ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා ඉතිහාස තුළින් සමාජ එකමුතුවක් සමාජය වෙත ගලායාම සඳහා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරන්නෙමු.
ශ්‍රී ලංකාව ඉතිහාසය හා සබැඳි බොහෝ බහුතරයක් මතුවන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික සමාජ හා ප්රාග් ඉතිහාසය ඉලක්ක කරගෙනය.
එමෙන්ම එම ඉලක්කයන් අයුතු ලෙස ඊට මුවාවී පොදු සමාජය සූරාකන සමාජ වපසරියක් ගොඩනැගී තිබෙනවා.
ඒ නිසා මේ සම්බන්ධව අදාළ ශාස්ත්‍රීය සමාජ මෙහෙවරක් සඳහා දේශීයත්වයට මුල්තැන දෙමින් නොබැඳි ප්‍රතිපත්තියක් හරහා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේ හැකියාව ප්‍රකට කිරීමට නම් සැබෑ ඓතිහාසික සමාජ විවරණයන් ඉලක්ක කරගත් විෂය සංදේශයන් ගොනුවිය යුතුය.
ඊටත් අමතරව මෑත ඉතිහාසය දිහා බලන විට කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ ආණ්ඩුක්‍රම විකාශනය ලංකා සිවිල් සේවය, ලංකා සිවිල් සේවයේ ආණ්ඩුකාරවරුන්ගේ භූමිකාව, සිවිල් සේවයේ ඉංග්‍රීසි ජාතික සාහිත්‍ය ධරයන්ගේ සාහිත්‍ය නිර්මාන පිළිබඳ විවරණ.
සිවිල් සේවයේ දේශීය සාහිත්‍යධරයන්ගේ සාහිත්‍ය වටිනාකම් මතු කරගැනීම ලංකාවේ සිවිල් සේවයේ ආණ්ඩුවේ ඒජන්ත හෙවත් දිසාපතිවරයාගේ කාර්යාභාරය හා ඊට අදාළ ධුරාවලිය ලංකා සිවිල් සේවයේ අනුගාමී ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව සිවිල් සේවය ගමට ගෙන ගිය ගම්මුලාදෑනින් පසුව ග්‍රාම නිලධාරින් ලෙස පරිවර්ථනය වීම එමෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා පළාත් පාලන භූමිකාව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහි වූ පළාත් පාලන ක්‍රමය පිළිබඳව අදාළ වැඩසටහන් යෝජනා ඊට ඇති අදාළත්වය ගොනු විය යුතු යැයි විශ්වාස කරනවා.
ජාතික ප්‍රඥප්තියක අවශ්‍යතාවය මතු වී තිබෙන මේ මොහොතේ ලංකාවේ සත්‍යය වූ සංහිඳියාවෙන් යුක්ත වූ දේශයක් සඳහා ඉතිහාසය ප්‍රයෝජනයට ගන්නේ නම් සංකල්පයමය රාමුව මත පිහිටා ජනතාව ඓතිහාසික සමාජ වස්තු බීජයන් තුළින් උපයාමාර්ගිකව ප්‍රඥාවන්ත කිරීමේ ප්‍රතිපත්තිමය රාමුවක් දියත් කර ගත යුතුය.
එවැනි පරිසයක් නැති කම නිසා ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලන වශයෙන් පලිගැනීමේ සහ පටු අරමුණු මුල් කරගෙන ජාති බේදභින්න කිරීමේ දේශපාලන සංස්කාතියක් වර්ධනය වී තිබේ.
අධර්මයට ආගමික මූලධර්මවාදයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ අයුතු බලපෑම්වලට නතු වීමේ සමාජ පරිසරයකට ශ්‍රී ලංකාව මේ වන විට තල්ලු වී තිබේ.
ජාතිකත්වය හා ආගම, භාෂාව, කුලය, රැකියාව හා ජීවත්වන ප්‍රදේශය මුල් කරගෙන මහජනතාව අතර අසමානතා වර්ධනය කිරීමට ඓතිහාසික වැඩවසම් සමාජ ක්‍රමය ඉවහල් වී තිබේ.
