එනම් ඇමරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා රුසියන් ලෙස
රුසියානු කොටස හැර අනෙක් කොටස් ජර්මනියට පනවා තිබූ සම්බාධක ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර ධනේෂ්වර රාමුවක් තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නට ජර්මනියට උදව් කළා.
සෝවියට් දේශය නැගෙනහිර ජර්මනිය චන්ද්‍රිකා රාජ්‍යයක් (Satellite State ) ලෙස සෝවියට් අධිකාරිය යටතේ පවත්වාගෙන ගියා.
නැගෙනහිර ජර්මනියේ අධ්‍යාපන ක්‍රමයත් ආර්ථිකයත් සංස්කෘතියත් ජර්මන් සම්ප්‍රදායන්ට අනුව නොව රුසියන් සම්ප්‍රදායට අනුව පවත්වාගෙන යාම නිසා ආර්ථික වශයෙන් බටහිර ජර්මනිය සහ නැගෙණහිර ජර්මනිය අතර කිසිදාක පියවන්න බැරි අන්දමේ දැවැන්ත පරතරයක්
නිර්මාණය වුණා.
පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා මාක්ස්වාදී ආර්ථික න්‍යාය ඉගැන්වූවා.
නැගෙනහිර ජර්මනිය හඳුනා ගත් නිශ්චිත කාලයක් තුළ දේශපාලන වශයෙන් කඩා වැටෙන බව අප සඳහන් කළේ 1974 වසරේදීයි. ඊට පාදක වන සෑම සාධකයක්ම සමාජ විද්‍යාත්මකව විග්රහහ කරමිනුයි එම අනාවැකිය පළ කළේ.
බටහිර ජර්මනිය භෞතිකවාදී රාජ්‍යයක් වුවත්, ආගමික හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් පශ්චාත් යුධ සමයේදී ආරක්ෂා කර දුන්නා.
ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් නැගෙනහිර ජර්මනියේ භාෂණ නිදහස සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ අතර එහි තිබුණේ මාක්ස්වාදී ආර්ථික න්‍යායක් හා සබැඳුන ඒකාධිපති පාලනයක්.
මෙම රටවල් දෙක උදාහරණ ලෙස ගනිමින් සංසන්දනාත්මක විග්රහයක යෙදුනේ දැනුම ලෙස අප විසින් යම් යම් කාලපරිච්ඡේදවලදී පිළිගන්නා හා විශ්වාස කරන සංසිද්ධීන් හා ප්රපංචයන් ඉතිහාසය තුළ ඉටුකරන්නේ සාපේක්ෂ වූ කාර්යභාරයක් බව පැහැදිලි කිරීම සඳහායි.
රටවල් දෙකම ද්‍රව්‍යවාදී වුනත් සමාජ ව්‍යුහයේ හා කෘත්‍යයන්ගේ දැවැන්ත වෙනස නිසා ද්‍රව්‍යවාදී ධනේෂ්වර පිළ සමාජවාදී පිළ පරදවා අවසාන විග්රහයේදී එකම රාජ්‍යයක් ලෙස නැවත එක්සත් වුනා.
එකම ජාතියක්, එකම භාෂාවක්, එකම සංස්කෘතියක් (ආගමික වශයෙන් ක්‍රිස්තියානි) හා ඊටත් වඩා බලවත්ම සාධකය ලෙස සැළකිය හැකි සජාතීය ජානමය ශක්තිය කාන්දමක් සේ නැවත එකට එක්වුණා.
ලෝකයේ සිටින බලවත්ම රාජ්‍යයන් 4ක් එක් වී ජර්මනියට පහර දුන්නද, නැවත එක්සත් වූ ජර්මනිය තමන්ට පහර දුන් රටවල් වලටත් වඩා බලවත් තත්ත්වයක අද පසුවෙනවා.
මොන බලවේග ශ්‍රී ලංකාව විනාශ කිරීමට කුමන්ත්‍රණය කළත්, මෙය නුදුරු දිනක ශ්‍රී ලංකාව කෙරෙහිත් බලපාන බලවත් ඓතිහාසික සංසිද්ධියක් වනවා නොඅනුමානයි.
13 වෙනි හෝ වෙනත් කුමන්ත්රණකාරී රට බෙදීමේ, ශ්‍රී ලංකාවේ ජාතිකත්වය විනාශ කරන මොනම උත්සාහයක්වත් සඵල වන්නේ නැති බව අනාගතය වෙනුවෙන් අලුත් අනාවැකියක් පළ කරනු කැමැත්තෙමි.
නක්ෂත්රකරුවන් කැමති නම් තාරකා ගණිමින් හෝ මෙම අනාවැකියේ භව්යයතාවය පරීක්ෂාවට ලක් කළ හැක.
-තෙවැනි ඇස-
15.12.2024
The post දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය කොටස් හතරකට කැඩුනා. appeared first on PFP News.