මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ජාලාවට මුදා හරින ඇතැම් පුද්ගලයින් මෙම සිද්ධිය හුවා දක්වන්නේ බුදුන් වහන්සේ අනුර කුමාර දිසානායකගේ මෑණියන්ට ආශිර්වාද කිරීමට අනුරාධපුරයට වැඩියා සේ වැනි කතාවක්.
හිත් පිත් නැති දරුවන් විසින් පාරට ඇද දමනු ලැබූ මව්වරුන් පිළිබඳ කතා පසුගිය වකවානුවේදී අපට ඉඳහිට අසන්නට ලැබුණා.
මීට හේතු වශයෙන් ආර්ථික කතා මතුපිටට ගෙන ආවත්, මෙයට සැබෑ හේතුව ලෙස අප දකින්නේ බෞද්ධ හැදියාවෙන් ඈත් වීමේ ප්‍රතිඵලයක් ලෙසින්.
සෝභිත කියන්නේ සිල්වත් චරිතයක් නම්, මෙවැනි ගමනක් ගොස් රෝගී මවකට ආශිර්වාද කිරීමේ යහපතක් මිස වැරැද්දක් අප නොදකිමු. චීවරයක් දැරීම කෙසේ වෙතත් කාරුණික හදවතක් ඇති පුද්ගලයෙක් වී නම්, අසරණ වී නැති ජනාධිපති මවකට ආශිර්වාද කිරීමට මාධ්‍ය පෙරහරකින් යාම ඇත්තෙන්ම කුතුහලය දනවන සිදුවීමක්. මේ කියන “භික්ෂුව” සැබවින්ම රෝගාතුරවී අසරණ වී සිටින නොදන්නා කෙනෙකුගේ මෑණියන්ට ආශිර්වාද කිරීමට ගියේ නම්, නමස්කාර පූර්වකව අපි එය අනුමත කරන්නෙමු.
කතෝලික පල්ලිය විසින් ගෝඨාභය ජනාධිපතිව නොමරා මරා පළවා හැරිවිට, සෝභිත “හිමි” ප්‍රීතියෙන් ඉපිළෙමින් කියා සිටියේ “සිංහල බෞද්ධ බලවේගය අවසන්” වූ බවයි.
අනෙක සිංහල බෞද්ධයාගේ පරම හතුරෙකු ලෙසින් කටයුතු කළ හා දැනටමත් එම කටයුත්තේ රහසින් නියැලී සිටින වත්මන් කාදිනල්ගේ අතීජාත මිත්‍රයෙකු ජනාධිපති මෑණියන්ට ආශිර්වාද කිරීමට යාම ඇත්තෙන්ම විහිළුවක්.
අප නොදන්නා වුවත් සමහර විට සෝභිත “හිමි” සිවුරේ සිටියදීම දැනටමත් භෞතිස්ම වී ඇත්නම්, අලුතින් වැළඳ ගත් ආගමේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය රැගෙන අනුරාධපුරේට ගියා විය හැකියි.
අප දන්නා තරමෙන් ලංකාවේ ප්‍රථම වරට භෞතිස්ම කරනු ලැබූ “හිමි” නම වූයේ බණ්ඩාරනායක ඝාතන සිද්ධියේ දෙවන සැකකරු වන තල්දූවේ සෝමාරාම.
බණ්ඩාරනායක ඝාතනයේ මහ මොළකරුවා වන ඇන්ග්ලිකානු පූජක මැතිව් පීරිස්, සෝමාරාමව එල්ළා මරණ දවසේ වැලිකඩ බන්ධනාගාරයට රහසේම ගොස් බණ්ඩාරනායක මහතාව (සිංහල බෞද්ධ බලවේගයේ එවකට සංකේතය) මහතාව මරාදැමීමට ඉදිරිපත් වූ සෝමාරාමට පිදෙන කෘතඥතාවයක් හැටියට පල්ලියේ යුතුකම ඉටු කිරීමක් ලෙසින් එම සිද්ධිය ඉතිහාසයට එකතු වෙනවා ඇත.
එදා මෙදා තුර අප නොදැනුවත්ව සෝමාරාමලා සෝභිතලා,අතුරලියලා රහසේම භෞතිස්ම කරනු ලබන්නට ඇත්ද?
“පුනරුදය”ට ප්‍රායෝගික අරුත් සොයන මාළිමා ආණ්ඩුව සැබෑ බුද්ධ පුත්‍රයින් අතේ දුරින් තබාගෙන බුදුදහම ආගමක් කර නිරාගමික ගිළටිනයට ලක් කිරීමට කරන කුමන්ත්රණකාරී උත්සාහය ලත් තැනම ලොප් කළ යුතුව ඇත.
-තෙවැනි ඇස-
23.12.2024
The post ජනාධිපතිවරයාට හා නව ආණ්ඩුවට සමීප වීමට අයුතු ප්‍රයෝජන ගැනීමට බෞද්ධ භික්ෂූන්ගේ පොදු හැසිරම සෝභිත හිමියන් තවදුරටත් ප්‍රදර්ශනය කළා නොවේද ?කාගේ වුණත් අසනීපයෙන් පසුවන මවකට නිරෝගී සුවය පතා ආශිර්වාද කරන එක බෞද්ධයින්ට පමණක් නොව ලෝකයේ බොහෝ සංස්කෘතින් හා සබැඳුන චාරිත්‍රයක් . රටේ තවත් රෝගාතුර වූ මව්වරු නැතිද? appeared first on PFP News.