භාරත ශිෂ්ඨාචාරය අපට උරුම කලදේ බොහෝය. ලංකාවට නොතේරෙන අවුල නිසා භික්ෂු සමාජය වර්ධනය කර ඇති විපරිත ගොඩ නැගී ව්‍යසන ඇත.
වර්තමානය වනවිට ලංකාවේ භික්ෂු සමාජය නිර්මාණය කර ඇති අගති ශිෂ්ඨාචාර අර්බුදය නිසා පාදඩ දේශපාලනය සමාජ ගතව තිබේ. ඒ අනුව බෞද්ධ ආගමික දේශපාලන නිකායික පුජ්‍ය මහානායක හිමිවරු ක්‍රියාවෙන් හා ආදර්ශයෙන් සැබෑ ආධ්‍යාත්මික මග පෙන්වන්නේද?
ලංකාවේ සාමුහික පරිකල්පනයේ රැඩිකල් වෙනසක් සඳහා ඉන්දියානු ඈත යුගය දැනුවත් විය යුතුය.
බෞද්ධ ආගමික නැඹුරුව තුල සාහිත්‍යය කෘෂි කර්මාන්තය ස්වයං පෝෂිත අර්ථ රටාවකට ලංකාව එදා නැඹුරු විය.
බෞද්ධ ආගමේ මුලික හරය සරල දිවිපැවැත්ම විය.
අධ්‍යාත්මික භික්ෂු සමාජය තුළ අල්පෙච්චතාවය ක්‍රමයෙන් ඉක්ම යාම කණගාටුවට කරුණකි.
ආරම පැවැත්ම සඳහා ධර්ම දේශනා කලාව සංවිධානය වූයේ බහු භෞතික අවශ්‍යතා වලට අනුකූලවය.
රජවරු හා පාලක අමාත්‍ය මණ්ඩලවල ඉහමොලවලට ධර්ම දේශනා වලින් කිඳා බස්සවා ඇත්තේ ආරාමයේ හා භික්ෂුවගේ බහු අවශ්‍යතාවයන්ය.
එයම හුදෙක් සුක්ෂමව සිදුවී ඇත්තේ බෞද්ධ දේශනවලට අනුකුලවය.
බුද දහම තුළ ඇති පරිශුද්ද ගුණාංග ඉවහල් කරගෙන දාන පාරමිතාව සඳහා ලාංකික ප්‍රජාව පුරුදු කිරීම හුදෙක් ආරාමයේ භෞතික අවශ්‍යතාවට වලට භික්ෂුවගේ පරිභෝජනය සඳහා සැසඳීම භික්ෂුවගේ ධර්ම දේශනාවල ඉලක්කය වී තිබේ.
බෞද්ධ ප්‍රතිපත්ති වලට ලාංකික ප්‍රජාවගේ ලැදි කම නිසා භික්ෂු සමාජ අවශ්‍යතා සපුරා ගැනීමට පහසු වී තිබේ.
මෙය ලංකා සමාජයේ සෑම අංගයක් කරාම භික්ෂුවගේ බලපෑමට ලක් විය.
පසු කාලීනව ලංකා සමාජය “එහෙයි ස්වාමීනී” සමාජ සංස්කෘතියකට රට තල්ලු වීය.
එය පාලකයින්ගේ පැවැත්ම සඳහා මනා පිටිවහලක් වී තිබේ.
දුටු ගැමුණු හා එළාර යන රාජ්‍යය දෙපාර්ශවය අතර ඉතිහාසයේ සිදු වී තිබෙන යුධ ගැටුම නිසා සිදු වූ මනුෂ්‍ය ඝාතන හමුවේ ගැමුණු රජුගේ සිත සසල වී තිබේ.
භාරතීය ධර්මාශෝක කාලිංග යුද්ධය අවසානයේදී මනුෂ්‍ය ඝාතන හමුවේ අශෝක රජතුමා අධ්‍යාත්මිකව කම්පනය වී තිබේ.
ශ්‍රී ලංකාවේ යුධ ජයග්‍රහණය ලැබූ දුටුගැමුණු රජු පරාජයට පත් වූ එළාර රජු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම දක්වා සංවේදී වී තිබේ.
ලංකාවේ බෞද්ධ භික්ෂුව සුවිශාල මනුෂ්‍ය ඝාතනයන් හමුවේ සංවෙදී වූ බව සඳහන් නොවේ.
නමුත් ජාතිවාදය, ආගම් වාදය, ඉදිරියේ දුටු ගැමුණු රජුගේ සටන් කලාව අයුතු ලෙස යොදාගන්න භික්ෂු ධුරාවලියක් දකින්නට ලැබේ.
ජනප්‍රිය බුදු දහම සඳහා වර්තමාන භික්ෂු සමාජය එදාට වඩා අද සක්‍රීය මැදිහත් වීමක් සිදු කර තිබේ.
මේ නිසා බුදු දහම තුලින් ගොඩනැගිය යුතු සාර සබඳතා, සාර ධර්මතා ගිලිහෙමින් තිබේ.
හේතුව භික්ෂූන් සඳහා තිබිය යුතු මුලික සමාජ සන්ධර්භයන් තේරුම් ගැනීමට එදත් අදත් බහුතර භික්ෂු සමාජය අසමත්වී තිබීම නිසාය.
ගෞතම බුදුන් වහන්සේ බෞද්ධ හික්ෂුවට ලබා දී තිබෙන බෞද්ධ චර්යාවන් අමතක කිරීම නිසාය.
මේ තත්වය සංවාදශීලී සංක්‍රාන්තික සමාජ දැක්මක් කිරීමට ලියුම් කරුගේ අරමුණු අතර එක අරමුණකි.
පුරවැසියාගේ අධ්‍යාත්මික ප්‍රෞඩත්වය ප්‍රවර්ධනය සඳහා සුවිශාල කාර්යයක් දෛනිකව සිදු කල යුතු භික්ෂු සමාජයේ බහුතරයක් සිය භික්ෂු වර්ගයාගේ පැවැත්ම සහජීවනය සඳහා ධර්ම දේශනා කලාව පාවිච්චි කිරීම සිදුවන්නේ සාමාන්‍ය ප්‍රජාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින්ය.
මේ නිසා භික්ෂු සමාජය විවිධ ස්වරූපයන්, විවිධ අර්ථ කථනයන්, විවිධ ප්‍රභේදයන්ගෙන් සමන්විත වී තිබේ.
මේ නිසා පුරවැසි සිතට සතුට සැනසුම යහපැවැත්ම ලාංකික පුරවැසියාට අහිමි වී තිබේ.
භික්ෂු සමාජයේ කාර්ය භාරය මගහැරීම නිසා දේශපාලකයාගේ පටන් සාමාන්‍ය පුරවැසිය දක්වා ආත්මාර්ථකාමී දිගුවක් දක්නට ලැබේ.
මීළඟ පියවර
මධ්‍යකාලින ආසියාව හා ඉස්ලාම් ආගමේ ප්රභවය.
ඉන්දියාවේ ඉස්ලාම් ධර්මයේ ව්‍යාප්තිය වයඹ දිග හා බටහිර දෙසට.
දිල්ලි සුල්තාන්, මෝගල් අධිරාජ්‍යය කෙටි විවරණය.
දෙකානයේ බහමති, විජය නගර් අධිරාජ්‍යය සියවස් තුනක ව්‍යාප්තිය හා ශ්‍රී ලංකා සම්බන්ධතා.
-සුමිත් කොඩිතුවක්කු –