(Densys – Dengue Surveillance System ඩෙංගු පිලිබඳ ආවේක්ෂණ පද්ධතිය)
දින දෙකක පමණ සීමිත කාලයක සිට (Densys) තොරතුරු පද්ධතියට ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයෙන් (IDH) ඩෙංගු රෝගීන් පිලිබඳ තොරතුරු වාර්තා වීමක් සිදුවී නොමැති බවට ඊයේ පැතිරගිය කටකතා, වට්ස් ඇප් සහ සමාජ මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර බැලීම සිදුවිය.
ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ (IDH) අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා (0718766870) මීට සුළු මොහොතකට පෙර “අලුත් සුව පුවත්’ වෙත ප්‍රකාශ කලේ පැතිර ගිය ප්‍රචාර වල කිසිදු පදනමක් නොමැති බවයි. පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මකව තිබූ බව ඔහු අවධාරණය කලේය.
මේ අතර ‘අලුත් සුව පුවත් ඊයේ සිදුකල විමසීමකදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ නලීන් ආරියරත්න මහතා (0740931033) අනාවරණ කලේ ඩෙංගු ආවේක්ෂණ ක්‍රියාවලිය තවත් පුළුල් හා කාර්යක්ෂමව සිදු කිරීමට ඉදිරියේදී සාධනීය වෙනස්කම් කිහිපයක් සිදු කරන බවයි. ඒ අතර Densys ඩෙංගු පිලිබඳ ආවේක්ෂණ පද්ධතිය වෙනුවට තවත් පුළුල් ආවේක්ෂණ පද්ධතියක් හඳුන්වාදීමේ සැලසුමක් දැනටමත් පවතින බවයි .