කුරුණෑගල මහජන කවුන්සිලයේ කමිටු රැස්වීම අද (24දා) ඉබ්බාගමුව දේවසරණ කේන්ද්‍රයේදී පැවැත්විනි. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කෙටි සමාලෝචනයක් සිදුකෙරිනි. ඉදිරියේ එන මැතිවරණ ක්‍රියාකාරිත්වය තුළදී මහජන කවුන්සිලවල ප්‍රතිචාරය කෙසේ විය යුතුද යන්න පිළිබඳව අදහස් හුවමාරුවක් සිදුවිය. මේ මොහොතේ කුරුණෑගල කවුන්සිලය හමුවේ ඇති ප්‍රධාන කාර්යය වශයෙන් එහි ක්‍රියාකාරිකයෙක් වන වදාකඩ සපුගස්කන්ද පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපති HMRW හේරත් සහෝදරයාට එල්ල වූ මැර ප්‍රහාරය ගැන සාකච්ඡා කෙරිනි. පොලිස් පරීක්ෂණ මන්දගාමීව සිදුකෙරෙන බව පොදු මතය විය. මේ ප්‍රහාරය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය කාලයේ අනීතික පොලිස් ක්‍රියාකාරකම්වලට එරෙහිව මාර්තු 1 දා සිකුරාදා හවස 3.30ට කුරුණෑගල නගර මධ්‍යයේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීන්දු කෙරිනි. කුරුණෑගල මහජන කවුන්සිලයේ ක්‍රියාකාරීන්ට අමතරව ප්‍රදේශයේ වෙනත් සමාජ් ක්‍රියාකාරීන් සහ වෙනත් ප්‍රදේශවල මහජන කවුන්සිල ක්රියාකාරීන්ටද මේ සඳහා සහභාගි වී සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටීමටද තීරණය විය. හේරත් සහෝදරයා මේ වනවිට සැත්කමක් සිදුකිරීමෙන් පසු නිවසට පැමිණ සිටින බැවින් කමිටු රැස්වීමෙන් අනතුරුව ශ්‍රීනාත්, දයාපාල සහ තුෂාරි යන සහෝදරවරු හේරත් සහෝදරයාගේ සුවදුක් බැලීමට ඔහුගේ නිවසට ගියහ. තවමත් අසාධ්‍ය තත්ත්වයේ සිටින නමුත් අසාධාරණයට එරෙහිව සටන් කිරීම සඳහා ඔහු අධිෂ්ඨාන සහගතව සිටී.