අතිගරු ජනාධිපතිතුමා බාච්චු ෂෝටක් ගහගෙන ඉස්කෝලේ යන කාලේ වගේ දිග සුදු පාට මේස් දෙකක් දමා ගෙන ලස්සනම ලස්සන කිරි කිරි ටොයියා සපත්තු දෙකක් දාගෙන එළියේ ඉන්න පින්තූරයක් ෂෙයාර් කරමින් ධනේශ්වර ප්‍රභූන් ඔහුට විහිළු කරයි. අමරසූරිය ඇතුළු වලව් පවුල්වල උන්ගේ හැටි ඔහොමමය. එහෙම හිනා වෙන්නේ ඔහු පිටිසර තඹුත්තේගමෙන් ආව නිසාය. ඒ විදිහට අඳින්නට උරුමය තිබෙනවාය කියා කොළඹ ප්‍රභූන් සිතන්නේ ඔවුන්ට පමණී.
ඔවුන්ට අනුව ඒ ඇඳුම අනුරට ගැලපෙන්නේ නැත. ඔවුන්ට එය පෙනෙන්නේ ගොඩයා ෆුල් සූට් එක ඇන්දාම පෙනෙන ආකාරයටය. ඉස්සර චිත්‍රපටවල එවැනි විහිළු දර්ශන තිබිණි. කලිසමට යටින් අමුඩය ගසා ගත් මඩ ගොවියන් ඒවායින් උපහාසයට ලක් කෙරිණි. ඒවා එකල ප්‍රභූන් විසින් ඔවුන්ගේ විනෝදයට හැදූ බයිස්කෝප්ය. ඔය කුලීන ප්රභූන්ට විනෝදය සපයන විහිළුවක් නොවී සිටීමට අනුර සහෝදරයාටත් වගකීමක් තිබේ.
ලංකාව වගේ රටකට සුදු පාට සපත්තු ගැලපෙන්නේ නැත. ඒවා ගැලපෙන්නේ තමන්ගේ කාර් එකෙන් ටෙනිස් කෝර්ට් එකට ගොස් සෙල්ලම් කර නැවත වාහනයෙන් ගෙදර එන ධනවතුන්ටය. වැස්සම මඩ වෙන, පෑව්වම දූවිලි නගින ලක් පොළොවේ දුවන්න ඇවිදින්න සෙල්ලම් කරන්න සුදු පාට සපත්තු දැමීම ගොබ්බ වැඩකි. හරියට සුදු නිල ඇඳුම වගේය. ඊට පස්සේ ඒ සපත්තු සුද්ද කරන්න වෙන කවුරුහරි දාසයෙක් සබන් ගාලා උළලා අව්වේ තියලා වේලන්න ඕනනේ. බොරු නාස්තිකාර පඩ ෂෝ නොදා ප්‍රායෝගික සපත්තු කුට්ටමක් පැළඳීම උචිතය.
ඇතැමුන් පොළොන්නරුවේ සිරිසේනට අනුරව සමාන කරමින් කෝචෝක් කරයි. සිරිසේන යනු නොම්මර එකේ හීනමාන ගැමියෙකි. රැජිණ අත්මේස් ගලවා ඔහුට අත දුන් බව ඔහු ප්‍රසිද්ධියේ කීවේ රටක් රාජ්ජයක් දිනා ගත්තා වැනි අභිමානයෙනි. මා එකල සේවය කළ බ්‍රිතාන්‍ය කවුන්සිලය හා සම්බන්ධ කොළඹ ප්‍රභූන් එදා සිරිසේනව බයිට් එකට ගත් හැටි මට මතක් වේ. මම එයට විරුද්ධ වුවත් තමන්ගේ වියදමින් ප්රභූන්ට ආතල් නොදී සිටීමට සිරිසේනටත් වගකීමක් තිබිණි. රටේ ජනාධිපතිවරයා හැටියට කවුරු වුණත් ජෝක් එකක් වීම මට කණගාටුවකි. විශේෂයෙන්ම මහින්දටත් ඡන්දය දුන්, සිරිසේනටත් ඡන්දය දුන්, ගෝඨාභයටත් ඡන්දය දුන් මේ රටේ සිංහල බෞද්ධ ඡන්දයෙන් තෝරා ගත් ජනාධිපතිවරයා කොළඹ ප්රභූන්ගේ සාද සල්ලාප සඳහා භාවිතා කරන කවට කටගැස්මක් වීම අභාග්‍යයකි.
මෙහි උත්ප්රාසය වන්නේ අනුරගේ ඇඳුමට හිනා වෙන්නේ ප්‍රභූන් පමණක් නොවීමය. අර බයිස්කෝප් බලන්නට පැමිණි ගැමියන්ද එදා සිනමාහල් තුළ ඒවාට හිනා විය. ඒ ආකාරයෙන්ම අදත් තඹුත්තේගම ගැමියා අනුරගේ මේ චර්යාවට හිනා වේ. එහි අවිඥානක විශ්ලේෂණය මා මිත්‍ර දීප්ති කුමාරට තබමි.
