“ජනාධිපති,අමාත්‍යවරුන්, විනිශ්චයකාරවරුන් , රාජ්‍ය නිලධාරීන් සිදුකරන ව්‍යවස්ථාපිත වැරදි සම්බන්ධයෙන් නඩු පවරන තැනත්තන්ට රැකවරණය සැළසීමේ විශේෂ විධිවිධාන” යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව අනුව පවත්වන ජනමතවිචාරණයකින් නීතියක් කර ගැනීමට පුලුවන්. අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළ හැක්කේ ජනාධිපති, විනිසුරුවරු, රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන අයද ආරක්ෂා කිරීමේ සංවරණ තුළණ ක්‍රමයෙනි. අධිකරණයට අපහාස කරන තැනැත්තනට එරෙහිව නීති පැනවිය යුතුය. එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පාලනය පිහිටුවීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර සංවරන තුළණ ක්රමයද පැවතිය යුතුය. බලය අතදැරූ පමණින් වැරදි කිරීමට කිසිවෙකුට අවස්ථාව නොදිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය ව්‍යවස්ථාපිත යුතුකම කඩ කරන තැනැත්තන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතියකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2023 මැයි 22 (ජනරජ දින) ප.ව. 2-5 දක්වා කොළඹ 07, මහජන පුස්තකාල සම්මන්ත්රණ ශාලාව දුරකථන 0342256066, 0712063394