ලංකාවේ මානව හිමිකම් හා අතුරුදන්වීම් පිළිබඳ ප්රචණ්ඩත්වය තීරණය වුණේ ක්‍රියාත්මක වුණේ වැඩිහිටි සමාජය තුළ.
මේ වන විට ලංකාවේ මානව හිමිකම් අහිමි කිරීම සඳහා සමාජයට බලපෑම් කරන කණ්ඩායමක් වශයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැසිරීම හා භාවිතය තුළින් පසුගිය කාලය තුළ දී දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක්.
විවිධ සමාජ විරෝධී ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වූ පාසල් සිසුන් පිළිබඳ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය පුරා ඉමහත් අවධානයට ලක් විය යුතු පැති නිසා අප ඒ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
අදාළ සමාජ කණ්ඩායම් සඳහා විවිධ සමාජ සංස්ථා ඒකරාශි කොට දියත් කරනු ලබන ප්‍රවර්ධන බුද්ධිමය සංවාද වැඩසටහන් සමාජය තුළ ජනගත නොවීම මෙහිදී ප්‍රධාන කරුණක්.
ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ප්රතිපත්තීන් පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු ජනාධිපතිවරයා ලංකාවේ මේ වන විට ශිෂ්‍ය සමාජය අදෘෂ්යමානී තත්ත්වයට තල්ලුවීම පිළිබඳව වගකිව යුතුයි.
ඒ පිළිබඳව දිගින් දිගටම මෙවැනි ප්රචණ්ඩ මාවතකට ශිෂ්‍ය ප්‍රජාව මතු වුණේ කෙසේද යන්න තේරුම් කරගැනීම සඳහා පුළුල් සමාජ සංවාද මණ්ඩප ගොඩනැගීම මතු වී තිබෙනවා.
ඇමරිකාව වැනි දියුණු රටවල චිකාගෝ ගිනි අවි අමෝරාගෙන හැසිරෙන සමාජ වටපිටාවකට ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තල්ලු වෙන පරිසරයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා.
අවි අමෝරාගෙන එකවිට සිසුන් ගණනාවක් එකතුව එක් ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධීන් මෙහිදී ප්‍රබල සාධකයක්.
ඊට අමතරව ගුරුවරුන්ගේ පණ සුන් කරන ආකාරයේ අපරාධ මේ තත්ත්වයක් වර්ධනය වෙමින් තිබීම තවත් පැත්තක්.
මෙසේ මතුවන ප්රචණ්ඩ ක්‍රියා තුළින් දැඩි අනතුරු හැගවීමක් ලාංකීය සමස්ත සමාජයටම ලබාදෙමින් තිබෙනවා.
මෙසේ ප්රචණ්ඩ ක්‍රියා අතරින් බෙහෙවින්ම සමාජ කම්පනයට හේතු වූ සිදු වූ සිදුවීම් ගණනාවක්ම තිබෙනවා.
මහ පාරේ නිසි පරිදි යතුරු පැදිය පදින්නැයි අවවාද කළ පුද්ගලයකුට හිස් වැසුම්වලින් පහරදී මහපාරේ මරා දැමීම එක වාර්තාවක්.
පසුව දැනගන්නට ලැබුණු කරුණු අනුව එසේ සිසුන්ගේ පහරකැමට ලක්ව මිය ගියේ ඔවුන් සිප් සතර හැදැරූ පාසලේ ගුරුවරියකගේ ස්වාමිපුරුෂයෙක්.
එහෙම විතරක් නෙවෙයි 2017 වසරේ කොල්ලුපිටිය පාසලක සිසුන් 50 දෙනකු පමණ බොරැල්ලේ ප්‍රකට බාලිකාවකට පැන ගුරුවරුන්ට හා මුරකරුට පහරදී එම පාසලේ දේපොළට හානි කිරීමේ සිදුවීමද බෙහෙවින් ත්‍රාසය හා භිතිය දනවන කරුණක්.
එවැනි කරුණුවලදී ලංකාවේ අද්යාපන බලධාරින්ගේ හැසිරීම භාවිතය හා ඒ පිළිබඳව ගත් පියවර පිළිබඳ දැඩිව සාකච්ඡාවට බඳුන් විය යුතුයි.
ත්‍රාසය හා භීතිය දනවන සිද්ධීන් දිගින් දිගටම පාසල් සමාජය තුළින් වාර්තා වීම ඉතාම කනගාටුවට කරුණක්.
