින් අත යැවූ පූජා වට්ටි වලට රං ආභරණ එක් කළේ විචිත්‍ර ධර්ම දේශනාවලින් මුසපත් වීමෙන් පසුවය.
nnnnමේ සියල්ල තුළ සමස්තය ව්‍යාපාරික මාෆියාවක් විය.
nnnnනමුත් එහි හැඩරුව මහජනතාවට හදුනා ගැනීමට නොහැකි වූයේ සියල්ලක් සිදු වූයේ ශ්‍රේෂ්ඨ බුදු දහමට මුවා වී ක්‍රියා කළ නිසාය.
nnnnදෙමළුන් මැරීම නිවනට මඟ යැයි එදා ගීත ලියූ භික්ෂූන්ගේ චීවරය පසු පස ඇති ධර්මය කුමක් ද? යන්න පොදු සමාජය ප්‍රශ්න නොකලේ ඒ නිසාය.
nnnnබොදු බල සේනා අධිපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව එදා මෙදා කාලය තුළ පාදඩ චරිත රඟ දක්වන්නේ ඒ නිසාය.
nnnnරාවණ බලය , සිංහල රාවය , ජාතික විද්වත් භික්ෂු සංසදය වැනි ආයතන බිහි වන්නේ මෙවැනි සමාජ පරිසරයක් තුළිනි.
nnnnඋතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමත් සමග බොදු බල සේනා අධිපති හැරෙන්නේ මුස්ලිම් ප්‍රජාව දෙසටය.
nnnnඅලුත්ගම ධර්ගා නගරය හා බේරුවල දක්වා සිදු කළ බොදු බල සේනා ඇති කළ ජාතිවාදී උත්තේජනය තුළින් සිදු වූ පෞද්ගලික ධනහානි සඳහා ඊට වන්දි රජය ලබා දුන්නේ අවසානයේ මහජන මුදල්වලින් ය.
nnnnබොදුබල සේනා චීවරධාරියා ඔහුගේ සාහසික ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත.
nnnnරටේ පැවැත්මට හානිකර ක්‍රියාකාරකම් රැසක් ඇති කළ මෙවැනි පාදඩ භික්ෂූන්ට සමාජ වටිනකම් ලබා දුන්නේ ජනාතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිකමින් පලා ගිය නන්දසේන රාජපක්ෂය.
nnnnඑක රටක් එක නීතියක් සදහා වාර්තාවක් සැකසීමට පත් කළ කණ්ඩායමේ ප්‍රධානියා වූයේ ඥාණසාර ය.
nnnnමෙවැනි ක්‍රියාකාරකම් පනස් හය වසරේ දී බලයට පත් වූ අගමැති බණ්ඩාරනායක ඝාතනය කළ ඉතිහාසය දක්වා දිව යයි.
nnnnඅගමැතිවරයා ඝාතනය කළේ සෝමාරාම චීචරධාරියායි.
nnnnබුද්ධාගම සහ සංඝ ශාසනයේ නාමයෙන් එදා සිට අද දක්වා වීදි බසින භික්ෂූන්ගෙන් රටේ සංවර්ධනයට සිදු වී ඇති පොදු ක්‍රියාකාරකම් නැති තරම්ය.
nnnnදේශපාලඥයින්ගේ අසාර්ථකත්වයට පිළිතුරු ඇත්තේ පැවැදි මැදිහත් වීමෙන් බව සනාථ කර ඇත.
nnnnඒ බව මහින්දට හා නන්දසේනට කඩේ ගිය භික්ෂු පරපුර කරුණු සනාථ කරති.
nnnnමහජනතාවට වැදි බණ කියා සඟ ගැට තුළින් රාජපක්ෂ නඩය ඔසවා තැබූ භික්ෂු සමාජය නිසා අද ශ්‍රී ලංකාව අසාර්ථකත්වයට පත් වී ඇත.
nnnnශ්‍රී ලංකාව සිල්වත් රාජ්‍යයක් , පන්සිල් රකින රටක් බවට පත් කරන තේමා වාක්‍ය ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයේ තේමාව වන බොරුව , වංචාව , ප්‍රෝඩාව හරය කරගත් හැසිරීමක් හා භාවිතයක් තිබුණි.
