දේශිය වෛද්‍ය ක්‍රමය අනුව මෙි සදහා බෙහෙවින් යොදාාගන්නෙ ඉතාමත් ප්රතිඵලදායික , ඉතාමත් ගුණදෙන ඔසුවක් තමයි “*අක්කපාන*” ශාකය. බ්රියෝපිලම් පිනාටම් ( *Bryophyilum pinatum* ) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙහි සිංහල ව්‍යවහාර නාමය තමයි *අක්කපාන* කියන්නෙ. වනාන්තරවල මෙන්ම ගෙවතු ආශ්‍රිතවත් වැවෙන්නක්.විශේෂයෙන් වැවෙන්නේ ගල්තලාවලයි.මෙය බහු වාර්ෂික පැළෑටියක්.ගල්තලා දිගේ විහිදී ගාලක් වගේ වැවෙන්නක්.සමහර විටෙක පොළොවට ලම්භකව අඩි 2ක් පමණ උසටත් වැවෙනවා.රෝස පැහැයට හුරැ අලංකාර මල් හටගන්නවා.
මුත්‍රා දැවිල්ලටත් මුත්‍රා හිරවෙන තත්ත්වයටත් , මුත්රාවල ගල්වලටත් අක්කපාන , කැකිරි ඇට , සහ පෙනෙල ගෙන තම්බා පානය කළ හැකියි.සුවපත් වෙනවාමයි.එපමණක් නොව එය වකුගඩු රෝගවලටත් ඉතා ගුණදාායකයි.
අක්කපාන සම්බෝලයක් විධියට සාදාාගෙන කෑමෙන් අම්ලපිත්තය , බඩ දැවිල්ල සුවකර ගන්න පුළුවන්.මුත්‍රා අඩස්සියට හා දැවිල්ලට අක්කපාන ඉස්ම,පිටපොත්ත ඉවත් කළ කෝමාරිකා මදය තේ හැන්ද බැගින් ගෙන මිශ්‍ර කරගෙන උදේ සවස භාවිතා කළ හැකියි.