සමහර විදුහල්පතිවරු හා ගුරුවරු සිසුන්ට එරෙහිව සිදු කරන ඇතැම් ආත්මාර්තකාමී ක්‍රියාවන් ද නිසා මෙවැනි මානසිකත්වයක් ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇතිවන්න පුළුවන්.
කොහොම වෙතත් ප්රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම අඩුවක් නැතිව රට තුළ දිගු වෙමින් තිබෙනවා.
එවැනි සිදුවීම් නිසා ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී තිබෙනවා.
සිසුන් පිළිබඳ ඇතැම් ගුරුවරුන්ගේ ප්රචණ්ඩ ආකල්පවල තරම පෙනෙන්නේ වරක් හැටන් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් තමන් විසින් පවත්වනු ලබන උපකාරක පංතියකට නොපැමිණියේ යැයි වේවැල් පහක් එකට තබා උසස්පෙළ සිසුවියකට දරුණු ලෙස පහරදීමේ සිද්ධිය එක් උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්.
මානව හිමිකම් හා අතුරුදන් වූ තැනැත්තන් ගැටලුවේ ප්රභවය ඈතට දිව යනවා.
රටේ සහජීවනය පිළිබඳ අධ්‍යාපනික සාමාජික, සංස්කෘක දිසා දක්වා විහිද ගොස් ඇති අසාමාන්‍ය තත්ත්වය දැන් තවත් මුහුණුවරින් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
ලාංකික සමාජයේ සිය සහෝදර සහෝදරියන් වේදනාවට කම්පනයට පත් කරන ආත්මාර්තකාමී අරමුණු වෙනුවෙන් ඉහළ සමාජයේ හැසිරීම භාවිතය මීට ආදර්ශ වී තිබෙනවා.
එය දේශපාලන පක්ෂවල හැසිරීම හා භාවිතය රජයේ වෘත්තීය ආයතනවල ඉහළ නිලධාරින්ගේ හැසිරීම හා භාවිතය මීට තවත් සාධකයක්.
අධිකරණය යනු යුක්තිය පසඳලීමේ දෙවොලක්.
නමුත් අධිකරණ භූමිවලත් නීතිඥයින්ගේ පෞද්ගලික අභිමතාර්ත වෙනුවෙන් පෙරළා සිය සහෝදර නීතිඥයාට අසල්වැසි නීතිඥයාට පහර දෙන සංස්කෘතියක් දැන් දිගුවෙමින් තියෙනවා.
මේ දිගුවීම අලුත්ම ආරංචිය ගෙනාවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් භූමිය තුලින්.
මේ ප්‍රධාන මහේස්ත්‍රාත් භූමිය තුළ වරක් දෙවක් නොව තම සහෝදර නීතිඥයින්ට පහර දෙන දැඩිව හෙළා දකින දැඩිව වචනයෙන් බැන වදින සංස්කෘතියක් දිගු වෙමින් තිබෙනවා.
මේ නිසා ඇතැම් නීතිඥයින් පහර කා රෝහල්ගත වූ අවස්ථාත් තිබෙනවා.
ඒ පිළිබඳව පසුවට කතා කිරීමට හිමිකම තබාගෙන මෙවැනි සිදුවීම්වල ආදර්ශය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරට කාන්දු වෙමින් තිබෙන බව තේරුම්ගන්න සිදුවී තිබෙනවා.
මේ නිසා මුළු මහත් සමාජයම කම්පනයට පත් කරමින් ආත්මාර්තකාමී අරමුණු වෙනුවෙන් ශිෂ්‍ය ප්‍රජාව දිගුවෙන තත්ත්වයක්ද දකින්නට ලැබෙනවා.
මේ සිද්ධීන්වලින් අගතියට පත්වන්නේ මේ රටේම පුරවැසියන්.
ආර්ථික ඉච්ඡාභංගත්වයට පත්ව සිටින වාතාවරණයක් හමුවේ සමාජ සංහිඳියාව සහජීවනය මුළුමනින්ම මේ නිසා තුරුන් වෙමින් තිබෙනවා.
පාසල් අධ්‍යාපනය සඳහා පුළුල් සමාජ කාර්යභාරයක් තිබෙනවා.