මෙහි අනෙක් ප්රශ්නය නම් අඩිය ගැලවුණු සපත්තු දාගත් පාසල් සිසුන්ගේ පින්තූර ෂෙයාර් කරමින් 75 වසරක සාපය ගැන කියවූ ජේවීපී වහලාට දැන් අනුරගේ අතිගරු සපත්තුත් හෝදන්නට වී තිබීමය. අනුර ජනාධිපති වීමෙන් ලොකුම අකරතැබ්බයට පත්ව ඇත්තේ බුකියේ ජේවීපීකාරයාය. ජනාධිපතිවරයා පින්තූරයේ ඉන්නේ සෙරෙප්පු දෙකක් දාගත් දරුවෙකු සමගය. ගම කාගෙන තිබේ.
ජනාධිපතිවරයෙකුගේ ඇඳුම ඉතා වැදගත්ය. තමන්ට ඕන ඕන විදිහට ඇඳුම් අඳින්නට බැරිය. ගෝඨාභය කළු සූට් එකෙන් අත් කොට ෂර්ට් එකට මාරු වුණේ සරල වෙන්නටය. නමුත් එයින් වුණේ ජනතාව ඔහුගේ කරේ නගින්නට ඒමය. ඉතාම සුළු කාරණා හැටියට සිතන දේවල් අවසානයේ විශාල විපත් ගෙන දේ. එබැවින් අනුර සහෝදරයා තමන්ට විශ්වාසවන්ත ෆැෂන් ඩිසයිනර් කෙනෙක් තෝරා ගත යුතුය. තමන්ගේ සමේ වර්ණයට සහ තමන්ගේ මිටි මහත දේහයට ගැලපෙන ආකාරයටත් ජනාධිපති තනතුරේ ගෞරවය රැකෙන ආකාරයටත් සැකසූ නිශ්චිත ඇඳුමකට පුරුදු විය යුතුය. මෙය කාට වුණත් වැදගත් පාඩමකි. වයසට යන කොට තමන්ට ගැලපෙන ඇඳුම් විලාසිතාවක් තෝරා ගෙන එය පමණක් ඇඳිය යුතුය. කරුණාකර ධනේශ්වර ප්රභූන්ට ආතල් නම් දෙන ජෝක් එකක් නම් වෙන්න එපා. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2024 ඔක්තෝබර් 28
මෙවැනි ලිපි ලියූ සැණින් කියවන්න ගිනිහුළට එකතු වෙන්න: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b
*අතිගරු සපත්තු* අතිගරු ජනාධිපතිතුමා බාච්චු ෂෝටක් ගහගෙන ඉස්කෝලේ යන කාලේ වගේ දිග සුදු පාට මේස් දෙකක් දමා ගෙන ලස්සනම ලස්සන කිරි කිරි ටොයියා සපත්තු දෙකක් දාගෙන එළියේ ඉන්න පින්තූරයක් ෂෙයාර් කරමින් ධනේශ්වර ප්‍රභූන් ඔහුට විහිළු කරයි. අමරසූරිය ඇතුළු වලව් පවුල්වල උන්ගේ හැටි ඔහොමමය. එහෙම හිනා වෙන්නේ ඔහු පිටිසර තඹුත්තේගමෙන් ආව නිසාය. ඒ විදිහට අඳින්නට උරුමය තිබෙනවාය කියා කොළඹ ප්‍රභූන් සිතන්නේ ඔවුන්ට පමණී. ඔවුන්ට අනුව ඒ ඇඳුම අනුරට ගැලපෙන්නේ නැත. ඔවුන්ට එය පෙනෙන්නේ ගොඩයා ෆුල් සූට් එක ඇන්දාම පෙනෙන ආකාරයටය. ඉස්සර චිත්‍රපටවල එවැනි විහිළු දර්ශන තිබිණි. කලිසමට යටින් අමුඩය ගසා ගත් මඩ ගොවියන් ඒවායින් උපහාසයට ලක් කෙරිණි. ඒවා එකල ප්‍රභූන් විසින් ඔවුන්ගේ විනෝදයට හැදූ බයිස්කෝප්ය. ඔය කුලීන ප්රභූන්ට විනෝදය සපයන විහිළුවක් නොවී සිටීමට අනුර සහෝදරයාටත් වගකීමක් තිබේ. ලංකාව වගේ රටකට සුදු පාට සපත්තු ගැලපෙන්නේ නැත. ඒවා ගැලපෙන්නේ තමන්ගේ කාර් එකෙන් ටෙනිස් කෝර්ට් එකට ගොස් සෙල්ලම් කර නැවත වාහනයෙන් ගෙදර එන ධනවතුන්ටය. වැස්සම මඩ වෙන, පෑව්වම දූවිලි නගින ලක් පොළොවේ දුවන්න ඇවිදින්න සෙල්ලම් කරන්න සුදු පාට සපත්තු දැමීම ගොබ්බ වැඩකි. හරියට සුදු නිල ඇඳුම වගේය. ඊට පස්සේ ඒ සපත්තු සුද්ද කරන්න වෙන කවුරුහරි දාසයෙක් සබන් ගාලා උළලා අව්වේ තියලා වේලන්න ඕනනේ. බොරු නාස්තිකාර පඩ ෂෝ නොදා ප්‍රායෝගික සපත්තු කුට්ටමක් පැළඳීම උචිතය. ඇතැමුන් පොළොන්නරුවේ සිරිසේනට අනුරව සමාන කරමින් කෝචෝක් කරයි. සිරිසේන යනු නොම්මර එකේ හීනමාන ගැමියෙකි. රැජිණ අත්මේස් ගලවා ඔහුට අත දුන් බව ඔහු ප්‍රසිද්ධියේ කීවේ රටක් රාජ්ජයක් දිනා ගත්තා වැනි අභිමානයෙනි. මා එකල සේවය කළ බ්‍රිතාන්‍ය කවුන්සිලය හා සම්බන්ධ කොළඹ ප්‍රභූන් එදා සිරිසේනව බයිට් එකට ගත් හැටි මට මතක් වේ. මම එයට විරුද්ධ වුවත් තමන්ගේ වියදමින් ප්රභූන්ට ආතල් නොදී සිටීමට සිරිසේනටත් වගකීමක් තිබිණි. රටේ ජනාධිපතිවරයා හැටියට කවුරු වුණත් ජෝක් එකක් වීම මට කණගාටුවකි. විශේෂයෙන්ම මහින්දටත් ඡන්දය දුන්, සිරිසේනටත් ඡන්දය දුන්, ගෝඨාභයටත් ඡන්දය දුන් මේ රටේ සිංහල බෞද්ධ ඡන්දයෙන් තෝරා ගත් ජනාධිපතිවරයා කොළඹ ප්රභූන්ගේ සාද සල්ලාප සඳහා භාවිතා කරන කවට කටගැස්මක් වීම අභාග්‍යයකි. මෙහි උත්ප්රාසය වන්නේ අනුරගේ ඇඳුමට හිනා වෙන්නේ ප්‍රභූන් පමණක් නොවීමය. අර බයිස්කෝප් බලන්නට පැමිණි ගැමියන්ද එදා සිනමාහල් තුළ ඒවාට හිනා විය. ඒ ආකාරයෙන්ම අදත් තඹුත්තේගම ගැමියා අනුරගේ මේ චර්යාවට හිනා වේ. එහි අවිඥානක විශ්ලේෂණය මා මිත්‍ර දීප්ති කුමාරට තබමි. මෙහි අනෙක් ප්රශ්නය නම් අඩිය ගැලවුණු සපත්තු දාගත් පාසල් සිසුන්ගේ පින්තූර ෂෙයාර් කරමින් 75 වසරක සාපය ගැන කියවූ ජේවීපී වහලාට දැන් අනුරගේ අතිගරු සපත්තුත් හෝදන්නට වී තිබීමය. අනුර ජනාධිපති වීමෙන් ලොකුම අකරතැබ්බයට පත්ව ඇත්තේ බුකියේ ජේවීපීකාරයාය. ජනාධිපතිවරයා පින්තූරයේ ඉන්නේ සෙරෙප්පු දෙකක් දාගත් දරුවෙකු සමගය. ගම කාගෙන තිබේ. ජනාධිපතිවරයෙකුගේ ඇඳුම ඉතා වැදගත්ය. තමන්ට ඕන ඕන විදිහට ඇඳුම් අඳින්නට බැරිය. ගෝඨාභය කළු සූට් එකෙන් අත් කොට ෂර්ට් එකට මාරු වුණේ සරල වෙන්නටය. නමුත් එයින් වුණේ ජනතාව ඔහුගේ කරේ නගින්නට ඒමය. ඉතාම සුළු කාරණා හැටියට සිතන දේවල් අවසානයේ විශාල විපත් ගෙන දේ. එබැවින් අනුර සහෝදරයා තමන්ට විශ්වාසවන්ත ෆැෂන් ඩිසයිනර් කෙනෙක් තෝරා ගත යුතුය. තමන්ගේ සමේ වර්ණයට සහ තමන්ගේ මිටි මහත දේහයට ගැලපෙන ආකාරයටත් ජනාධිපති තනතුරේ ගෞරවය රැකෙන ආකාරයටත් සැකසූ නිශ්චිත ඇඳුමකට පුරුදු විය යුතුය. මෙය කාට වුණත් වැදගත් පාඩමකි. වයසට යන කොට තමන්ට ගැලපෙන ඇඳුම් විලාසිතාවක් තෝරා ගෙන එය පමණක් ඇඳිය යුතුය. කරුණාකර ධනේශ්වර ප්රභූන්ට ආතල් නම් දෙන ජෝක් එකක් නම් වෙන්න එපා. ධර්මය ඔබට මග වේවා! එරන්ද ගිනිගේ 2024 ඔක්තෝබර් 28 මෙවැනි ලිපි ලියූ සැණින් කියවන්න ගිනිහුළට එකතු වෙන්න: https://whatsapp.com/channel/0029VampDaLAe5VpMwYZUk3b