මේ නිසා දීර්ඝකාලීන පැවැත්ම මෙන්ම පොදු ප්‍රජාවගේ ආරක්ෂාවත් ජන ජීවිතයේ පැවැත්ම සඳහාත් පටු දේශපාලන මත ප්‍රජාවගේ මොළවලට කාන්දු කර ඡන්දය මංකොල්ලකෑමේ ජාතිවාදී බෙදුම්වාදී ආගමික මූලධර්මවාදී කණ්ඩායම් අයුතු ලෙස සමාජයට බලපෑම් කරන සංස්කෘතියක් දියුණු වී තිබේ.
ප්රජාතන්ත්රවාදය හා ජනසම්මුතිවාදය ආරක්ෂා කිරීම සහ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරින් අවංක නොවීමේ සංස්කෘතියක් ඒ තුළ අන්තර්ගතව තිබේ.
ඊට විකල්පය නම් ඓතිහාසික හා ප්රාග් ඉතිහාසයේ සැබෑවන් විනිවිද භාවයෙන් යුතු හෙළිදරව් කිරීමේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාවතක් මහජන වගවීම් සහ දේශපාලනඥයා ප්‍රඥාවන්ත කිරීමේ සංස්කෘතිකමය ක්‍රියාකාරිත්වයක් සඳහා ක්‍රියාකාරී සැලැස්මක් දියත් විය යුතුය.
අද්‍යයතන නිෂ්පාදන ආර්ථිකයේ පැවැත්ම ඉමහත් අර්බුදයකට මුහුණ දී තිබෙන මේ අවස්ථාවේ ආහාර සුරක්ෂිතතාවය වෙන්ම කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සුළු නිෂ්පාදන ආර්ථිකයේ පැවැත්ම සඳහා ඓතිහාසික සමාජය විසින් සිදු කර තිබෙන අන්තර්ජාතික සහ දේශීය ඓතිහාසික තොරතුරු සමාජගත විය යුතු පරිසරයකට ශ්‍රී ලංකාව මේ වන විට පත් විය යුතුව තිබේ.
ලෝකය පුරා අසාර්ථක භාවයට පත් වී ඇති සහ මහජන විරෝධයට ලක්ව තිබෙන ව්‍යාජ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවත් යහපත් විචාරාත්මක ඇගයීම් මෙන්ම න්‍යායාත්මක තොරතුරු ඊට ගොනු විය යුතු වේ.
යහපත් නිෂ්පාදන ආර්ථිකයක් දිරිමත් කරනවා වෙනුවට මේ නිසා අසාධාරණ බදු ප්‍රතිපත්තියක් රාජ්‍ය අංශය මේ වන විට අනුගමනය කරමින් සිටින්නේ පාසල් දරුවාත් පොදු ප්රජාවත් ඊට අදාළ විවරණ නොදන්නා නිසා නීතිය පිළිබඳ මනා අධ්‍යාපන ක්‍රමයක් නැති කමත් මිට ප්‍රධාන හේතුවක් වී තිබේ.
දේශීය වෛද්‍ය ක්‍රමය ඓතිහාසික දැනුම් පද්ධතිය උරුම කරගන්නා ඊට අදාළ මූලයන් සොයා ස්වභාවික සම්පත් හා න්‍යායාත්මක දැනුම වඩාත් රටට ගලා යාමේ ක්‍රමවේදයක් අවශ්‍යව තිබේ. (ප්රාග් යුගයේ රාවණ කතා වස්තුව උදාහරණයකි.)
පළාත් පාලන ආයතන මට්ටමට රාජ්‍ය විධායක බලය ප්රශස්ත ලෙස බෙදාහැරීම වෙනුවට සමාජ සම්මුතීන් හා මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන සමාජ පරිසරයක් ඓතිහාසික සමාජය විද්වත් ලෙස සමාජගත නොවීම නිසා ආගමික නායකයින්, දේශපාලනඥයින් සමස්ත ප්‍රජාවගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා සංස්කෘතියක් ඒ තුළින් වර්ධනය වී තිබීම ඉතාම කනගාටුදායක කරුණක්.