ඒ කාර්යභාරය ඉටු කිරීමට විෂයමාලා සංවර්ධනය පැත්තෙන් තිබෙන ආචාර ධර්ම පද්ධතිය තුළ ඇති අඩුපාඩුකම් නිසා ළමුන් තුළ මනා අධ්‍යාපන අවබෝධයක් සාමාජික සංස්කෘතික හා ප්‍රජා හිමිකම් පිළිබඳව විචාර දැනුමක් අද පාසල් දරුවන්ට නැතිවීම තවත් පැත්තක්.
මනා අද්දැකීම් ඇති ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති සමාජ පදනමක් ඇති විද්වත් පුරවැසියන්ගේ සේවය මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හෝ ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රවේශකරගැනීම ඉතාම වැදගත්.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මේ ප්රචණ්ඩ ක්‍රියා හමුවේ මානව හිමිකම් අතුරුදන් වීමේ සමාජ සංස්කෘතියක් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
මේ නිසා කම්පනයට කලකිරීමට පත්වන සිවිල් පුරවැසියා ඉතාම භයානක තත්ත්වයකට ඔවුන්ගේ මානසිකත්වය ගෙන යනවා.
ඒ නිසා මේ තත්ත්වාය සිනාසීමට හෝ හඬා වැටීමට කරුණක් නොවේ.
දවසේ ලෝකය හරවත් සම්භාවනිය ක්‍රියාදාමයක් සඳහා රටේ සංවර්ධනයට පාසල් ශිෂ්‍ය ප්‍රජාව දායක කරගැනීම සඳහා සිය අධ්‍යාපන ප්‍රතිපත්ති මනාව සැලසුම් කරගැනීම අධ්‍යාපන බලධාරින්ගේ ප්‍රධාන වගකීමක්.
භූගෝලීය සංවර්ධනයකට සමානතා ඇතිව අදාළ අධ්‍යාපන ප්රතිපත්තීන් සකස් විය යුතුයි.
සංස්කෘතික අනන්‍යතාවයක් තුළින් ලාංකික සංහිඳියාව යන තේමාව ඔස්සේ රටේ අනාගත දැක්මක් අපේක්ෂා කරන ශිෂ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමට අධ්‍යාපන බලධාරින් සිය වගකීම මැනවින් ඉටු කළ යුතුයි.
අධ්‍යාපනික සාමාජික සංස්කෘතික ත්‍රිත්ව භාෂාව (සිංහල, දමිළ, ඉංග්‍රීසි) තුළින් නිර්මාණාත්මක කතිකා සංවිධානය නොවීම මෙහිදී ප්‍රධාන ගැටලුවක්.
විශේෂයෙන්ම එවැනි වපසරියක් පාසල් පද්ධතිය තුලින් අතුරුදන් වීම මීට තවත් අදාළ කරුණක්.
පවතින දරුණු භයංකාර තත්ත්වය හමුවේ පාසල් සිසුන් හා ගුරුවරුන් අතර සබඳතාවය ඉතා නරක තැනකට මේ වන විට වැටී තිබෙනවා.
ගුරු ගෞරවය හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි ගුරුවරුන් හෙළූ දැක්ම එය තමන්ගේ දරුවන් යන ආකල්පය බෙහෙවින්ම බිඳ වැටීම මීට තවත් සාධකයක්.
අපට දැනගන්නට ලැබුණු පුත්තලම සිද්ධිය ප්‍රදේශයේ ගුරුවරයෙකුට දෙතොල් පැලෙන්නට පහරදීම නිසා ගුරු ගෞරවය කෙළසාගත් ගුරුවරුන්ගේ හැසිරීම භාවිතය මෙවැනි සිදුවීම්වලට සාධක වෙන්න පුළුවන්.
ගුරුවරයාට පහරදී තිබෙන්නේ හිසකෙස් කපාගෙන එන්නැයි අවවාද කිරීම නිසා.
මෙවැනි සිදුවීම් ඕනෑ තරම් උපුටා දක්වන්න පුළුවන්.
එසේම මේවා සිදු වූ විගස රටේ කතාබහක් ඇති වෙනවා.
ඉහළ පෙලේ ලොකු ලොක්කෝ එහිලා ගත යුතු තීන්දු තීරණ පිළිබඳ සාකච්ඡා කරනවා.
මාධ්‍යවලටත් ප්‍රකාශ කරනවා.
නමුත් කිසිදු කෙංගෙඩියක් සිදුවී නැහැ.
