ශ්‍රී ලංකාව වසර 74ක් පුරා පාලකයින් ජනතාව වෙනුවෙන් සාධනීය පියවර නොගැනීමට වගකිව යුත්තෝ කවුරුන් ද?
ලංකාවේ සංඝ සමාජයට ඇත්තේ සුවිශාල සිවිල් බලයක් නමුත් අවාසනාවකට නිකායන් අතර හා විහාරස්ථාන අතර ආරවුල් පැන නැග්ගේ අද ඊයේ නොවේ.
අනුරාධපුරය යුගය දක්වා දිවයන ඉතිහාසය මොහොතකට අමතක කරමු.
අධිරාජ්‍යවාදී යුගයේ සිට විහාරාධිපති ආරවුල් නිසා සංඝ සමාජය බලවත් අභ්‍යන්තර පරිහානියකට තල්ලු වී තිබේ.
මීට වසර සියයකට පෙර ඉතිහාසයේ සිට අධිකරණ නඩු විමසීමේ දී තත්වය වඩාත් මතු වී පෙනේ.
එදා මෙදා සිවිල් අධිකරණවල පැන නගින නඩුහබ වලිනුත් පැරණි නීති ග්රන්ථයන්හි ඇතුළත් නඩු වාර්තතාවලින් තහවුරු වේ.
නමුත් එම නඩු බොහෝ විට විවෘත සමාජයට විවෘත කිරීමට ත්‍රෛයි නිකායික මහානායක හිමිවරු අසමත් වී තිබේ.
විහාරයක් ගොඩනැගෙන්නේ බොහෝ විට මහජන දේපළවලිනි. නමුත් පසුකාලීනව මහජන ශ්‍රමයෙන් ගොඩනැගෙන දේපළවල භුක්තිය පෞද්ගලික සුඛ විහරණය සදහා මෙහෙයවන භික්ෂු සමූහයක් ශ්‍රී ලංකාවට උරුම වී තිබේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය සියල්ල අත්හැරීමය.
- ධර්මයෙන් භවබෝග සම්පත් උපදවා ගැනීම
- ධර්මයෙන් ඥාති මිත්‍රාදීන් සමග පරිවාර සම්පත් දියුණු කරගැනීම
- ඥාතී මිත්‍රාදීන් සමග බොහෝකලක් සමගින් ජීවත් වීම.
- මරණින් පසු දෙව්ලොව ඉපදීම.
ලෝකයේ ආර්යය ශ්රාවකයා විසින් අත්පත් කරගත යුතු මේ දුර්ලභ කරුණු හතර ඉලක්ක කරගෙන භික්ෂු සමාජය සිය ධර්ම දේශනා තුළට රාජපක්ෂ පවුල ඔසවා තබන්න පසුගිය කාලය තුළ ගත් වෑයම නිසා සිදු වී තිබෙන සුවිශාල හානිය හමුවේ රට අගාධයට තල්ලු වී තිබේ.
ගෝඨාභය මහින්ද බලයට ගෙන ඒම සඳහා බුදු දහමට මුවා වී සංඝරත්නය කළ සියුම් විනාශය විවෘත සමාජය කථා නොකරන්නේ බුදුදහමට වී තිබෙන සුවිශාල ලැඳියාව නිසාය .
නිශ්චිත සාර්ව ආර්ථික සැලැස්මක් නැතිබව මහානායක හිමිවරුන්ට දැන් සිහිපත් වී තිබේ.
ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරිම මහජන නියෝජිතයින්ගේ යුතුකම ත්රෛයිනායක හිමිවරුන් ඊට ඍජුව රාජපක්ෂ පවුලට හෝ රනිල් වික්‍රමසිංහට චෝදනා කිරීමට අසමත්ය.
සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍ර අඛණ්ඩව ක්‍රියාත්මක වීමේ ඉතිහාසය තුළ මේ භික්ෂු හූ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව අදාළ ලිපිය තුළින් ම බුද්ධිමත් ප්‍රජාවට ගම්‍ය වේ.
විහාරයක් සතු දේපලක් හෝ නිකායන්වලට අදාළ නඩුහබවලට වැඩි කාලයක් ත්‍රෛයි නිකායික මහනායක හිමිවරුන් කාලය ගත වූවා විය හැකිය.
දේපල භුක්තිය විහාරපති පදවි දැරීමට පවත්නා තරඟය හා බලවත් භික්ෂූන් අතර ඇති ආසාවන් විවේක බුද්ධිය පසුගිය කාලය තුළ නැති වූවා විය හැකිය .
සහෝදර භික්ෂුන් අතර හටගන්නා ආරවුල් හා මත භේඳ පසුගිය කාලය තුළ උග්‍ර අවස්ථාවන් වලට පත් වූ නිසා රටේ ජනතාව තල්ලු වෙන අගාදය තේරුම් ගැනීමට ඇතැම් විට අවකාශ නොලැබුනා විය හැකියි.
