Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp Press_Releas_-_Sinhala_compressed Post Views: 22
පිළිකා මතුකරන ස්නායු, ඩැමේජ් කරන අපායේ දන්සැල්. 🥶👀😱මේ ඡායාරූපවල තියෙන්නේ දන්සැල් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි මහත්තුරුන්ගේ ඇස ගැටුණු සීන් ටිකක්. (සෞඛ්‍ය ආරක්ෂිතව, පිරිසිදුව උවමනාවෙන් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් පවත්වාගෙන යන දන්සැල් අතර මෙවැනි ඒවාද නැතුවා නෙවෙයි. එවැනි අවස්ථාවල දී එක්කෝ මේ වැරදි නිවැරදි කරවන්න වෙනවා. බැරිමනම් දන්සැල් වසා දමන්නට ද සිදු වෙනවා.)සමහරු කපල ශුද්ධ කරපු මඤ්ඤොක්කා හිස් දැල් මළුවලට (Polysack bags) දාලා කල්දේරම්වල තම්බා ගන්නවා . මෙහෙම කරන්නේ තැම්බිච්ච අල මල්ල පිටින් එළියට ගත්තාම වතුර බේරන්න ලේසි නිසාලු. මල්ලේ තියෙන ජරාවයි, ඩයි ටිකයි, පිළිකාකාරක ටිකයි අලවලට උරාගන්න එක අදාලම නෑ. මේ වැඩේ නූල්ඩ්ස්, අර්තාපල් තම්බනකොටත් සමහරු කරනවා.මීට අමතරව ඇතැම් දන්සැල්වල ආහාර සකස් කරන්නට, පිසූ ආහාර ගබඩා කරන්නට, පිරිනමන්නට ප්‍රමිතියෙන් තොර බාල ප්ලාස්ටික් පොලිතීන් වර්ග භාවිත කරනවා.13 May 2025