එවැනි සමාජ පරිසරයක් හමුවේ තමයි මෙවැනි අර්බුද වර්ධනය වන ලක්ෂණ දිගින් දිගටම සිදු වන්නේ.
යුතුකම් හා වගකීම් සහිත රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග අත්වැල් බැඳගෙන විවිධ ජාතින්ගෙන් සැදුම්ලත් බුද්ධිමය විචරත්වය දකින වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමක්.
නමුත් එවැනි වැඩසටහන් දියත් කිරිම සඳහා මූල්‍යමය අනුග්‍රහය හෝ අධ්‍යාපන අමාත්‍යංශය ලබාදිය යුතුයි.
අධ්‍යාත්මිකව රසවිඳීමට හා බෙදාදීමට පහසුවන අධ්‍යාපනික සංස්කෘතික සාහිත්‍යමය හා විචාරාත්මක වැඩසටහන් දියත් කිරීම මේ ප්‍රචණ්ඩත්වයට ඇති එක්තරා විසඳුමක්.
නූතන තාක්ෂණය හා මුසුව පූර්ණ පහසුකම් සහිතව දෙමළ හා මුස්ලිම්, ඉංග්‍රීසි ද්‍රවිඩ ත්‍රිත්වයෙන්ම සහජීවන සංවාද අදහස් හුවමාරුකරගැනීම ප්‍රායෝගික පසුබිම් ඒ සඳහා දියත් කිරීම අධ්‍යාපන බලධාරින්ගේ වගකීමක්.
ඒ සඳහා උතුරු නැගෙනහිර වෛද්‍ය ඉංජිනේරු, නීතිඥ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ප්රමුඛ සිවිල් ක්‍රියාකාරිකයින් සමෝදානය කිරීමේ වැඩසටහන් ඒ සඳහා අවශ්‍ය මූලධර්ම අමාත්‍යංශය සකස් කළ යුතුයි.
පුස්තකාලවල විද්වත් පාඨක සමාජ අතරින් ද ඒ සඳහා නායකත්වයක් ලබාදෙන්න පුළුවන්.
ප්රජාතන්ත්රවාද, සංහිදියාව, සංවර්ධනය යන කුළුණු තුන අධ්‍යාපනයෙන් ලාංකික ශිෂ්‍ය ප්‍රජාව තුළ ආත්මගත කිරීම මෙහි මූලධර්මය විය යුතුයි.
මේ අර්බුදය දෙස බලන විට පාසල නමැති උප සංස්කෘතික ආයතන මහ සමාජයෙන් හුදකලා කර දක්වන්න බැහැ.
එසේම පාසල් සිසුන්ගේ අපගාමී චර්යාවන්ද සමස්ත සමාජ සන්දර්භයන් ඇතඹුලක් ලෙස ගෙන සාකච්ඡා කළ නොහැකියි.
සමාජයේ සියලු තරාතිරමේ ආයතන ප්රචණ්ඩ ක්‍රියාවට ලක්ව තිබෙනවා.
පාර්ලිමේන්තුව එහිලා දක්වන්න පුළුවන් අංක එකේ නිදර්ශනයක්.
වෛරී සහගත ප්රචණ්ඩ ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළින් කොතෙකුත් ප්‍රකාශ වෙනවා.
පාර්ලිමේන්තුවෙන් එළියට ඒ පිළිබඳ ප්‍රකාශ වුණු වාර එකක් දෙකක් නොවේ.
දිනපතා එවැනි දේවල් සිදුවෙමින් තිබෙනවා.
මේ සඳහා විවිධ පැතිවලින් කරුණු සාකච්ඡාවට භාජනය කරන්න අවශ්‍යයි.
සංස්කෘතික දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කර තිබෙන රාජ්‍ය සාහිත්‍ය හා වෙනත් කලා රාජ්‍ය සම්මාන ලභින්ගෙන් ලාංකික ප්‍රජාවගේ අනන්‍යතාවය සංරක්ෂණයට ලැබී තිබෙන දායකත්වය කෙබඳුද කියල ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා.
හේතුව අවුරුදු ගාණක් තිස්සේ සාහිත්‍යකරුවන්ට සම්මාන දෙමින් නාට්‍යකරුවන්ට සම්මාන දෙමින් සංස්කාතික දෙපාර්තමේන්තුව රාජ්‍ය ඒකාබද්ධ අරමුදලින් විශාල මුදලක් වැය කරනවා.
