ජෛන ආගමේ සමාජ ආර්ථික සංස්කෘතික විකාශනයේ මෑත යුගයේ උපත මහත්මා ගාන්ධි ද?
nnnnදිගම්බර හා ශවේතම්බර නමින් ජෛන ආගමේ මෙතෙක් නිර්මාණය වී ඇත්තේ නිකායන් දෙකක් පමණි.
nnnnදිගම්බර නිකාය කිසිදු වස්ත්‍රයක් පලදින්නේ නැත.
nnnnශවේතම්බර නිකාය සුදු වස්ත්‍ර අඳිති.
nnnnදිගම්බර නිකාය ආහාර ගැනීමේදී තෘෂ්ණාවක් නැත.
nnnnස්ත්‍රී ලෝලීත්වයක් නැත. ආහාරවල නැරඹීමක් නැත. ලැබෙන දෙයක් භුක්තිය ලබන්නේ වින්දනයකින් තොරවය.
nnnnසුන්දර ස්ත්‍රීන් හමුවේ පුජනීයත්වය රැක ගැනීමේ භික්ෂු පරපුරක් ලාංකිකයන් සතුද ?
nnnnකාන්තාවන්ගේ අඟ පසඟ දැක පිරිමැදීමට මිරිකීමට ගිය අවස්ථා අපමණය.
nnnnකාන්තාවන්ගේ පස්ස මිරිකීමට ගිය භික්ෂූන්ට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හා පොලිසිය කැඳවූ අවස්ථා කොතෙකුත් යූ ටියුබ් නාලිකා වලින් වාර්තා වූ අවස්ථා තිබේ.
nnnnලිංගිකත්වය සඳහා ඇතැම් භික්ෂූ හූ ඉතාම සියුම් උපාය මාර්ග ක්‍රියාත්මක කරන අවස්ථා තිබේ.
nnnnඇතැම් කාන්තාවන් ඊට එකඟ වන අවස්ථාද තිබේ.
nnnnවිරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය ඇතත් විවිධ හේතු මත නිහඬ වන අවස්ථාද තිබේ.
nnnnලංකාවේ පිරිවෙන් වල ප්‍රාරම්භය සාමාන්‍ය පුරවැසියන්ගේ මැදිහත්වීම, පුණ්‍ය ආධාර ලබා දීම මත සිදුවිය.
nnnnපුරවැසියාගේ සමාජ සාධාරණත්වය උදෙසා අර්ථයෙන් ධර්මයෙන් බණ කිව හැකි බෞද්ධ භික්ෂු පරපුරක් බිහි කිරීම පිරිවෙන් බිහි කිරීමේ හරයයි.
nnnnඅභිමානවත් බෞද්ධ අපේක්ෂා සපුරාලන භික්ෂු පරපුරක් දේශීයව හා විදේශීයව බිහි කිරීමය.
nnnnබෞද්ධ එකිනෙකා වෙනුවෙන් දැඩි නොවෙනස් වන සංඝ සමාජයක් ලංකාව තුල තහවුරු කිරීමය.
nnnnබෞද්ධ භික්ෂුව අන් අයගේ අවශ්‍යතාවලට සංවේදී වන ලාංකික සමාජ පරිසරයක් ප්‍රවර්ධනය කිරීමය.
nnnnඅසාමාන්‍ය දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජිවත්වන පුරවැසියන්ගේ කායික, මානසික, සදාචාරාත්මක, බෞද්ධ ආත්ම ශක්තිය ප්‍රවර්ධනය වර්ථමාන භික්ෂුව හරහා සිදුවේද?
nnnnභික්ෂුන් වහන්සේලාගේ මුලික අරමුණ සංඝනායක, උපසංඝනායක ආදී අක්ත පත්‍ර රාජ්‍ය නායකයින් අතින් ලබා ගැනීමේ ක්‍රියාවලියයි.
nnnnඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු මුල්‍ය ගෙවීම් සිදු වන්නේ මහජන මුදල් වලින්ය.
nnnnවිවිධ අමාත්‍යංශ ජනාධිපති, අගමැති නිර්දේශ මත රාජ්‍ය අංශය මුදල් වැය කරන්නේ සීමාවකින් තොරවය.
nnnnරාජ්‍ය නායකයෙකුගේ අතින් ලබා ගන්නා අක්ත පත්‍රය සඳහා විදේශ බෞද්ධ රටවලදී හොඳ මුල්‍ය වටිනාකමක් ලැබෙන බව භික්ෂු සමාජය දනිති.
nnnnමහජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා වැය කල යුතු මහජන මුදල් මෙවැනි ආගමික උත්සව සඳහා රජය වැය කිරීම විශාල සමාජ අසාධාරනයකි.
nnnnදේවානම් පියතිස්ස රජ දවස ආරම්භක දායකත්වය පසුකාලීනව භික්ෂු සමාජය විසින් අයුතු ලෙස යොදා ගැනීම දිගින් දිගටන්ම සිදුවිය.
nnnnදේශපාලනික බල ව්‍යුහයන් උඩුයටිකුරු කිරීමට භික්ෂු සමාජය සමත්වේ යැයි පසු කාලින රජවරු සිතුහ.
nnnnද්‍රවිඩ ඉන්දියානු ආක්‍රමණ හා පසුකාලීනව ද්‍රවිඩ සම්භවයක් ඇති රජවරුන්ගේ පාලනයක් ආරම්භ වූ අවස්ථාවලදී භික්ෂුව වීරයාගේ චරිතයට පන පෙවීම ආදී විවිධ විපර්යාස ලංකික සමාජය තුල සිදු වී තිබේ.
nnnnබෞද්ධ සංස්කෘතිය තුලින් පෝෂණය වූ විවිධ කලා නිර්මාණ ඒ අතර වේ. ගෘහ නිර්මාණ, ගල් කැටයම් කලාව, වැව් සංස්කෘතිය ලංකික සමාජය පෝෂණය කල සාධක විය.
nnnnසිංහල ජාතිවාත්සල්යයත්, ආගම් වාත්සල්‍යයත් ඒකාබද්ධ කරගෙන භික්ෂු බලය ව්‍යාප්ත කරගැනීමේ සන්ධිස්ථානයක් වශයෙන් දුටුගැමුණු චරිතය භික්ෂු සමාජ ප්‍රතිරූපයට යොදා ගැනේ.
nnnnමහජන වත්කම්වලින් පෝෂණය වන රාජ්‍ය භාණ්ඩාගාරය සතු විවිධ සම්පත් උපායශීලි ලෙස සංඝ සමාජය කරා කාන්දුවන සංස්කෘතියක් ගොඩනැගුනේ කරුණු කාරණා කිහිපයක් නිසාය.
nnnnරජයට හිලෑ මහජන ප්‍රජාවක් සංවර්ධනය කිරීම. රජුට ප්‍රජාව වහල් කිරීම හා වැඩවසම් සමාජ සංස්කෘතියක් සංවර්ධනය කිරීම, බහුතර ප්‍රජාව රජුට පක්ෂපාත කිරීම නිසා විවිධ වරදාන රජුගෙන් හිමිවීම
nnnnඉපැරණි ඉන්දියාවේ බුදු සසුනත් සංඝ සසුනත් ගහට පොත්ත මෙන් බැඳී තිබුණි.
nnnnඉන්දියාවේ බුදු සසුන හා සඟ සසුන පිරිහීමට තුඩුදුන් කරුණු අතර තන්ත්රවාදය හා මන්ත්‍රවාදය ප්‍රවේශ වීම බව ඉන්දීය පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් වරයකු වූ ටී. එන්. රාමචන්ද්‍රගේ ශාස්ත්‍රීය කෘතියක සඳහන් වේ.
nnnnඉන්දියාවේ පුණ්‍ය සමාගම් වල භික්ෂුවගේ පුරෝගාමීත්වයෙන් භෞතික වස්තුවට දැක්වූ ලෝලත්වය ඉන් ප්‍රධාන තැනක් ගනී. වසර 1500කට අසන්න කාලයකට පෙර ඉන්දියාවේ සඟ සසුන පිරිහීමේ ලක්ෂණ ඉන් පසුව මතුවිය.
nnnnවාචික භාෂාවෙන් පරම්පරාවෙන් පරම්පරාවට ආ බුදු දහමට නව පන්නරයක් ලැබුනේ අශෝක අධිරාජයාගේ යුගයේදීය. පුස්කොල පොතට දහම ආරූඩ වුයේ ඉන් පසුවය.
nnnnබුදු දහම ඇසීමටත් බුද්ධ සංකේත වන්දනා කිරීමටත් විහාරස්ථාන කරා යන සංස්කෘතිය ප්‍රතිපෝෂණය කිරීම සඳහා බුදු දහම පුස්කොල පොතට ආරූඩ කිරීම මාතලේ අලුවිහාරයේදී සිදුවූ බව ලංකා ඉතිහාසය කියයි.
