n
හින්දු භක්නිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ‘ශ්‍රීමත් භගවත් ගීතාව’ සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයන් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වනු ලබයි. මෑත වර්ෂ වලදී එම උත්සවය විදේශ රටවල පවත්වා ඇති අතර 2024 ජාත්‍යන්තර ගීතා මහොත්සවය බුද්ධශාසන, ආගමික ගා සංස්කෘතික අමාත්‍යංශයේ සංවිධානත්වයෙන් 2024 මාර්තු 01 සිට 03 දක්වා නෙළුම් පොකුණ රඟගල පරිශ්‍රයේදී හා විහාරමගහාදේවී උද්‍යානය කේන්ද්‍රව පැවැත්වීමට කටයුතු සංවිධානය.
nnnnn