ඒ වැය කරන මුදල්වල ප්රතිලාභ පොදු සමාජයට දායක වුණේ කොහොමද කියලා පැහැදිලි නැහැ.
ලාංකික ප්‍රජාවගේ අනන්‍යතාවය සුහද භාවය සංහිඳියාව සංරක්ෂණය වීමට ලබාදී තිබෙන මේ සම්මාන උළෙලවල්වලින් කෙබඳුද යන්න මෙතෙක් විද්වත් සාකච්ඡාවක් නිවැරදිව රාජ්‍ය අංශය සිදු කරල නැහැ.
රාජ්‍ය චිත්‍රපට සංස්ථාව රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුව, ජාතික රූපවාහිනිය, ජාතික ගුවන්විදුලිය, අයි.ටී.එන් ඇතුළු පෞද්ගලික අංශයේ එෆ්.එම්. විද්්‍යුත් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවලින් මුද්‍රත මාධ්‍යවලින් සමාජයට සිදු කර තිබෙන හිතකර සහ අහිතකර බලපෑම් දේශපාලනිකව ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනිකව පශ්චාත් සමික්ෂණයකට ලක් කිරීම මෙහිදී ඉතාම වැදගත්.
ජාතීන් අතර සංස්කෘතික විවිධත්වය විචිත්‍රවත් ලෙස විද්වත් ඇසකින් ආර්ථික ලාංකික මානව සංවර්ධනයට භෞතික අවශ්‍යතාවලට සරිලන ලෙස ගොඩනැගීම සියලු වගකිව යුතු බලධාරීන්ගේ වගකීමක්.
කලාකරුවන් විද්වතුන් මෙතෙක් කර තිබෙන කාර්යභාරය විචාර පූර්වකව විමසීම සහ පශ්චාත් සමීක්ෂණ ඒ සඳහා දිසාගත කිරීම කළ යුත්තේ රාජ්‍ය අංශයයි.
නමුත් රාජ්‍ය අංශයට ඒ සඳහා දැක්මක් තිබේද යන්න ගැටලු සහගතයි.
මේ නිසා දිගින් දිගටම සිදුවන්නේ ලාංකික ප්‍රජාව දිගින් දිගටම මනස කුරුවල් කරන ආත්මාර්තකාමීත්වය දිගින් දිගටම පාදඩකරනය කරන සංවර්ධනය සමාජ මාධ්‍ය වැඩසටහන්.
භූගෝලීය ආර්ථිකය තුළ ආචාර ධාර්මික භාවමය ධාරිතාවක් සඳහා භෞතික පුනරුද සංකල්ප සංවර්ධනය කළ හැක්කේ කෙසේද යන්න මෙහිදී එවැනි සමාජ පශ්චාත් පරීක්ෂණවලින් හෙළිකරගන්න පුළුවන්.
භාෂාව මානව ශාස්ත්‍රය සහ සංස්කෘතිය හරහා හොඳ වින්දන ශක්තියක් ඇති රසවතුන් තුළින් ලාංකික සංහිඳියාව පූර්ණය කිරීමේ මාවත් පාසල් පද්ධතිය තුළ මෙවැනි ක්‍රියාකාරකම් තුළින් ගොඩනැගිය හැකියි.
ලාංකික මානවයාගේ හදවතේ ගැඹුරුම තැනින් මානව දයාව දාර්ශනික හරයන් තුළින් සංවර්ධනය කරන්නේ කුමන පැතිවලින්ද යන්න විමසා අදාළ සමාජ සමීක්ෂණ සකස් කරන්න පුළුවන්.
උසස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ සේ බහුතරයක් අදහන සරසවිය ද අද සරස්වතී දේවීගේ නොව සොහොන් කාලීගේ ග්‍රහණයට නතුව ඇති බව බොහෝ දෙනෙක් දන්නා නමුත් නොදන්නා සේ ඉන්නවා.
මෙවැනි පරිසරයක හැදෙන වැඩෙන පාසල් දරුවන් ප්‍රචණ්ඩත්වයට පත් වීම පුදුමයට කරුනක් නොවේ.
එහෙත් එමගින් ඔවුන්ගේ ප්රචණ්ඩත්වය සමාජය කිසිසේත්ම සාධාරණීය කළ යුතු නොවේ.