රාජ්‍ය පාලකයෙකුගේ වගකීම පිළිබඳ වැදගත් කරුණු සොයාගත හැකි ඓතිහාසික ලේඛන අපමණව ඇතත් ඒවා සමාජගත නොවීම ගැටලු සහගත තත්ත්වයක්.
කරුණු කෙසේ වෙතත් ලංකාවේ බුද්ධිමත් ජනතාව කිසියම් එකඟතාවයක් තුළ සිය පාලකයා පත්කරගැනීමට උත්සාහ දැරීමේදී වැඩවසම් සමාජ ප්‍රවේණිදාස ක්රමයන් අයුතු ලෙස යොදාගැනෙන සමාජ වපසරියක් අදාළ ඡන්ද කාලවලදී මතු වන බව දකින්නට ලැබෙනවා.
ලංකාවේ පමණක් නොව මවුබිමට ආදරය කරන දේශීය හා විදේශීය සියලු සමාජ ස්ථිරයන් ස්පර්ශ කරගැනීමේ උපාය මාර්ගික සැලැස්මක් මේ සඳහා සකස් විය යුතුය.
ජනතාව වෙත වෙස් වලාගෙන යාමේ රාජ්‍ය පාලනයේ ඒ අවශ්‍යතාවය මේ තුළින් මතුවී තිබෙනවා.
රාජ්‍ය විශිෂ්ඨත්වයට පත් කිරීමට උපයෝගි කරගත යුතු ප්රතිපත්තීන් රාජ්‍යයේ අඛණ්ඩ සංවර්ධනය ආරක්ෂා වන පරිසරයක් බුදුරජාණන් වහන්සේගේ චක්රවට්ටි සිහනාද සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා.
සාර්ථක පැරණි කාර්ය ප්‍රතිපත්ති නූතනත්වයට පත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු අවධානයට ගත යුතු එවැනි කරුණු ඉතිහාසය ගුරුවරයාගේ වැදගත් රාජකාරියකි.
රාජ්‍යත්වය යනු පියාගෙන් පුතාට උරුම වන දායාදයක් නොවන බව ඓතිහාසික මූලාශ්රවල සඳහන් වන කරුණක්.
පාලකයාගේ සිය ගුණධර්මයන් තුළින් ලබාගත යුතු රාජ්‍යත්වය දඬුවමින් තොරව, අවියෙන් තොරව ලබා
ගැනීමේ ක්‍රියාපටිපාටියක් සඳහා රාජ්‍ය පාලනය සඳහා මැදිහත් වන දේශපාලඥයන්ට අවබෝධයක් ලබාදීමේ සමාජ සංස්කෘතියක් ද අවශ්‍යව තිබේ.
රාජ්‍ය පාලනයේදී තමා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතුවාක් මෙන්ම ධර්මය මත පිහිටා කටයුතු කිරීම සඳහා ඉතිහාසය යොදාගත යුතු වේ.
පැරණි රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය නොකොට ආගමට දහමට පටහැනි නොවී පාලනය සිදුවිය යුතුය.
නමුත් ආගම පෝෂණය කරන මුවාවෙන් පූජ්‍ය පක්ෂය ප්‍රතිපෝෂණය කිරීමේ සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගෙන් රටට දායාද වී තිබේ.
ජනතාවාදී පාලනයක නිර්ධන පන්තියට ආර්ථික වශයෙන් නැගී සිටීමට ඇවැසි ශක්තිමත් වටපිටාවක් ඒ තුළින් මතු වී නැත.
දිළිඳුකම පිටුදැකීමට නම් සොරකම්, මං පැහැරීම අවි දැරීම්, මිනීමැරුම්, මුසාවාද ආදී සමාජ දුෂ්ප්‍රතිපත්තීන් අවම වන කරුණු බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන්ව පවතිනවා.
අංගුත්තර නිකායේ සත්ත නිපාතයේ එන සාරන්නද සූත්‍රයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නිතර රැස්වීම, සමගිව රැස්වී, සමඟව විසිර යෑම, නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති හා සමාජ ධර්මයන් නොඉක්මවා ආරක්ෂා කිරීමට සිය සමාජයේ ගරු කළ යුතු ජ්‍යෙෂ්ඨයන් සැලකිලි දැක්වීම, කාන්තාවන්ට සැලකිලි දැක්වීම හා ඇයට නිදහස හා ආරක්ෂාව සපයාදීම රාජ්‍ය පවතින ආගමික සාමාජික සංස්කෘතික ස්ථාන සුරක්ෂිත කිරීම රාජ්‍ය පාලකයකුගේ වගකීම බවයි.
කළ යුතු සත්කාර නොපිරිහෙලා සමාජයට ඉටු කිරීම, රාජ්‍ය නිශ්ලේෂී පුද්ගලයන්ට සැලකීම හා එවන් උතුමන් බාහිර රාජ්‍යයන්ගෙන් පැමිණෙන්නේ නම් ඊට අදාළ කාලීන ක්‍රියාකාරකම් මෙහෙයවීමත් රාජ්‍ය පාලනයේ වගකීමක්.
රාජ්‍යයක් ස්ථාවරත්වය විෂයෙහි නෛතික සමාජ සංස්කෘතික මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයටත් ඓතිහාසික සමාජ වටපිටාව මැනවින් විවරණය කිරීම හා සමාජයට කාන්දු කිරීම මහෝපකාරී වන සුළුයි.
ඓතිහාසික සැබෑ තොරතුරු සමාජයට විවාරණය නොවීම නිසා ද්වේශයෙන්, භයෙන් හා මෝහයෙන් අගතියට පත් වූ රාජ්‍ය පාලන සංස්කෘතියක් මෑත යුගය එනම් වසර 75ක් පුරා රටට සමාජගත වී තිබෙනවා.
පරිහානියට පත් වන එම සමාජ සංස්කෘතිය සැබෑව නම් රට තුළ නැවත නැවත ගැටුම් ඇති කරන අර්ථ චර්යාව හා සමානාත්වය නැති සමාජ සංස්කෘතියක් ශ්‍රී ලංකාවට මේ වන විට උරුම වී තිබේ.
අංගුත්තර නිකායේ පංචක්ක නිපාතයේ චක්කානුවත්ත සූත්‍රයේ පැහැදිලි කරන පාලකයා මනා කොට රාජ්‍ය පාලන ක්‍රමවේද, ප්රවේණි ධර්ම, සිය ආදිතමයන් විසින් නොකඩවා පවත්වාගෙන එන පිළිවෙත් දඬුවමෙහි හා බලය යෙදවීමේ සීමාවන් දැනගෙන ක්‍රියා කළ යුතු බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
එසේම රාජ්‍ය පාලකයා ඇසුරු කළ යුතු පිරිස කවුරුන්ද යන බව අවබෝධයක් ඒ තුළ අන්තර්ගතයි.
බුද්ධ රාජ්‍යයට ශ්‍රී ලංකාව පැමිණීමට වඩාත් අවශ්‍යතාවයක් පූජ්‍ය පක්ෂය විටින් විට ප්‍රකාශ කරන සුළු අවස්ථා දකින්නට ලැබී තිබේ.
නමුත් ශ්‍රි ලංකාව බහුතරයක් වෙසෙන බහුත් වාදී රාජ්‍යයක් බව ඓතිහාසික හා ප්රාග් යුගයන්වල සැබෑ විවරණ මතු කරමින් ජනතාවට ලබාදිය යුතු ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, ආත්ම දමනය, අක්‍රෝධය, අවිහිංසාවාදී බව, ඉවසීම හා විරුද්ධ මත ඉවසීමේ පැහැදිලි සමාජ විවරණයන් රට තුළට ගෙන යෑමට ඉගෙනුම හා ක්රමෝපායන් මගින් ඓතිහාසික මූලාශ්රයන් සමඟ වර්ථමානය සඳහා නිශ්චිතව යොදා ගැනීමට ක්‍රමවේදයක් ගොඩනගාගැනීම තුළින් ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා හොඳ මනා එකමුතුවක් ගොඩනැගිය හැකිය.
ඒ පිළිබඳව සෙසු කරුණු තහවුරු කිරීමේ විචාරශීලී චින්තන කුසලතා හිමිකම දැනට තබා ගැනේ.
ඓතිහාසික පාඩම් සැලසුම
නිදහස, වගකීම පෙරදැරිව ඓතිහාසික සම්බන්ධතා ගැඹුරුන් විමසා බැලීය යුතුය.
ලාංකික ඓතිහාසික භූමිකාව තුළ ගොඩනගා ඇති ප්‍රලාප වලින් තොර සත්‍යය පදනම් කරගත් ඉතිහාසයක්
පරිකල්පනයේ සාමුහික උත්සායක් සඳහා ක්‍රියා කළ යුතුය.
වඩා යහපත් ලෝකයක් සමාජයක් හා මානව ජීවිතයක් සඳහා වන පුළුල් අර්ථයකින් ඉතිහාසය සම්බන්ධ
අධ්‍යාපනික මාර්ගෝපදේශ සැකසීමට ජනමාධ්‍ය ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය පදනම් කරගෙන ක්‍රියා කළ හැකිය.
වසා තබා ඇති ඓතිහාසික මූලාශ්‍ර මතු කිරීමටත් නිශ්චිත මූලාශ්රාවල අවශ්‍ය යහපත් මානව ජීවිතයකට
පෙරවදනක් ලබාදිය හැකිය.
ඒ සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා යොමුවිය යුතු යෝජනා මතු කළ හැකිය.
ලාංකික ඓතිහාසික අත්දැකීම් ඔබ ආයතනයේ අපේක්ෂිත අරමුණු වෙනුවෙන් ක්‍රියා කළ හැකිය.
එය බුද්ධිමය සංවාදයක් කරා ගෙන යෑමට අවශ්‍ය වේදිකා ගොඩනැගීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන
සමග සම්බන්ධීකරණය කිරීමේ වපසරිය අප සතුව ඇත.
ඓතිහාසික අවුල් පිළිබඳ ඒ පිළිබඳ පොදු ප්‍රජාව අර්බුදයකට තල්ලු කර තිබෙන ඇතැම් ඉගැන්වීම් පිළිබඳ
නිර්වචන අපගේ අත්දැකීම් තුළින් ඉදිරිපත් කළ හැකිය.
ඒ සඳහා සාමුහික පරිකල්පනයේ ඓතිහාසික පරිවර්තනය උදෙසා අවශ්‍ය ව්‍යාපෘති සකස් කළ හැකිය.
පුළුල් සමාජ අවධානය සඳහා ගැඹුරින් මේ සඳහා මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිය හැකිය.
ඒ සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සිට ග්‍රාමීය අංශය නියෝජනය කරන ග්‍රාමසේවක හා සෙසු
කෘෂිකාර්මික සමාජ නියෝජනය කරන ප්‍රජා සංස්ථා කරා ඔබගේ සංදේශය විධිමත්ව සමාජගත කළ හැකිය.
සමාජ විපර්යාසයක හා ගැඹුරු නවීකාරක ගමනක් සඳහා සැබෑ ලෙස අවශ්‍ය චින්තනමය කාන්දු කිරීම සඳහා
අවශ්‍ය මූලික පහසුකම් අප වෙත සපයන්නේ නම් ඊට අදාළ ක්‍රියාකාරකම්වල නිරතවිය හැකිය.
ඉතිහාසය හා සම්බන්ධ ඓතිහාසික ධුරාවලි සමාජ සැකසුම සමාජ අරගලවල මූලික දිසානතියන්වල
දේශපාලන සංකල්ප පිළිබඳ නිර්වචන ඓතිහාසික සමාජ පද්ධතීන් හමුවේ ගොනුකළ හැකිය.