දේපල තණ්හාව භුක්තිය අශිෂ්ඨ අශීල හා දුශ්ශීල චෝදනා නගන ලද නඩු කෘත්‍යයන් ලංකාව පුරාම අධිකරණවල ගොනුවෙන පරිසරය නිසා ජනතාවගේ පොදු ප්‍රශ්න ගැන පාලකයින් දැනුවත්වත් කිරීමට කාලවේලා නැතිවූවාට සැකයක් නැත.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවට මේ ත්‍රෛයි නිකායික හිමිවරු නියෝජනය කරති.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ උපදේශක සභාවේ දී මේ මහානායක හිමිවරු ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වෙති.
එහි දී බොහෝ විට කථික තරගයක් ලෙස මහානායක හිමිවරු ජනාධිවරයාට ප්‍රශස්ථි ගයන ප්රවෘත්ති තුළින් මහජනතාවට දැක ගත හැකි වූ අවස්ථා අපමණව තිබුණි.
රටේ ආර්ථික ප්‍රශ්න මතු වූයේ අද ඊයේ නොවේ.
ජනාධිපතිවරයා බලයට පත් වී සුළු කාලයකින් පසුවය.
එවැනි උපදේශක සභාවල දී රටේ උද්ගත වෙමින් පැවැති ආර්ථික අර්බුදය පිළිබඳ සමාජ විද්‍යාත්මක අත්දැකීම් ජනාධිවරයා ඉදිරියේ කථා කිරීමට අසමත් වූ ත්‍රෛයි නිකායික හිමිවරු මීළගට බලයට පත්වන ආණ්ඩුවකින් ප්‍රයෝජන ගැනීමේ අරමුණින් විටින් විට ජනාධිපතිවරයා ලිපි මඟින් අමතති.
උපදේශක සභාවක් අවසානයේ පෞද්ගලික විවිධ ඉල්ලීම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින මේ යතිවරයන් පිළිබඳ ජනාධිපතිවරයාට මනා අවබෝධයක් ඇත.
දේශපාලකයින්ට ආවැඩීම , ගැතිකම් කිරීම යතිවරුන්ගේ පුරුද්දක් නිසා මහානායක හිමිවරුන්ගේ ලිපිවලට ඍජු පිළිතුරු ලබා දීමට දැඩි උනන්දුවක් නොදක්වයි.
තමන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින යතිවරුන්ගෙන් පොදු යහපත වෙනුවෙන් කථා කිරීම , ලේඛන ඉදිරිපත් කිරීම ව්‍යාජයක් බව මේ නිසා ජනාධිපතිවරයාට තේරුම් ගොස් ඇතැයි පිළිගත හැක.
මහජනතාවට පීඩාවට සංවේදීවන්න යැයි , කියන ත්‍රෛයි නිකායික හිමිවරු ඒ සදහා නිකායන් ආශ්‍රිතව ගොඩ ගැසී ඇති අති සුවිශාල දේපලවලින් මහජනතාවට මුදාහල හැකි ප්රාග්ධනය පිළිබඳ කිසිවක් නොකියයි.
මහනායක පදවිවලට පත්වන භික්ෂුන් වහන්සේලාගේ අක්තපත්‍ර ලබා ගැනීම සදහා ජනාධිපති අගමැතිවරයා කැඳවා ගන්නා මේ ත්‍රෛයි නිකායික හිමිවරු අදාළ උත්සව සංවිධානය කරගන්නේ ද මහජන මුදල් වලිනි.
ආණ්ඩුවට ගැතිකම් කරන ආවඩන හිමිවරුන්ට මාසිකව , වාර්ෂිකව රජයේ මුදල් වැය කරන්නේ අමාත්‍යංශ , දෙපාර්තමේන්තු , අධිකාරින් හරහාය.
කෝටි ගණන් වැය කර විහාරස්ථාන ආශ්‍රිතව ගොඩනැගිලි ඉදිවන්නේ ද මහජන , ශ්‍රාවක භුක්ති විදීමට තිබෙන සංවර්ධන වැඩහටහන්වලට වෙන් කර ඇති මුදල්වලින් ය.
මීට අමතරව ලක්ෂ දෙතුන් සීයය වැය කරන සුවිශාල සුඛෝප භෝගී වාහන දීමනා ද වේ.
මේ නිසා මහානායක හිමිවරුන් පසුගිය කාලය තුළම ආණ්ඩුවට ආවැඩීම සිය රාජකාරිය සේ සලකා ක්‍රියා කල අවස්ථා ශ්‍රව්‍ය දෘශ්‍ය වාර්තා මගින් ඉදිරිපත් කළ හැකිය.
මෙය බුද්ධාගම පෝෂණය කිරීමක් නොවේ.
රාජ්‍ය ප්‍රතිපාදන මහානායක හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශවවලට හිමි කර දීම රාජ්‍ය ප්‍රතිපාදන අවභාවිතා කිරීමකි.
භික්ෂුව පවතින ආණ්ඩුවටත් , ආණ්ඩුව භික්ෂුවටත් ලැඳියාව දක්වන්නේ ඔවුනොවුන්ගේ පෞද්ගලික මුදල්වලින් නොවේ.
මහජන සමාජ සංවර්ධනය උදෙසා ඇති මහ භාණ්ඩාගාරය සතු මුදල් අයුතු ලෙස යෙදවීම රාජ්‍ය දුරාචාරය සිවුරු දරාගෙන සදාචාරයට නොගැළපෙන ඇතැම් බේබදු භික්ෂූන් වහන්සේලා බිහි වී ඇත්තේ මේ නිසාය.
දේශපාලකයින් සඳහා කඩේ යන චණ්ඩිකම් විදීවල රජයේ ආයතනවල සිදු කරන භික්ෂු පරිසරයක් හැදී ඇත්තේ මේ නිසාය.
2007 වසරේ ලෝක ආර්ථික අර්බුදය හමුවේ තායිලන්තයේ භික්ෂූන් වහන්සේ මැදිහත්ව සිදු කළ කාර්යය භාර්යය ලංකාවේ ත්‍රෛයි නිකායික මහ හිමිවරුන්ට කළ නොහැක්කේ ඇයි?
වස්තු තණ්හාවෙන් යැපෙන චේතනාත්වකවම ධනය රැස් කර ගැනීම පමණක් ලංකාවේ මහානායක හිමිවරුන්ගේ මූලික සංකල්පයයි.
තායිලන්තයේ භික්ෂූන් වහන්සේ විහාරස්ථානවල තැම්පත්කර තිබූ රත්තරං එරට රජයේ භාණ්ඩාගාරයට පරිත්‍යාග කළේ ස්ව කැමැත්තෙන්ය.
තායිලන්තයේ ආර්ථික අර්බුදය හමුවේ මහජනතාවට සේවය කිරීම සඳහා සිය ප්‍රාග්ධනයෙන් වැඩි කොටසක් ලබා දීම සිදු විය.
එවැනි ආදර්ශයක් හෝ වෙනත් විකල්පයක් නැති අපේ මහානායක හිමවරු සුපුරුදු පරිදි ප්‍රකාශ නිකුත් කරන්නේ තවත් වංචාකාරී මායා උපක්‍රමයක් ලෙසයි.
ලංකාව අගතියට පත් වූ බොහෝ අවස්ථාවල දී සාධනීය පියවර සඳහා ලංකාවේ ත්‍රෛයි නිකායික හිමිවරු කර ඇති කෙහෙල් මලක් නැත.
එවැනි ආදර්ශයක් මහානායක හිමිවරු ලබා දෙන්නේ නම් බෞද්ධ අබෞද්ධ විවිධ ආගමික පූජ්‍ය පක්ෂවලින් පැහැබර ඉදිරි ගමන් පියවර වලට යා හැකිය.
බෞද්ධ , ඉස්ලාම් , හින්දු , ක්‍රිස්තියානි ආගමික අංශ මේ සඳහා පෙළඹවිය යුත්තේ සුවිශාල ප්‍රාග්ධන දේපලකට හිමිකම් කියනුයේ ත්‍රෛයි නිකායික හිමිවරුන්ය.
තෙල් ගෑස් පෝළිම් , ආහාර හිඟකම රට තුළ මතු වූයේ නුසුදුසු ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා ජනතාවට උත්තේජනය කළ සංඝ සමාජය නිසාය.
අර්බුදය ව්‍යාප්ත වෙමින් මරණ විස්සකට ආසන්න වෙමින් තිබේ.
පොලිසිය , හමුදාව හා සිවිල් සමාජය අතර ගැටුම් උග්‍ර වෙමින් තිබේ.
ජනතාව ප්රකෝපකාරී වී ඇත්තේ අසමත් නායකයකු පත් කර ගැනීමට ජනතාවට උත්තේජනය ලබා දුන් භික්ෂු සමාජය නිසාය.
රාජ්‍ය නායකයින් නිර්ව්‍යාජ පියවර නොගැනීමේ දී කාලීනව ඉදිරිගාමී පියවර නොගත් යතිවර මහනායක අතීත හා වර්තමානයේ සිදු කරන්නේ සිය ප්‍රයෝග වසා ගැනීමට ක්‍රියා කරන උත්සාහයන් ය.
යතිවර සමාජයේ එවැනි ක්‍රියාකාරකම් අත්දැකීම් අප සතුව ඇත.
මේ නිසා රට තුළ පවතින දේශපාලන අස්ථාවරයන්ට නිර්මාතෘන් වන්නේ ත්‍රෛයි නිකායික හිමිවරුන්ය.
- සුමිත් කොඩිතුවක්කු විසිනි. –