ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අද පැවති මාධ්‍ය හමුව
වෛද්‍ය මහේෂ් රාජසූරිය,දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ප්‍රධානී
……………………………………………………….
දුම්කොළ ,මධ්‍යසාර,ගංජා සහ වෙනත් මධ්‍යසාර හමුවේ ශ්‍රී ලාංකිකයින් හමුවේ ඇති අභියෝග
ලංකාවේ සිගරට් සමාගමේ නිෂ්පාදනය හා සිගරට් පරිභෝජනය සීග්‍රයෙන් අඩු වෙද්දී ලාභය සීග්‍රයෙන් වැඩිවේ.
ආසන්නම බදු සංශෝධනය නිසා රුපියල් බිලියන 07 ක ලාභයක් සමාගමට ලැබුනු බව වෛද්‍ය මහේෂ් රාජසූරිය කියයි.
ගංජා සහ දුම්කොළ කර්මාන්තය යනු දෙකක් නොව එකකි.
ශ්‍රී ලංකාවේද උපරිම ලාභය හැර අන් කිසිවක් දුම්කොළ සමාගමේ අයටද නොමැති බව ඔහු කියයි.
සිගරට් බොන අය දෙදෙනෙකුගෙන් එක් අයෙකු දුම්කොළ ආශ්රිත හේතුවක් නිසා මියයන බව ඔහු පෙන්වාදෙයි.
වයස අවුරුදු 18 ත් 34 අතර වයස් කාණ්ඩයේ අය දුම්වැටි වලින් ඉවත් වීමේ ඔරවණතාව ඇමරිකාවේ වැඩිවේ.
ගංජා නීතිගත කිරීම සිගරට් වලට විරුද්ධ වීමක් නොවේ.
අඩු මිලට අරක්කු සැපයීම මධ්‍යසාර ප්‍රවර්ධනය සඳහා හේතුවක් .
අඩු මිලට අරක්කු සැපයීම කසිප්පු ප්‍රවර්ධනයට හේතුවකි.
කාන්තාවන්ගේ පියයුරු පිළිකා වලට ප්‍රධාන හේතුව මධ්‍යසාර භාවිතයයි.
සිය දෙනෙකුගෙන් හත් දෙනෙක්.
මහාචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය
SLMA
……………………………………………………..
2023 ජනවාරි 04 WHO කීවේ ඕනෑම.මට්ටමක මධ්‍යසාර සිරුරට හානිකර බවයි.
සුරාබදු කොමසාරිස් වරයා කියූ අඩුමිල බෝතලයට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තරයේ විරුද්ධ බව මහාචාර්ය අනුලා විජේසුන්දර කියයි.
අරක්කු මිල වැඩි කිරීමෙන් අරක්කු පරිභෝජනය වැඩිවේ.කසිප්පු බොන අය එසේම බොති.කසිප්පු වල සිට අරක්කු වෙත හැරීමක් නොවන බව මහාචාර්ය අනුලා විජේසුන්දර කියයි.
මධ්‍යසාර නිසා කායික මානසික රෝග වැඩිවේ.ශ්‍රී ලංකාවේ වසරකට 20000 (විසිදහසක් ) මිය යන අතර මේ නිසා දරුවන් 40,0000 ක් අසරණ වේ.මධ්‍යසාර නිසා” ලස්සන ජීවිතයක් පොහොසත් රටක්” යන සංකල්පය විනාශ වේ .රට තවත් දිළිඳු වේ.
NATA සභාපති වෛද්‍ය ඇලන් ලුඩොවයික්
මධ්‍යසාර හා දුම්කොළ භාවිතය අධර්යමත් කිරීම දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති .
ග්‍රාමීය ප්‍රදේශ වල දුම්රහිත දුම් කොළ භවිතය පවතී.
දුම්කොළ හ මධ්‍යසාර නිසා ඇතිවන හානි වෙනුවෙන් මහජන සෞඛ්‍ය රැකීම වෙනුවෙන් රජය විශාල මුදලක් වාර්ෂිකව වැය කරයි.
දුම්කොළ හා මධ්‍යසාර යනු පුද්ගලයාට පමණක් නොව ප්‍රජාවටම හානියක් බවයි.
