2024.12.06
මාධ්‍ය නිවේදනය
2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මතයි
2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඊයේ සහ අද (06) ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්විණි. ඒ අනුව අද පැවති විවාදයෙන් අනතුරුව, අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිෂ්චන්ද්‍ර
The post අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී අද ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි appeared first on PFP News.