nnnnමීට මැදිහත් වූ චීවරධාරීන් තක්කඩිකමින් නව පන්සල් බිහි කරගෙන හැසිරෙති.
nnnnමොවුන් අලි හොරුන් පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ තුට්ටු දෙකටත් විදපු හොරු රැලක් ය.
nnnnරට සුද්ද කිරීමට පාර්ලිමේන්තු ගිය චීවරධාරීන්ගේ කාලයේ දී දුරාචාරයට රට තල්ලු වී ව්‍යාප්ත වී තිබේ.
nnnnපංචශීලයේ පස්වන ශික්ෂා පදය මත්පැන් භාවිතය උග්‍ර වී තිබුණි.
nnnnඅන්තර්ජාලයේ කාමය සොයා ගිය රටවල් අතරින් පළමු තැනට අවුරුදු තුනක් ම පිට පිට ම ශ්‍රී ලංකාව පත්ව තිබිණි.
nnnnගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබා ගත් බෞද්ධ භික්ෂුවක් විසින් එම බලපත්‍රය රුපියල් මිලියන හැට පහකට විකුණන්නේ ද මේ නඩයේ භික්ෂුවක් විසිනි.
nnnnමෑතක ළගම උදාහරණය එල්ල වූයේ අතුරුලියේ රතන හිමිටය.
nnnnශ්‍රේෂ්ඨාධිකරණයෙන් දිවි තුරා සිර ගෙයි තැබු මිනීවරුවෙකු නිදහස් කිරීම සඳහා සුවිශාල අල්ලසක් ලබා ගැනීම පිළිබඳව ය.
nnnnජනාධිපති මෛත්‍රිපාල යුගයේ දී සිදු වී තිබෙන ඒ ගණුදෙණුව පිළිබදව රූපවාහිනි සාකච්ඡාවක දී පසුගිය දා හෙළි කලේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනය.
nnnnභික්ෂූන් වහන්සේලා තුළ තිබිය යුතු සදාචාරය අවම ශිලාචාර ගුණාංගවත් නැති බව මින් පැහැදිලි නොවන්නේ ද?
nnnnජනාධිපතිවරුන්ට තිබෙන මුක්තිය උපරිම ප්‍රයෝජන ගන්නා මෙවැනි යතිවර භික්ෂූ හූ නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය වෙනත් වැදගත් සමාජ ක්ෂේත්රවලට කර තිබෙන නස්පැත්තිය පියවරෙන් පියවර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
nnnnනීතියේ සහ ආණ්ඩු බලයේ හයියෙන් බුද්ධාගම ආරක්ෂා කරනවා , යැයි යතිවර ඇතැම් ප්‍රකාශ සමාජය මුලාවට තල්ලු කිරීමකි.
nnnnධර්මයෙන් තොර හිස් සිවුරක් පැළඳ සිටින ඇතැම් බෞද්ධ භික්ෂූන්ව නිරුවත් කිරීම පොදු සමාජයේ යුතුකමකි.
nnnnපූජ්‍ය පක්ෂය සඳහා මගී බස් රථවල ආසන වෙන් කර ඇත.
nnnnබොහෝ විට වයෝ වෘද්ධ කාන්තාවන් ඉන් නැගිට භික්ෂුවට අසුන් ලබා දීම සිදු කරයි.
nnnnනමුත් ධර්ම රාජකාරිය මනාව ශ්‍රී ලංකාවට ඉටු නොකළ භික්ෂූන් වහන්සේලාට අපි තවදුරටත් ගරු කළ යුතු ද?
nnnnපොදු බස් රථයේ දී සිවුරට ගරු කර ඉන් නැගිට ධර්මයෙන් ගිලිහුණ භික්ෂූන්ට ලබා නොදීමට මහජනතාව ධෛර්යයමත් විය යුතුය.
nnnnඑවැනි අවස්ථාවල දී පැවැදි පක්ෂයේ ධර්ම කාර්යය සමාජයට මනාව ඉටු වී නැති බවට උදාහරණ ඇතිව කරුණු ඉදිරිපත් කිරීමට මහජනතාව ඉදිරියට පැමිණිය යුතුය.
nnnn- සුමිත් කොඩිතුවක්කු විසිනි –