ලෝකයේ වලක්වාගත හැකි මරණය දුම්කොළ හා මධ්‍යසාර වේ
…………………………………………………………
සම්පත් ද සේරම්
විධායක අධ්යක්ෂ (ADIC )
නියම බදු ප්රතිපත්තියකින් බදු වැඩි වීම සහ මිල වැඩිවීම නිසා භාවිතය අඩුවීම සිදුවේ.
නමුත් මෙවර බදු වැඩිවීමේ වාසිය දුම්කොළ සමාගමට මිලියන 7000(හත්දහසක) වාසියක් ලබා ගෙන ඇත.
එබැවින් දුම්කොළ සමාගමට නොව මහජනතාවට හිතකාමී බදු ප්‍රතිපත්තියක් වහාම රජය ඇතිකල යුතු බව සම්පත් ද සේරම් කියයි.
2009 ට පෙර දුම්කොළ සමාගමට නොව ජනතාවට හිතවත් බදු ප්‍රතිපත්තිය ක් අනුගමනය කලේය.එතැන් සිට අද දක්වා මුදල් අමාත්‍යාංශය ජනතා විරෝධී සිගරට් සමාගමට හිතවත් බදු ප්‍රතිපත්තිය ක් අනුගමනය කරයි.
වත්මන් මුදල් අමාත්‍යවරයා මේ තත්වය ඉදිරියේදී හෝ විමසිලිමත් ලෙස සලකා බලනු ඇතැයි සම්පත් ද සේරම් මහතා විශ්වාසය පල කරයි.
අලුත් අයගේ ත් වෙනසක් නැත.අලුත් අයත් කරන්නේද පරණ අය කල දේමය.කියන කතා සියල්ලම සමානය.
………………………………………………………..
තමර දර්ශන,සහකාර අධ්යක්ෂ ,අන්තරායකර ඖෂධ පිලිබඳ ජාතික මණ්ඩලය .
මත්ද්‍රව්‍ය භාවිතාවේ අභියෝග රැසකට ශ්‍රී ලංකාව මුහුණ දෙයි.මත්ද්‍රවය භාවිතය,ජාවාරම් ,මුදල් යෙදවීම නිසා අතඩංගුබට පත් වෙමින් සිටී.
Methamphetamine භාවිතය ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ඉහල යයි.
කාන්තාවන් මත්ද්‍රවය වලට ඉහල යයි.
බන්ධනාගාරගත වීම් වලින් 60%වඩා අය මත්ද්‍රව්‍ය නිසාය.
ප්‍රතිකාර හා පුනරුත්ථාපනය ට වාර්ෂිකව 2000 ක් 3000 අතර ඇතුළුවේ.
ඖෂධ වර්ග අවභාවිත කිරීමද වර්තමානයේ ඉහල යන ප්‍රවණතාවක් ඇත.තරුණයින් හා වීදි මට්ටමේ මෙය සිදු වුනත් සංඛ්‍යා ලේඛණ විරලය.අධි මාත්‍රා භාවිත කිරීම නිසා මිය යන අවස්ථා වාර්තා වේ.
මේ වන විට වට්ස් ඇප් මගින් දරුවන් අතර මත් ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සිදුවේ.
Face book හරහාද ගංජා ඇතුළුව මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ බහුලව පවතී.
මත්ද්‍රවය භාවිතය ලිංගිකත්වය සමග සම්බන්ධ කර ගනිමින් මත්ද්‍රවය භාවිතය ඉහල නංවති (උදා Methamphetamine )
නීති විරෝධී මත්ද්‍රව්‍ය,චොක්ලට් ,ග්‍රීන් ටී ,ටොෆි ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් ඇත.බොහෝවිට මේවා ගංජා ආශ්රිතය.
රජයේ හෝ පෞද්ගලික ආයතනවල වගකීම් දරන දැනුවත් අයත් ,ගර්භණී මව්වරුන් මත්ද්‍රවය භාවිතයට හුරු වීමේ ප්‍රවණතාවක් ඇත.
මෙය මහජන සෞඛ්‍යයට තර්ජනයකි.
ශ්‍රී ලංකාවේ වසරකට ප්රචණ්ඩ ක්‍රියා 600 ක් 700 ක් පමණ කෙලින්ම මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ අය අතින් වේ.
………………………………………………………..
මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ බුද්ධික අබේරත්න මහතා.
ගංජා නිසා ඇතිවූ මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන අය මානසික රෝග සායන වල පිරී පවතී.
ප්‍රධාන පෙලේ දුම්කොළ සමාගම් ගංජා කර්මාන්තයේ ආයෝජනය කරති.
මුල් කාලයේ සිගරැට් ප්‍රවර්ධනය පිණිස ගත් ක්රියාමාර්ගම ගංජා ප්‍රවර්ධනයට දැන් යොදා ගනී.
ඖෂධ ලෙස භාවිත කිරීම බොරුවට පෙන්වා නීතිගත කිරීම තායිලන්තයේ සිදුවිය.දැන් ඔවුන් එය ආපසු හැරවීමට උත්සහ කරති.
ආයුර්වේදය හා බෞද්ධාගම පසුපස හැංගී ගංජා ප්‍රවර්ධනය කෙරේ. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන හරහාද මේවා ප්‍රවර්ධනය වේ.
ලොලිපොප්,ටොෆි චොකලට් හරහා ගංජා ළමයින්ට ගංජා ප්‍රවර්ධනය කරති.
ආණ්ඩුවක් පත් වූ පසු එන ආණ්ඩුව ගංජා හා මත්ද්‍රවය ජාවාරම් කරුවන් අල්ලා ගනී.
විවිධ රටට වාසි ඇතැයි ආණ්ඩුව ඇන්දීමට ඔවුන් කටයුතු කරයි..
………………………………………………….
වෛද්‍ය ආසිරි කරුණානායක
තරුණ සෞඛ්‍ය වුර්තිකයින්ගේ සන්ධානය
ලොව ගිලගන්නා ගංජා ව්‍යාපාරයට ලංකාව ගිල නොගැනීමට කටයුතු කිරීම අපේ වගකීමකි.
කැනඩාව ගංජා නීතිගත කිරීමේ ආදීනව විඳිමින් සිටිති.
2022 දී ගංජා නීතිගත කල තායිලන්තයේ ජනතාව එය නැවත තහනම් කරන ලෙස ඉල්ලති.
ලංකාවේ ගංජා නීතිගත කිරීමට බහුතරයක් විරුද්ධ බව සමීක්ෂණ මගින් හෙලිවී ඇතැයි වෛද්‍ය ආසිරි කියයි.
ශ්‍රී ලංකාවේ ගංජා නීතිගත කිරීමට විරුද්ධවීම ශ්‍රී ලංකාවේ මානව හිතවාදී සටනකි.
…………………………………………………
වෛද්‍ය මනූජා පෙරේරා.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය..
නීතිගත කිරීම නිසා නීති විරෝධී භාවිතය අධර්යමත් වීම සිදු නොවන බව ගංජා නීතිගත කල කැනඩාවෙන් උදාහරණයක් දෙමින් වෛද්‍ය මංජුලා පෙන්වා දෙයි.
……………………………………………….
පැරණි ආණ්ඩු මෙන් නොව මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරම්.කරුවන්ගේ ගැටවලට හසු නොවනු ඇතැයි විශේෂඥ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා කියයි.
……………………………………………..
විශේෂඥ වෛද්‍ය මංජුලා පෙරේරා මහත්මිය කියා සිටින්නේ ඊ සිගරට් භාවිතය ශ්‍රී ලංකාවේ ඉහල යමින් පවතින බවයි.එය අධර්යමත් කිරීමට වහා මැදිහත් විය යුතුය.
……………………………………………………….
………………………………………………………
මාධ්‍ය හමුව සවස 01.00ට පමණ අවසන් විය.
The post අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි.මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුදල් අමාත්‍යවරයා ලෙස ඔබවත් අන්දවා ඇති බව පෙනේ.න්වත් මධ්‍යසාර ,දුම්වැටි බදු ,සමාගම් වලට වාසි නොවන ,ජනතාවට හිතවත් ලෙස පණවන හැටි ගැන සිතන්න..දැන් ඔබට දැන් ඒකට කාලය හොඳටම ඇති.SLMA වෙත රැස්වූ සෞඛ්‍ය වුර්තිකයින්, විද්වත් හු හඬ නගති..2025.01.23 (අද ) appeared first on PFP News.