පවුල්වල මවුපිය දූදරු සබඳතා බිඳ වැටීමත් මෙවැනි පාසල් පද්ධතීන්වලින් ප්රචණ්ඩත්වය වර්ධනය වීමට රුකුලක් වී තිබෙනවා.
මවුපියන් සමග දරුවන්ට ගත කිරීමට ලැබෙන්නේ ඉතාම අවම කාලයක්.
එක් පැත්තකින් මවුපියෝ නොනවතින ජීවන අරගලයක යෙදී ඉන්නවා.
අනෙක් අතට මානව සබඳතා වෙනුවට බොහෝ දෙනෙක් ඩිජිටල් ලෝකවල සිරවී ඉන්නවා.
මෑත කාලයේ කළ සමීක්ෂණ කිහිපයකින්ම හෙළි වී තිබෙන්නේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රචණ්ඩත්වයට යොමුවීමට ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් දුරකථන භාවිතය ප්‍රධාන හේතුවක් බවයි.
ඔවුන් එළියට පහලියට බැස අනෙක් දරුවක් සමග සබඳතා ඇති කරගන්නා වෙනුවට ඩිජිටල් ලෝකවල සීමා වීම විශාදය ආතතිය වැනි මානසික ව්‍යාධි ඉහළ යාමට හේතු සාධක වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් අන්තර් සබඳතාවය වර්ධනය කරපු සංවිධානයක් තමයි සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය.
නමුත් ටියුෂන් මාෆියාව නිසා එවැනි අන්තර් සබඳතා වර්ධනය වන සංවිධාන ශක්තිය මේ වන විට හීන වී තිබෙනවා.
එවැනි අන්තර් සමාජ සංවිධාන ගොඩනැගුණු ආයතන සංවිධාන දිගින් දිගටම සමාජයේ ඈත් වෙමින් තිබෙනවා.
මේ නිසා පාසල් සිසුන් වහා ගිනිඇවිලෙන සුළු තත්ත්වයට පත් වී තිබෙන බව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් දකින්න පුළුවන්.
පාසල තුළ දැකිය හැක්කේ කිසිදු අරමුණක් නැති දයා විරහිත තරගයක් පමණයි.
විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ද ප්‍රමාණවත් අවධානයක් නැත්තේ අධ්‍යාපන ප්රතිපත්තීන්වල හා විෂයමාලා සංවර්ධනය වල ඇති අඩුපාඩුකම් නිසයි.
කොරෝනා වසංගත කාලයෙන් පසු ගුරුවරුන්ගේ එකම අරමුණ කෙසේ හෝ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමයි.
අධ්‍යාපන ලොක්කන්ද ගුරුවරුන් පස්සේ පන්නමින් විමසන්නේ ඒ ගැනයි.
ඒ නිසා පාසල්වල පෙර පැවති සාහිත්‍ය සමිති ආදිය දැන් නමට සීමා වී තිබෙනවා.
එකල බොහෝ පාසල්වල බිත්ති පුවත්පත ඉතා වගකීමෙන් නිසි පරිදි පවත්වාගෙන ගියෙ බව අපගේ පාසල් ජීවිත කාලය තුළදී අප ලැබූ ජීවිත අවබෝධයක් ජීවිත අත්දැකීමක්.
ඒත් දැන් ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් පාසල් පද්ධතිය තුළ නැත.
අවම වශයෙන් බිත්ති පුවත්පතක් වැනි දෙයක් පවත්වාගෙන ගෙන යන්නේ නම් පාසල් දරුවන්ට තමන්ගේ හැග’ීම ආවේග නිර්මාණ හැටියට ප්‍රකාශ කිරීමට එමගින් අවස්ථාවක් ලැබෙන සුළුයි.
විදුහල්පතිවරුද ගුරුවරුද යන්ත්රසූත්ර බවට පත් වී තිබෙනවා.
අනාගත පරපුර ගැන වගකීමෙන් සිතා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන විදුහල්පතිවරු හා ඇතැම් ගුරුවරුන්ගේ විශාල හිග’යක් තිබෙනවා.
සමහර තැන්වල එවැනි වැඩසටහන් ක්‍රියාත්මක නොවනවාද නොවේ.
එහෙත් නමගිය පාසල්වල දැකිය හැක්කේ ජනප්‍රියවාදී නාගරික ව්‍යාපෘති පමණයි.
මේ නිසා දරුවන්ට පමණක් ඇගිල්ල දික් නොකර මේ පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීම සමස්ත සමාජයේම වගකීමක්.