nnnnප්‍රථම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ වන්නේ 1200 කට පෙරය.
nnnnආර්ය භාෂා කතා කරන බටහිරින් පැමිණි ආක්රමණිකයින්ගෙන් දියුණු ශිෂ්ටාචාරය විනාශ වීම අදටත් විවාදාත්මකය. ඉන්දු ගංගාධාරයේ හා අතු ගඟා ආශ්රිත ප්‍රදේශ වල ලැගුම් ගත් මේ ඉන්දු ආර්යයෝ වෙති.
nnnnඑදා සප්ත සින්දු නමින් හදුන්වනු ලැබූ පෙදෙස අද පන්ජාබ් නම්වේ. අදාල තොරතුරු හෙළිවන්නේ ඔවුන්ගේ ආගමික කාව්‍ය වලින්ය. ඒවා වේද කාව්‍ය වේ. වෛදික යුගය නමින්ද හැඳින්වේ. අති දීර්ඝ ඉන්දීය ඉතිහාසය මෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍ය යුගයේදී ඉන්දීය සටන් ව්‍යාපාරයද ඔබ හදුනා ගත යුතුය.
nnnnභාරතීය වෛද්‍ය ක්රමයේ අභාෂය ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ අනුරාධපුර යුගයේ සිටය.
nnnnභාරත ශ්‍රමණ සම්ප්රදායේ අවිහිංසා බීජ ඓතිහාසික ඉන්දියානු විකාශනය තුල යම් යම් යුග වලදී දක්නට ලැබේ.
nnnnජෛන යනු ඉන්දියාවේ පැරණිතම ආගම වේ. අවිහිංසාව ජෛන ආගමේ පරම හරයයි. බුදු සමය හා ජෛන ආගම සමකාලින යැයි කීම නිවැරදිය.
nnnnඅශෝක අධිරාජයාගේ ඇවෑමෙන් විදේශවල බුදු දහම ව්‍යාප්ත වුවද ජෛන ආගම ලෝකයේ වෙනත් රටවල කාන්දු නොවීය. නමුත් ජෛන ආගමේ අවිහිංසා හරය ක්‍රියාවෙන් සමාජය වෙන්කර ගෙනගිය ගාන්ධි තුමා අපට අමතක කල නොහැකිය.
nnnnබුදු සමය ආගමක්ද ?
nnnnඋගත් බෞද්ධයන්ගේන් ලැබෙන පිළිතුරු විවිධය. විද්‍යාව පමණක් නොව බුදු දහමද භික්ෂුන්ගේ පැවැත්ම සඳහා වෙනස්කර ඇත. නමුත් අන්ධ බැතියෙන් ඇදහිය යුතු දහමක් බෞද්ධ දර්ශනයේ නැත.
nnnnග්‍රීක දර්ශනවාද බටහිර වර්ථමාන චින්තකයන් දක්වා එකිනෙකට වෙනස් දර්ශන සමාජයට ඉදිරිපත් කර ඇත.
nnnnඅතීත ඉන්දියාවේ සෑම මුනිවරයෙකුගේම ආගම තුල මාර්ගයක් හා දර්ශනයක් තිබුණි.
nnnnආගමත් දර්ශනයත් එක්කොට මාර්ගය කාලීනව ගොඩ නගූ ඉන්දියානු ශ්‍රේෂ්ඨ පුරවැසියා මහත්මා ගාන්ධිය.
nnnnඋත්තම හා ශ්‍රේෂ්ඨ පුරවැසියාට ඉන්දියානු ප්‍රජාව නිර්වචනය කලේ “මහත්මා” යන නාමය ඉදිරියට තබාය.
nnnnජෛන මහාවීරගේ අභාෂය තුලින් හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉන්දියාව තුල මහත්මා ගාන්ධි වැනි අවිහිංසාවාදී චරිත බිහි විය. ඉන් සමස්ථ ඉන්දියාවටම ලබාදුන් පණිවුඩය අපමණය. ලංකාවේ බොදු මග ගිය භික්ෂුන්ගේ ඇවෑමෙන් ශ්‍රී ලංකාවේ බිහිවූ පොදුජන සම්භාව්‍ය චරිතය කුමක්ද?
nnnnජෛන මහාවීර හා ඊට අදාල සමාජ සංහිඳියාවට බලපාන අන්තර්ගතය අතුලත් වන වෙනම ලිපියක් පසුව බලාපොරොත්තු වන්න.
nnnn-සුමිත් කොඩිතුවක්කු –
n