සියල්ලක් ගැඹුරු සමාජ දේශපාලන නන්විධ ගැටලු සහගත ජනවාර්ගික ගැටලු ඇති කරන සමාජ සංස්කෘතීන්
හුවාදැක්වීම සඳහා ඊට අදාළ පාදඩ දේශපාලන සංස්කෘතීන්වල ප්‍රතිඵල මතු කර අදාළ නිර්වචන ඉදිරිපත්
කළ හැකිය.
ඒ සඳහා සමාජ වගකීම් පිළිබඳ උනන්දුවක් දක්වන ව්‍යාපාර සමග අත්වැල්බැඳගෙන අලුත් සංදර්භයන් තුළ
යාවත්කාලීන සමාජ සංස්කෘතියක් දියත් කළ හැකිය.
සමාජ වගකීම් සහිත ඓතිහාසික සමාජ සංස්කෘතිය මනාව හඳුනාගෙන ඊට අවශ්‍ය යෝජනා ඔබ ආයතනයේ
අරමුණු හා සබැඳෙන ආකාරයට ක්‍රියා කළ හැකිය.
ඒ පිළිබඳ ඇතැම් විට ගොඩනැගිය හැකි ගොඩනැගෙමින් පවතින බලවේගවල සංකීර්ණ ගැටලු ඉස්මතු කර
පෙන්වාදිය හැකිය.
සම්ප්‍රදායික ලාංකික සමාජ සංස්කෘතිය තුළ පොදු ප්‍රජාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදෙන ඇතැම් බලපෑම් ශක්තීන්, ගැටලු අවදානම් සහිත දිසාවලට ගමන් කරන බව අදාළ අර්ථකතන මගින් පෙන්වා දිය හැකිය.
මූලික වශයෙන් සමාජය යාවත්කාලීන කිරීම සඳහා පංති කාමරයෙන් පිටත පාසල් පද්ධතිය අභ්‍යන්තරයටත් බාහිර සමාජයට අවශ්‍ය පොත් පිංච සහ ඊට අදාළ පොදු සමාජ සංවිධානය කිරීමේ හා ඊට ගොනු කළ යුතු වෙනත් සංවිධානාත්මක පැති ගොඩනැගීමේ හැකියාව අප සතුව ඇත.
මේ සඳහා විචාරශීලී චින්තන කුසලතා ප්‍රවර්ධනය කරන නවෝත්පාදන අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික මාර්ගෝපදේශ සැකසීමේ හිමිකම අප සතුව තිබේ.
ඒ සඳහා ඔබ ආයතනය අපගේ සාමුහික පරිකල්පනය සඳහා ක්‍රියාකිරීමේ දිසාගත කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුය.
ස්වභාවධර්මය හා අතීතය එක්ව වර්තමානය සැසසඳීම පැලැස්තරවලින් තොරව ඍජුව සමාජ සුවපත් කරන අවශ්‍ය වස්තු බීජ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාර්ගවලින් හා පුද්ගලාන්තර වැඩමුළු හා වගකීම් සදාචාරාත්මකව ඉදිරිපත් කළ හැකිය.
නවෝත්පාදනික වූ අධ්‍යාපනික මාර්ගපෝදේශන සඳහා අවශ්‍ය වැඩිදුර සාකච්ඡා ඔබ සමග සිදු කිරීමේන් පසු තවදුරටත් කරුණු ගොනු කිරීමේ හිමිකම දැනට තබා ගැනේ.
Confedevate (ක්අන්ෆෙඩ්රට්)
සංධානය, ඒකාබද්ධව, එක්ව කටයුතු කරන, ඒකාබද්ධවීම, ක්‍රියාකිරීම
ස්තූතියි
සාමාන්‍යාධිකාරි
සුමිත් කොඩිතුවක්කු
(ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර සම්පත් දායක හා ඉතිහාසය, ගවේෂණශීලී ජනමාධ්‍ය සමාජ ක්‍රියාකාරක)
070 343 1018 071 052 9937