ඒ වගේම මහජන බදු මුදලින් යැපෙන අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන ආයතනය මේ ගැටලුවලදී සිය නම්‍යශීලීත්වය දියුණු ලාංකික සමාජයක් උදෙසා සිය සහභාගිත්වය ප්‍රවේශ කළ යුතුයි.
ඒ තුළින් පෙර දැක්මක් ලබාගැනීමට නම් මානව ඇගයීම, සමාජ ගරුත්වය, සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදී විවිධ ජාතීන් නොව ලාංකික සංස්කෘතික අනන්‍යතාවයක් අදාළ විෂයමාලාවලට ගොනු කරන්න අවශ්‍යයි.
භාණ්ඩ මිලදී ගැනීමේ සමාජ ක්‍රමයක් හමුවේ පාරිභෝගිකවාදය හා අසමබර බව තුළින් මතු වී තිබෙන සමාජ ආර්ථික ගැටලුවලට විකල්ප අදහස් මතු කරගැනීම හා රාජ්‍ය අංශයේ සංකීර්ණ සංවර්ධන දැක්මක් ව්‍යාප්ත කිරීමේ උපායමාර්ග ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව අදාළ බලධාරින් සතු විය යුතුයි.
ඒ නිසා පුරවැසි සමානාත්මතාවය උදෙසා කැප කළ යුතු සමාජ භූමිකාව කුමක්ද?
රටක භෞතික සංවර්ධනය උදෙසා ආයතනික වගකීම කාර්යභාරය මතු කිරීම ඒ සඳහා අදාළ රාජ්‍ය ආයතනවලට පෙරවදන් ලබාදීමේ සංස්කෘතියක් ද සමාජය තුළින් ජනමාධ්‍ය තුළින් මතු විය යුතුයි.
වගකීම වගවීම තුළින් මතුවෙන සමාජ සද්භාවය කුමක්ද?
සමස්ත ප්‍රජාව තුළින් රාජ්‍ය අංශයේ කාර්යභාරය තම ආයතනයේ වපසරිය තුලින්ම දැකීම ඉතාම වැදගත්.
සංවර්ධනය තුලින් මතුවන භෞතික වටිනාකම් සංරක්ෂණය කරගැනීම අධ්‍යාපන විෂය මාලාව තුළින් කළ යුත්තේ කෙසේද?
නැවත නැවත ප්‍රජාවට කාන්දු කිරීම තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒ තුළින් මතුවන අදහස් උදහස් ගෞරවාන්විතව සමාජ භූමිකාව උදෙසා වේදිකාව සකස් කිරිම ඒ සඳහා සැලැස්මක් දියත් කිරීම ඉතාම වැදගත්.
මේ සම්බන්ධව අප නැවත නැවතත් දිගින් දිගටම තොරතුරු අන්තර්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා.
වෙබ් අඩවි සමාජ ජාලා විද්‍යුත් තැපෑල, පරිගණකය, ස්ථාවර හා ජංගම දුරකතන, අන්තර්ජාලය ගෙවී ගිය කාලය තුළ මනාව අදාළ අධ්‍යාපන බලධාරින් ප්‍රයෝජනයට ගත්තාද?
අසම්භාව්‍ය හැසිරීම හා නිර්මාණය වූ වයවුල් ශිෂ්‍ය පද්ධතිය තුළ ඒ ඉච්ඡාභංගත්ව සමාජ වපසරිය නැති කිරීම අධ්‍යාපන බලධාරින්ගේ ප්‍රධාන වගකීමක්.
ඒ සඳහා සමාජය තුළ විශ්වාසනීයත්වය පිළිබඳ අපේක්ෂා බංගත්වය ප්‍රජාව තල්ලු වී ඇති වටපිටාවක අර්ථාන්විතව සංවිධානය කිරීමට අදාළ බලධාරින් දිසාගත වීම ඉතාම වැදගත්.
විද්වත් සමාජ සුවිශේෂී පුද්ගලයින් ඒ සඳහා ආයතන හඳුනාගැනීමත් ඉතාම වැදගත්.
ඒ සඳහා කැපවීමට අදාළ අධ්‍යාපන ආයතන බලධාරින් සූදානම් ද?
අපි සොයා බලමු තවදුරටත් ඒ පිළිබඳව ඉදිරි ලේඛනවලින්.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු