දියුණු භාෂාවක් තිබියදී වළ්පල් කතා කිරීමට, එසේත් නැතිනම් පාලි සංස්කෘත වැනි පොහොසත් පෙරදිග භාෂාවන්ගේ ආභාෂය ලබමින් මව් භාෂාව පෝෂණය කරනවා වෙනුවට, යටත් විජිත මානසික තත්ත්වයට පොහොර දැමීමේ නිරර්ථක ව්‍යායාමයක යෙදෙන ජාතියක ඉරණම පිළිබඳව යමක් පැවසීමට මීටත් වඩා සුදුසු කාලයක් නොමැති තරම්.
මව් භාෂාවේ දියුණුව කියන්නේ ජාතියෙත් රටේත් දියුණුවක්.
භාෂාව හා ජාන අතර ඇති සම්බන්ධය අවබෝධ කරගත්විට භාෂාවක් රටේ දියුණුවට (භෞතික මෙන්ම අධ්‍යාත්මික)
බලපාන්නේ කෙසේදැයි මනාව වටහාගන්න පුළුවන්.
දමිළ ජනතාව එය අවබෝධ කරගෙන තිබෙන නිසයි ඔවුන්ගේ භාෂාව වෙනුවෙන් ලේ වගුරවන්න පවා සූදානමින් ඉන්නේ.
ලේ වගුරුවන්නේ නැතිව වුනත් එය කරන්න පුළුවන් බව ඔවුන් නොදැන සිටීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්ත්වයක්.
යටත් විජිතකරණයේ නිශේධාත්මක බලපෑම දමිළ ජනතාවට වඩා සිංහල ජනතාව කෙරෙහි බලපෑමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස සිංහල බෞද්ධයින් එක්තරා උදාසීන බවකින් පෙළෙන බවයි අපගේ හැඟීම.
“භාෂාව කන්නදැයි” අසන සිංහලයින් මා හට කොතෙකුත් හමුවී තිබෙනවා.
ප්‍රශ්නයට විසඳුමක් (පලායෑමක්) ලෙස තම දරුවන්ට පමණක් නොව ගෙදර ඇති කරන හුරතල් සතුන්ට (බල්ලන්, බළලුන් වැනි) පවා ඉංග්‍රීසි බසින් කතා කිරීමට
ගෙහිමියන් පුරුදු වී සිටීම ඇත්තෙන්ම ශෝචනීයයි.
අපේ රටේ හෙට සුරක්ෂිත කිරීම දේශපාලකයන්ට පමණක් පැවරෙන කාර්යභාරයක් නොවන බවත් දෙස බස රැස ගැන ගැඹුරින් සිතන්නට හැකි උගතුන් බුද්ධිමතුන් ජාතියේ මුරදේවතාවුන් ලෙස ඉදිරියට ආ යුතු කාලය එළඹ ඇති බව ජාත්‍යාලයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි.
-තෙවැනි ඇස-
23.12.2024
අපි ආහාර ගන්නේ (හැකියාවක් ඇත්නම්) දිනකට තුන් වේලක් පමණයි. එහෙත් අප උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන මොහොත දක්වා තොරතෝංචියක් නැතුව කතා කරමු.
දියුණු භාෂාවක් තිබියදී වළ්පල් කතා කිරීමට, එසේත් නැතිනම් පාලි සංස්කෘත වැනි පොහොසත් පෙරදිග භාෂාවන්ගේ ආභාෂය ලබමින් මව් භාෂාව පෝෂණය කරනවා වෙනුවට, යටත් විජිත මානසික තත්ත්වයට පොහොර දැමීමේ නිරර්ථක ව්‍යායාමයක යෙදෙන ජාතියක ඉරණම පිළිබඳව යමක් පැවසීමට මීටත් වඩා සුදුසු කාලයක් නොමැති තරම්.
මව් භාෂාවේ දියුණුව කියන්නේ ජාතියෙත් රටේත් දියුණුවක්.
භාෂාව හා ජාන අතර ඇති සම්බන්ධය අවබෝධ කරගත්විට භාෂාවක් රටේ දියුණුවට (භෞතික මෙන්ම අධ්‍යාත්මික)
බලපාන්නේ කෙසේදැයි මනාව වටහාගන්න පුළුවන්.
දමිළ ජනතාව එය අවබෝධ කරගෙන තිබෙන නිසයි ඔවුන්ගේ භාෂාව වෙනුවෙන් ලේ වගුරවන්න පවා සූදානමින් ඉන්නේ.
ලේ වගුරුවන්නේ නැතිව වුනත් එය කරන්න පුළුවන් බව ඔවුන් නොදැන සිටීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්ත්වයක්.
යටත් විජිතකරණයේ නිශේධාත්මක බලපෑම දමිළ ජනතාවට වඩා සිංහල ජනතාව කෙරෙහි බලපෑමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස සිංහල බෞද්ධයින් එක්තරා උදාසීන බවකින් පෙළෙන බවයි අපගේ හැඟීම.
“භාෂාව කන්නදැයි” අසන සිංහලයින් මා හට කොතෙකුත් හමුවී තිබෙනවා.
ප්‍රශ්නයට විසඳුමක් (පලායෑමක්) ලෙස තම දරුවන්ට පමණක් නොව ගෙදර ඇති කරන හුරතල් සතුන්ට (බල්ලන්, බළලුන් වැනි) පවා ඉංග්‍රීසි බසින් කතා කිරීමට
ගෙහිමියන් පුරුදු වී සිටීම ඇත්තෙන්ම ශෝචනීයයි.
අපේ රටේ හෙට සුරක්ෂිත කිරීම දේශපාලකයන්ට පමණක් පැවරෙන කාර්යභාරයක් නොවන බවත් දෙස බස රැස ගැන ගැඹුරින් සිතන්නට හැකි උගතුන් බුද්ධිමතුන් ජාතියේ මුරදේවතාවුන් ලෙස ඉදිරියට ආ යුතු කාලය එළඹ ඇති බව ජාත්‍යාලයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි.
-තෙවැනි ඇස-
23.12.2024
The post අපි ආහාර ගන්නේ (හැකියාවක් ඇත්නම්) දිනකට තුන් වේලක් පමණයි. එහෙත් අප උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන මොහොත දක්වා තොරතෝංචියක් නැතුව කතා කරමු. appeared first on PFP News.