පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්රඥප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදී වසර තුනක කාලයක් ගතවී ඇතත් මේ දක්වා අධ්‍යාපන බලධාරීන් ඒ සම්බන්ධයෙන් කල්.මරමින් විවිධ ප්‍රකාශ කරමින් ක්‍රියාවලියේ ඉදිරියට නොයාම.ගැන පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්ෂේත්රයේ විද්වතුන් දැඩි කණස්සල්ලට පත්ව සිටිති.
මීට පෙර අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටළු හා අධික පමාවීම් සිදුවන විට ඒවා වෙනුවෙන් දැඩි කැපවීමෙන් මැදිහත්ව ගැටළු නිරාකරණය කිරීමට ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකල වත්මන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද මේ සම්බන්ධයෙන් වත්මන් පමාව ගැන අවබෝධයක් නොමැති බව සිතෙන්නේ යැයි හෝ ඇයට මේ තත්වය වාර්තා වී නැතැයි සිතෙන බව පෙරකී පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන බලධාරීන් පැවසූහ. කෙසේ වෙතත් අධ්‍යාපන ලේකම්වරයා වන නාලක කළුවැව මහතාදුරකතන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කලත් එය ව්‍යර්ථව ගොස් ඇති පසුබිමක පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ජා කිරීමට දිනයක් යොදා ගැනීම පවා දින නියමයක් නොමැතිව කල් යන ස්වභාවයක් පෙනේ.
මෙහි වඩාත් බැරෑරුම් සහගත තත්වය වන්නේ පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් නිර්මාණය කර එය අපේ දරු පරපුරේ අභිවුර්ධිය වෙනුවෙන් කඩිනමින් මෙරට ක්‍රියාත්මක කල යුතුය යන ස්ථාවරයේ සිටිමින් වසර ගණනාවක් කැපවීමෙන් කටයුතු කල තැනැත්තිය මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සිහිනය පමණක් සිතෙහි දරා ගෙන තව මාස දෙකකින් එනම් මාර්තු මාසයේ විශ්‍රාම.යාමයි.ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසැල් සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකු බාලසූරිය මහත්මියයි.කෙසේ වෙතත් පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උනන්දුව දැඩිව තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය කල් මරමින් සිටියද මෙරට පාසැල් සිසුන් පෙලන සෞඛ්‍ය ගැටළු හා වැරදි සෞඛ්‍ය පුරුදු සීග්‍රයෙන් ඉහල යමින් පවතී.අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කල් මැරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට කරන හානියක් නොව ජාතියේ දරුවන්ට කරන බලවත් හානියකි…
උපුටා ගැනීම අවසන්…
ASP සටහන..
මෙය සමාජ මාධ්‍ය පුවතක් නිසා එහි සත්‍ය අසත්‍යතාව දැන ගැනීමට අපි විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකු බාලසුරිය මහත්මිය මේ දැන් ඇමතූවෙමු…
මේ ඒ ප්‍රශ්න හා පිළිතුරු යි..
දුරකතන නාද වී ඇය පිළිතුරු දෙයි..
හෙලෝ…මේ විශේෂඥ වෛද්‍ය අයේෂා මහත්මිය ද ?
ඔව් කතා කරනවා…
අපි මෙන්න මේ කරුණ ඇත්තක් ද දැනගන්න කතා කලේ…..
ඇය නිහඬය..
මැඩම්…ඔබට කතා කලේ….
ඇය නිහඬව සිට දිගු සුසුමක් (හීල්ලීමක්) පිටකරනු ඇසිනි..
හරි..මේ ගැන කියන්න බැරිනම් කියන්න ඔබතුමිය මාර්තුවේ විශාම යනවද ?
ම්…ඔව්..මම එහෙම.හිතා ඉන්නව..
එතකොට මෙච්චර කාලයක් මහන්සි වෙලා හදපු පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තිය …
ඒක…..අපි ඒක ගැන කතා නොකර ඉමු නේද ?
ඇය කීවාය..
මේ සමූහයේ ද සම්පත් දායකයින් වන අපේ හිතවත් ප්‍රායෝගික පරිපාලකයින් වන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අධ්‍යාපන ලේකම් නාලක කළුවැව යන සුන්දර මිනිසුන් දෙදෙනාගෙන් අපි එක් ඉල්ලීමක් කරමු..
මේ සමාජ මාධ්‍ය පුවත සත්‍ය නම් ….
තව දුරටත් මේ අසාධාරණ පමාවට ඉඩ තැබීම ඔබ වන් දෙදෙනෙකුට තරම් නැත..
Team Admin Aluth Suwa Puwath
අද දිනයේ විශ්වාසවන්ත සමාජා මාධ්‍ය ජාලාවක් වාර්තා කල පුවතක්..
උපුටා ගැනීම…
පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියට බාල ගිරි දෝෂය…අධ්‍යාපන බලධාරීන් නින්දෙන් අවදි කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගේ බෙහෙත් සැර මදිද ?

The post අද දිනයේ විශ්වාසවන්ත සමාජා මාධ්‍ය ජාලාවක් වාර්තා කල පුවතක්..උපුටා ගැනීම…පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තියට බාල ගිරි දෝෂය…අධ්‍යාපන බලධාරීන් නින්දෙන් අවදි කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගේ බෙහෙත් සැර මදිද ? appeared first on PFP News.